ශාරුජන් මංගල ශතකය වාර්තා කරයි

Major Club 03 Day League Tournament 2025

98
Major Club 3 Day Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ 2 වැනි දිනය (7) නිමාවේ දී Tamil Union කණ්ඩායම නියෝජනය කරන 19 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු ශාරුජන් ශන්මුගනාදන් තම පළමු පෙළ තරග දිවියේ මංගල ශතකය ලබා ගැනීමට සමත් වුණා.

Baduraliya කණ්ඩායමට එරෙහි ව වාර්තා වූ මෙම ඉනිම පන්දු 230කින් සමන්විත වූ ලකුණු 123ක්. ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ද එක් කර ගැනීමට ඔහු සමත් වෙනවා.

ඔහුට අමතර ව අද දවසේ දී දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, හිමාෂ ලියනගේ සහ පසිඳු සූරියබණ්ඩාර ද ශතකලාභීන්ගේ ලැයිස්තුවට එකතු වුණා.

ඒ අතුරින් දිනයේ හොඳම ඉනිම වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගන්නේ Colts කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්. ඔහු Chilaw Marians කණ්ඩායමට එරෙහි ව පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 152ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 179ක 36 වැනි ශතකයයි.

ඊට අමතර ව CCC කණ්ඩායමේ ධනංජය ද සිල්වා Nugegoda කණ්ඩායමට එරෙහි ව පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 117ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 147ක් වන පළමු පෙළ තරග දිවියේ 28 වැනි ශතකයයි.

ACE Capital කණ්ඩායමේ හිමාෂ ලියනගේ නොදැවී ලකුණු 106ක් ලබා ගන්නවා.

 Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව පන්දු 183කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී වාර්තා කරන ලද මෙම ශතකය ඔහුගේ පළමු පෙළ තරග 53කදී වාර්තා කළ 2 වැනි ශතකයයි.

Moors කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 13 වැනි ශතකය වන අතර ඔහු මේ ක්‍රීඩා කරමින් කරමින් සිටියේ තම පළමු පෙළ තරග දිවියේ 56 වැනි තරගයයි.

මේ අතර Chilaw Marians කණ්ඩායමේ කල්හාර සේනාරත්න (59), Nugegoda කණ්ඩායමේ ලොහාන් ද සොයිසා (51) සහ Tamil Union කණ්ඩායමේ සචිත ජයතිලක (51) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Nugegoda කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන මධුක ලියනපතිරණ ලකුණු 115කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව පෙර දිනයේ දී ද කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ Police කණ්ඩායමේ දිලුම් සුදීර අදත්  Panadura කණඩායමට එරෙහි ව ඔවුන්ගේ 2 වැනි ඉනිමේ දී ද කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

එමෙන් ම Kurunegala Youth කණඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන දිනුෂ්ක මාලන් (5/66) ද දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.

A කාණ්ඩය

Chilaw Marians CC සහ Colts CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 232 (65.3) ලසිත් ලක්ෂාන් 54, සකුණ ලියනගේ 20, කල්හාර සේනාරත්න 59, සිතුම් දිසානායක 27, හර්ෂ වික්‍රමසිංහ 4/44, අකිල දනංජය 3/77
  • Colts CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 329 (72.2) ශලින් ද මැල් 76, දිනේෂ් චන්දිමාල් 152, දුනිත් වෙල්ලාලගේ 28, ශෙරාන් ෆොන්සේකා 27, කල්හාර සේනාරත්න 2/61, කෞමාල් නානායක්කාර 3/62, මෙලන් හංසක 3/94

Colts කණ්ඩායම ලකුණු 97ක් ඉදිරියෙන්.

Nugegoda S & WC සහ CCC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.

