ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය 23 වැනි වරටත් සංවිධානය කළ DSI Supersports අන්තර් පාසල් වයස් කාණ්ඩ වොලිබෝල් ශූරතා තරගමාලාවේ වයස අවුරුදු 15න් පහළ බාලක ඉසව්ව වෙනුවෙන් පිරිනැමෙන කුසලාන මේසය ම දිනා ගැනීමට හලාවත සාන්ත මරියා විද්‍යාලය සමත් වුණා.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගමාලාවේ මෙම වයස් කාණ්ඩයේ මෙම අවසන් මහා තරගයට අමතර ව වයස අවුරුදු 11න් පහළ බාලක සහ බාලිකා, 13න් පහළ බාලක සහ බාලිකා මෙන් ම වයස අවුරුදු 15න් පහළ බාලිකා යන ඉසව්වන්වල ද අවසන් මහා තරග පැවැතියා.
වයස අවුරුදු 15න් පහළ බාලක ඉසව්වේ හලාවත සාන්ත මරියා විද්‍යාලය සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලයයි. එම විද්‍යාලය දෙක අතර පැවැති අවසන් මහා තරගයේ දී තරග වට 3-0ක ජයග්‍රහණයක් හලාවත සාන්ත මරියා විද්‍යාලය සතු කර ගත්තා. ඔවුන් මෙම තරගය අවසන් කළේ ලකුණු 25-9ක්, 25-7ක් සහ 25-12ක් ලෙසින් අවසන් කරමිනුයි.
නිමා වූ එම වයස් කාණ්ඩයේ 3 වැනි ස්ථානය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විසින් ද සහ සිව් වැනි ස්ථානය උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය විසින් ද දිනා ගත්තා.
- දක්ෂතම පන්දු ඔසවන්නා – ඒ. එම්. සදෙව් පබසර (සාන්ත මරියා විද්‍යාලය)
- දක්ෂතම ප්‍රහාරකයා – කේ. එම්. හංසජ දිදුල බණ්ඩාර (ශාන්ත මරියා විද්‍යාලය)
- දක්ෂතම පන්දු පිරිනමන්නා – ඩබ්ලිව්. ෂෙනෝල් ගැරින්ලෝව් (සාන්ත මරියා විද්‍යාලය)
- දක්ෂතම පිටිය රකින්නා – ඒ. සදෙව් නෙත්සර රොද්‍රිගෝ (සාන්ත මරියා විද්‍යාලය)
- දක්ෂතම පන්දු ආවරණය කරන්නා – එම් දෙනෙත් හිම්සර ප්‍රනාන්දු (සාන්ත මරියා විද්‍යාලය)
- දක්ෂතම ක්‍රීඩකයා – කේ. එම්. හංසජ දිදුල බණ්ඩාර (සාන්ත මරියා විද්‍යාලය)
- ශ්‍රී ලංකා යෞවනියෝ තෙවැනියෝ වෙයි
- කිරිගිස්තානය අත්‍යවශ්‍ය ම තරගයේ දී වාඩුව ගනී
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අභිමානනීය ජයක්
වයස අවුරුදු 11න් පහළ බාලිකා
මෙම වයස් කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සහ නාත්තඩිඩිය දුක්කන්නාව කනිෂ්ථ විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තා.
ඔවුන් අතර පැවැති එම තරගයේ දී තරග වට 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ධම්මිස්සර ජාතික පාසල සමත් වෙනවා. ලකුණු පුවරුව දැක් වුණේ 15-8ක් සහ 15-13ක් ලෙසයි.
මෙම ඉසව්වේ 3 වැනි ස්ථානය මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලය ද සහ සිව් වැනි ස්ථානය නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය විසින් ද දිනා ගන්නා ලදි.
