පාකිස්තානය ආසියාවේ නැගී එන තරුව බවට පත් වෙයි

Asia Cup Rising Stars 2025

21

ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට පාකිස්තාන Shaheens කණ්ඩායම (23) සමත් වෙනවා. Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශ A කණ්ඩායම සහ පාකිස්තාන Shaheens කණ්ඩායම අතර පැවැති අවසන් මහා තරගයේ දී සුපිරි පන්දුවාරය තෙක් ගොස් තරගයේ විසඳුම තීරණය වුණා.  

මෙම අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී පාකිස්තාන Shaheens කණ්ඩායම සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 125ක් ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින් තරගයේ ලකුණු සම මට්ටමට ගෙන ආවා.  

ඒ අනුව තරගයේ ජයග්‍රහණය තීරණය කෙරෙන සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක වූ අතර ඉන් ජයග්‍රහණය කරන්නේ  පාකිස්තාන Shaheens කණ්ඩායමයි. මෙම තරගාවලියේ බංග්ලාදේශ A කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ ද සුපිරි පන්දුවාරයේ දී  ඉන්දීය A කණ්ඩායම ජයග්‍රහණය කරමින් වීම විශේෂත්වයක්.  

පාකිස්තාන Shaheens කණ්ඩායම  

Irfan Khan (නායක), Yasir Khan, Maaz Sadaqat, Mohammad Faiq, Ghazi Ghori (කඩුලු රකින්නා), Arafat Minhas, Saad Masood, Shahid Aziz, Sufiyan Muqeem, Ubaid Shah, Ahmed Daniyal 

 

බංග්ලාදේශ A කණ්ඩායම  

Akbar Ali (නායක සහ කඩුලු රකින්නා), Jishan Alam, Habibur Rahman Sohan, Yasir Ali, Rakibul Hasan, Mahidul Islam Ankon, SM Meherob, Mrittunjoy Chowdhury, Mahfuzur Rahman Rabby, Ripon Mondol, Abdul Gaffar Saqlain 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන Shaheens කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම දවා ගැනීමට බංග්ලාදේශ A කණ්ඩායම සමත් වෙනවා. අනතුරු ව 2 වැනි කඩුල්ල ඊළඟ පන්දුවාරයේ පළමු පන්දුවේ දී දැවී ගිය අතර ඉනිමේ තෙවැනි කඩුල්ල ද ලකුණු 25ක් වෙද්දී දවා ගැනීමට බංග්ලාදේශ A කණ්ඩායම සමත් වෙනවා.  

ඉන් අනතුරු ව සිව් වැනි කඩුල්ලට ලකුණු 24ක සබඳතාවක් ද සහ 7 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ද ලෙසයි පාකිස්තාන Shaheens කණ්ඩායමේ ලකුණු පුවරුව ගොඩ නැගුණේ. එහි දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Saad Masood. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා ගන්නවා. ඊට අමතර ව Arafat Minhas ලකුණු 25ක් ද සහ Maaz Sadaqat ලකුණු 23ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී Ripon Mondol ලකුණු 25කට කඩුලු 3ක් සහ Rakibul Hasan ලකුණු 16කට කඩුලු 2ක් දවා ගනිමින් වැඩි දක්ෂතා දක්වනවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායමේ ආරම්භය ද එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන් පළමු කඩුලු 5 දැවී යන විට ලබා සිටියේ ලකුණු 48ක් පමණයි. ඒ අනුව ගිය බංග්ලාදේශ A කණ්ඩායමේ කඩුලු 9ක් දැවී ලකුණු 96ක් ව තිබූ ඉනිම ලකුණු සම තත්ත්වය දක්වා රැගෙන යෑමට Abdul Gaffar Saqlain (නොදැවී 16) සහ Ripon Mondol (නොදැවී 11) සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව අවසන් කඩුල්ලට පන්දු 16ක දී ලකුණු 29ක සබඳතාවක් ගොඩ නගනවා.  

බංග්ලාදේශ A කණ්ඩායම් ඉනිමේ කඩුලු 3ක් Sufiyan Muqeem දවා ගනිද්දී ඊට අමතර ව Arafat Minhas සහ Ahmed Daniyal කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා. 

සුපිරි පන්දුවාරයේ පළමු ව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 6ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන Shaheens කණ්ඩායම පන්දු 4ක් තුළ ලකුණු 7ක් ලබා ගනිමින් තරගයෙන් ජයග්‍රහණය කරනවා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

පාකිස්තාන Shaheens කණ්ඩායම සියලුම දෙනා දැවී 125 (20.0) Maaz Sadaqat 23, Arafat Minhas 25, Saad Masood 38, Ripon Mondol 3/25, Rakibul Hasan 2/16

බංග්ලාදේශ A කණ්ඩායම – කඩුලු 9ක් දැවී 125 (20.0) Habibur Rahman Sohan 26, Rakibul Hasan 24, Arafat Minhas 2/05, Sufiyan Muqeem 3/11, Ahmed Daniyal 2/11

 

පාකිස්තාන Shaheens කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ දී ජය.  

  • තරගයේ වීරයා – Ahmed Daniyal (පාකිස්තාන Shaheens කණ්ඩායම) 
  • තරගාවලියේ වීරයා – Maaz Sadaqat (පාකිස්තාන Shaheens කණ්ඩායම) 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<