  • CCC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 452 (97.0) ලසිත් කෲස්පුල්ලේ 21, සහන් කෝසල 75, ධනංජය ද සිල්වා 117, පවන් රත්නායක 98, සොනාල් දිනූෂ 37, නිශාන් පීරිස් නොදැවී 32, තිලකරත්න සම්පත් 2/109, මධුක ලියනපතිරණ 6/115
  • Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 141 (44.0) අවිශ්ක පෙරේරා 23, ලොහොන් ද සොයිසා 51, කෙවින් පෙරේරා නොදැවී 38, නිශාන් පීරිස් 3/36

Nugegoda කණ්ඩායම තවත් ලකුණු 311ක් පිටුපසන්.

Police SC සහ Panadura SC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (54.1) ඔෂද ප්‍රනාන්දු 45, සසිඳු මල්ශාන් 65, දුශාන් හේමන්ත 46, හිමේෂ් රාමනායක 2/35, නලින් ප්‍රියදර්ශන 2/34, දිලුම් සුදීර 5/77
  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (62.5) අශේන් බණ්ඩාර 24, විශාද් රන්දික 26, නිපුන් ප්‍රේමරත්න 24, දුශාන් විමුක්ති 4/33, නිමේෂ් විමුක්ති 2/26, අසංක මනෝජ් 3/42
  • Panadura SC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 194 (55.0) ඔෂද ප්‍රනාන්දු 47, ඉරෝෂ් සමරසූරිය 48, විශ්ව චතුරංග 34, ශාලිත් ප්‍රනාන්දු 23, කංචන ද ලිවේරා නොදැවී 41, දිලුම් සුදීර 5/84, නලින් ප්‍රියදර්ශන 2/35

Panadura කණ්ඩායම ලකුණු 235ක් ඉදිරියෙන්.

B කාණ්ඩය

Moors SC සහ BRC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

  • Moors SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 336 (100.0) සදීර සමරවික්‍රම 21, ජනිශ්ක පෙරේරා 27, සොහාන් ද ලිවේරා 38, පසිඳු සූරියබණ්ඩාර 100, රමේෂ් මෙන්ඩිස් 47, මිලාන් රත්නායක 35, සංතුශ් ගුණතිලක නොදැවී 23, මොහොඩම් ශිරාස් 2/42, ශෂික දුල්ශාන් 4/108
  • BRC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 26 (8.4) හෂාන් දුමිඳු නොදැවී 17

BRC කණ්ඩායම තවත් ලකුණු 310ක් පිටුපසින්.

Kurunegala Youth CC සහ ACE Capital CC අතර තරගය ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • ACE Capital CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 406 (122.3) පවන්ත වීරසිංහ 65, නිමේෂ් ගුණසිංහ 85, කවිඳු කුලසේකර 40, හිමාෂ ලියනගේ නොදැවී 106, වනුජ සහන් 32, රොෂාන් ජයතිස්ස 40, දිනුශ්ක මාලන් 5/66, චාමිකර එදිරිසිංහ 2/108
  • Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 70 (20.3) ගයාන් මනීශාන් 39, රොෂාන් ජයතිස්ස 2/10

Kurunegala Youth කණ්ඩායම තවත් ලකුණු 336ක් පිටුපසින්.

Tamil Union C & AC සහ Baduraliya CC අතර තරගය            කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 347 (108.2) නවෝද් පරණවිතාන 46, සිනෙත් ජයවර්ධන 22, මිනෝද් භානුක 23, ශාරුජන් ශන්මුගනාදන් 123, සචිත ජයතිලක 51, තරිඳු රත්නායක 35, කලණ පෙරේරා 21, බුද්ධික සංජීව 4/73, මාලින්ද පුෂ්පකුමාර 3/96
  • Baduraliya CC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 68 (26.0) ඩිල්ශාන් ද සොයිසා 28, රොශාන් විජේනායක නොදැවී 38

Baduraliya කණ්ඩායම තවත් ලකුණු 279ක් පිටුපසින්.

මෙම තරග සියල්ල හෙට (8) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<