- දක්ෂතම පන්දු ඔසවන්නිය – පී. එන්. ක්‍රිෂ්ණියා පෙරේරා (ධම්මිස්සර ජාතික පාසල)
- දක්ෂතම ප්‍රහාරිකාව – ඒ. එම්. ආර්. නෙත්‍යා කළුපහන (ධම්මිස්සර ජාතික පාසල)
- දක්ෂතම ක්‍රීඩිකාව – ආර්. එම්. ශයිනි මදහෂිනි (ධම්මිස්සර ජාතික පාසල)
වයස අවුරුදු 11න් පහළ බාලක
මෙම වයස් කාණ්ඩයේ පැවැති අවසන් මහා තරගය සඳහා බෙන්තොට ගාමිණි ජාතික පාසල සහ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය සුදුසුකම් ලබා තිබුණා. එහි දී ලකුණු 15-1ක් සහ 15-7ක් ලෙසින් තරග වට 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය සමත් වූවා.
මෙම ඉසව්වේ 3 වැනි ස්ථානය නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගත් අතර සිව් වැනි ස්ථානය නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය විසින් දිනා ගත්තා.
- දක්ෂතම පන්දු ඔසවන්නා – ඩී. නිමෙන් නිඳුවර (ඇල්පිටියට ප්‍රාථමික විද්‍යාලය)
- දක්ෂතමප්‍රහාරකයා – පී. ඩී. මිනෙව් නුත්මාන් (ඇල්පිටියට ප්‍රාථමික විද්‍යාලය)
- දක්ෂතම ක්‍රීඩකයා – යූ. හසේන් නිම්තරු (ඇල්පිටියට ප්‍රාථමික විද්‍යාලය)
වයස අවුරුදු 13න් පහළ බාලිකා
මෙම වයස් කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සහ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල සුදුසුකම් ලබා ගත් අතර එම කණ්ඩායම් දෙක අතර පැවැති අවසන් මහා තරගයේ දී තරග වට 2-0ක් ලෙසින් ජය්‍රහණය කිරීමට ධම්මිස්සර ජාතික පාසල සමත් වෙනවා. තරගයේ ලකුණු පුවරුව දැක් වුණේ 21-16ක් සහ 21-16ක් ලෙසයි.
නිමා වූ මෙම ඉසව්වේ 3 වැනි ස්ථානය ශ්‍රී රාහුල මහා විද්‍යාලය විසින් ද සිව් වැනි ස්ථානය ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය විසින් ද හිමි කර ගත්තා.
- දක්ෂතම පන්දු ඔසවන්නිය – ශෂිනි මදුෂිකා (ධම්මිස්සර ජාතික පාසල)
- දක්ෂතම ප්‍රහාරිකාව – යෙන්සදි ඉමායා (ධම්මිස්සර ජාතික පාසල)
- දක්ෂතම ක්‍රීඩිකාව – යෙන්සදි ඉමායා (ධම්මිස්සර ජාතික පාසල)
- 19න් පහළ CAVA කාන්තා වොලිබෝල් තරග කොළඹ දී
- රන්තරු සහ රත්නපාල රන් කුසලාන දිනා ගනී
- ශ්‍රී ලංකාව මධ්‍යම ආසියාවේ තෙවැනියා වෙයි
වයස අවුරුදු 13න් පහළ බාලක
වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය සහ ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය මෙම වයස් කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් අතර පැවැති එම තරගය, තියුණු අවසානයකින් අනතුරු ව ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කිරීමට සමවත් වෙනවා.
කණ්ඩායම් ද්විත්වය අතර පැවැති පළමු තරග වටය ලකුණු 21-18ක් ලෙසින් ධර්මපාල විද්‍යාලය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර දෙවැනි වටයේ ජයග්‍රහණය ලකුණු 21-20ක් ලෙසින් සාන්ත ජෝශප් විද්‍යාලය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. අනතුරු ව පැවැති තීරණාත්මක 3 වැනි වටයේ දී නැවත ලකුණු 21-12ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ධර්මපාල විද්‍යාලය සමත් වෙනවා. එ අනුව තරගයේ ජයග්‍රහණය 2-1ක් ලෙසින් ධර්මපාල විද්‍යාලය සතු වෙනවා.
