6 වැනි තරගයට වර්ෂාව හරස් වෙයි

SLC T20 League 2025

71
SLC T20 League 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන විස්සයි විස්ස League ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය මෙන් ම තරගාවලියේ 6 වැනි තරගය අද (14) වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුණා.

Green කණ්ඩායම සහ Greys කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Green කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන්ට ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ පන්දුවාර 3කට පමණයි.

මෙම තරගයේ දී Greys කණ්ඩායම ප්‍රථම වරට රමේෂ් මෙන්ඩිස් මෙන් ම Green කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් ද මෙහෙය වූවා.

Team Greys

 

රමේෂ් මෙන්ඩිස් (නායක), නිරෝෂණ දික්වැල්ල (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ, ගරුක සංකේත්, මොවින් සුබසිංහ, මෙලන් හංසක, සහන් ආරච්චිගේ, ශෙවෝන් ඩැනියෙල්, සිනෙත් ජයවර්ධන සහ මිලාන් රත්නායක.

Team Green

 

කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, ප්‍රමෝද් මදුශාන්, ජනිත් ලියනගේ, දුලාජ් සමුදිත, තරිඳු රත්නායක, නිමේෂ් විමුක්ති, පවන් රත්නායක, ලහිරු මදුශංක සහ සොනාල් දිනූෂ.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Green කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වෙන්නේ කමිල් මිෂාර සහ නායක කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 15ක දී ලකුණු 39ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී කුසල් මෙන්ඩිස් පන්දු 4ක දී ලකුණු 2ක් ලබා සිටිය දී දැවී යන අතර ඔහුගේ පුරප්පාඩුවට පිටියට පිවිසියේ ලසිත් කෲස්පුල්ලේ. එතැන් සිට තරගය ක්‍රියාත්මක වූයේ තවත් පන්දු 3ක් යැවීම දක්වා පමණයි.

ඒ වෙද්දී වට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී කමිල් මිෂාර පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 37ක් සහ ලසිත්  කෲස්පුල්ලේ පන්දු 3කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 7ක් ලබා සිටියා.

Greys ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය ගරුක සංකේත් සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Green– කඩුල්ලක් දැවී 46 (3.0)කමිල් මිෂාර නොදැවී 37, ගරුක සංකේත් 1/09

තරගයේ විසඳුමක් නෑ.

විස්සයි විස්ස League ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග ඒ ලෙසින් අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය Green කණ්ඩායම සතු වුණා. ඔවුන් තරගාවලියේ සහභාගී වූ තරග 4න් 3ක් ජයග්‍රහණය කරමින් එක් තරගයක් නොවිසඳුණ තරගයක් ලෙසින් අතහැර දැමෙද්දී ප්‍රසාද ලකුණු 7ක් ලබා සිටියා. ඔවුන් ලබා සිටි ලකුණු ලබා ගැනීමේ දළ වේගය 2.196ක්.

එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය Greys කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් තරග 4ක දී තරග 2ක් ජයග්‍රහණය කරමින් තරගයක් පරාජය වෙමින් සහ අනෙක් තරගය නොවිසඳුණ තරගයක් සේ අතහැර දමමින් නිමා කළා. ඒ අනුව ඔවුන් ලබා සිටි ප්‍රසාද ලකුණු ප්‍රමාණය 5ක්.

තරගාවලියට සහභාගී වූ අනෙක් කණ්ඩායම වූ Blues ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේ දී කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ නැහැ.

ඒ අනු ව එම ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වය හිමිකර ගත් Green කණ්ඩයාම සහ Greys කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර එම තරගය මේ මස 16 වැනිදා SSC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<