ඉසව්වේ 3 වැනි ස්ථානය මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය විසින් ද සහ සිව් වැනි ස්ථානය වලස්මුල්ල ජාතික පාසල විසින් ද දිනා ගනු ලැබුවා.
- දක්ෂතම පන්දු ඔසවන්නා- ඒ. ජී. ටී. ප්‍රභූෂිත (ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය)
- දක්ෂතම ප්‍රහාරකයා- ආර්. ඉසුරු උදේශ් (සාන්ත ජෝශප් වාස් විද්‍යාලය)
- දක්ෂතම ක්‍රීඩකයා- යූ. ඒ. එන්. ඒ. උඩවත්ත (ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය)
වයස අවුරුදු 15න් පහළ බාලිකා
මෙම වයස් කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසල සහ මාබිම විද්‍යාකර මහා විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව ඔවුන් අතර පැවැති අවසන් මහා තරගයේ දී තරග වට 3-0කින් ලෙසින් ජනාධිපති ජාතික පාසල ජයග්‍රහණය හිමි කර ගත්තා.
තරගයේ පැවැති පළමු වටය ලකුණු 25-17ක් ලෙසින් ලෙහෙසියෙන් ම ජයග්‍රහණය කිරීමට ජනාධිපති ජාතික පාසල සමත් වූ අතර දෙවැනි වටයේ දී තියුණු තරගයක් ලබා දීමට මාබිම විද්‍යාකර විද්‍යාලය සමත් වීම කැපී පෙණුනා. ඒ අනුව එම වටය අවසන් වෙන්නේ ලකුණු 28-26ක් ලෙසින් ජනාධිපති ජාතික පාසල ම ජයග්‍රහණය කරමිනුයි. අවසන් වටයේ දී ද ඔවුන් ලකුණු 25-20ක් ලෙසින් ජයග්‍රහණය කරමින් මෙම ඉසවේ ජයග්‍රාහිකාවන් බවට පත් වෙනවා.
නිමා වූ එම වයස් කාණ්ඩයේ 3 වැනි ස්ථානය පානදුර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය විසින් ද සහ සිව් වැනි ස්ථානය කරුණෑගල මලියදේව ආදර්ශ මධ්‍ය මහා විද්‍යාලය විසින් ද ලබා ගන්නවා.
- දක්ෂතම පන්දු ඔසවන්නිය – එච්. පී. සිත්මි රන්දහරා (ජනාධිපති ජාතික පාසල)
- දක්ෂතම ප්‍රහාරිකාව – ජේ. එම්. රශ්මි මධුශිකා (ජනාධිපති ජාතික පාසල)
- දක්ෂතම පන්දු පිරිනමන්නිය – එච්. එම්. ටෂ්මිලා සිතුමිණි (ජනාධිපති ජාතික පාසල)
- දක්ෂතම පිටියට රකින්නිය – ජී. සයුරි අමායා සිල්වා (මාබිම විද්‍යාකර මහා විද්‍යාලය)
- දක්ෂතම පන්දු ආවරණය කරන්නිය – ආර්. ඩී. මන්දාරා මහේෂි (ජනාධිපති ජාතික පාසල)
- දක්ෂතම ක්‍රීඩිකාව – ආර්. ඩී. මන්දාරා මහේෂි (ජනාධිපති ජාතික පාසල)
දිවයින පුරා විසිරුණ පාසල් කණ්ඩායම් 3000කට අධික සංඛ්‍යාවක් වයස් කාණ්ඩ 5ක් යටතේ සහභාගී වූ මෙම තරගාවලියේ වයස අවුරුදු 17න් පහළ බාලක සහ බාලිකා වයස අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා තරග අද (16) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී ම පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<



























