Home Sinhala කුසල්, ධනංජය සහ ප්‍රභාත් බංග්ලාදේශයට වල කපයි

කුසල්, ධනංජය සහ ප්‍රභාත් බංග්ලාදේශයට වල කපයි

Bangladesh Tour of Sri Lanka

9
Bangladesh Tour of Sri Lanka

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය අවසන් වන විට බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 96ක් පිටුපසින් සිටියා.

තරගයේ 3 වැනි දිනය වූ අද (27) දිනය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 290ක් ලබා සිටියදීයි. ඒ ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 247ට පිළිතුරු ලෙසිනුයි.

ඒ වෙද්දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 146ක් ලබා සිටි අතර පෙර දිනයේ සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ පැතුම් නිස්සංකයි. ඔහු ඒ වෙද්දී පන්දු 254කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 158ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නායක ධනංජය ද සිල්වා ලකුණු 7කට ද සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 10කට ද දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 335ක් ලෙසයි.

අනතුරු ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් ගොඩ නැඟීමට කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් සමත් වෙනවා. කමිඳු මෙන්ඩිස් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමේ වගකීම තම කර මතට ගත් කුසල් මෙන්ඩිස් සොනාල් දිනූෂ (11) හා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 22ක සබඳතාවක් ද, තරිඳු රත්නායක (10) හා එක් ව 8 වැනි කඩුල්ලට ලකුණු 23ක සබඳතාවක් ද සහ විශ්ව ප්‍රනාන්දු (නොදැවී 2) හා එක් ව 9 වැනි කඩුල්ලට ලකුණු 29ක සබඳතාවක් ද ගොඩ නගනවා. මේ සෑම අවස්ථාවක දී ම කුසල් මෙන්ඩිස් වැඩි වාර ගණනක දී පිතිකරණයේ යෙදෙමින් තම කණ්ඩායම වෙනුවෙන් කළ මෙහෙය විශේෂිත වූවා.

ඔහු දුවද්දී දැවී යන විට පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 84ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 22 වැනි අර්ධ ශතකයයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 4 වැනි පන්දුවේ දී ඉනිමේ අවසන් පිතිකරු වූ අසිත ප්‍රනාන්දු ලකුණු නොලබා ම දැවී යනවා.

ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සියලුම දෙනා දැවී ලකුණු 458ක් ව පැවැතියා. කඩුලු දවා ගැනීමේ දී Taijul Islam ලකුණු 131කට කඩුලු 5ක් ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව  Nayeem Hasan කඩුලු 3ක් ද, Nahid Rana කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 211ක් පසු පස සිටිමින් තම 2 වැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලබා සිටියේ ලකුණු 115ක් පමණයි. එහි දී ධනංජය ද සිල්වා ලකුණු 13කට කඩුලු 2ක් ද සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 47කට කඩුලු 2ක් ද දවා ගනිමින් බංග්ලාදේශ ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදීන් බවට පත් වුණා.

බංග්ලදේශ ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 31 දී දැවී ගිය අතර අනතුරු ව 3 වැනි කඩුල්ලට ලකුණු 32ක සබඳතාක් එක් කිරීමට Mominul Haque සහ නායක Najmul Hossain Shanto සමත් වෙනවා.

Mominul Haque ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටි අතර Najmul Hossain Shanto සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් ව සිටියා.

බංග්ලාදේශ ඉනිමේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා වුයේ Mushfiqur Rahim. ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.

දිනය අවසන් වන විට Litton Das පන්දු 39කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 13ක් සහ Mehidy Hasan Miraz පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරියට අමතර ව තරිඳු රත්නායක සහ අසිත් ප්‍රනාන්දු ට එක් කඩුල්ල බැගින් හිමි වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 247 (79.3)Shadman Islam 46, Mominul Haque 21,  Mushfiqur Rahim 35, Litton Das 34, Mehidy Hasan Miraz 31, Nayeem Hasan 25, අසිත ප්‍රනාන්දු 3/51, විශ්ව ප්‍රනාන්දු 2/45, සොනාල් දිනූෂ 3/22
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 458 (116.5)පැතුම් නිස්සංක 158, ලහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93, කමිඳු මෙන්ඩිස් 33, කුසල් මෙන්ඩිස් 84,Taijul Islam 5/131, Nayeem Hasan 3/87
  • බංග්ලාදේශය – දෙවැනිඉනිම කඩුලු 6ක්දැවී 115 (38.4) Anamul Haque 19, Najmul Hossain Shanto 19, Mushfiqur Rahim 26, ප්‍රභාත් ජයසූරිය 2/47, ධනංජය ද සිල්වා 2/13

හෙට (28) තරගයේ 4 වැනි දිනයයි.

Live

Sri Lanka
458/10 (116.5)

Bangladesh
247/10 (79.3) & 121/7 (40)

Batsmen R B 4s 6s SR
Shadman Islam c Dhananjaya de Silva b Tharindu Rathnayake 46 93 7 0 49.46
Anamul Haque b Asitha Fernando 0 10 0 0 0.00
Mominul Haque c Pawan Rathnayake b Dhananjaya de Silva 21 39 3 0 53.85
Najmul Hossain Shanto c Kusal Mendis b Vishwa Fernando 8 31 0 0 25.81
Mushfiqur Rahim c Vishwa Fernando b Sonal Dinusha  35 75 5 0 46.67
Liton Das c Kusal Mendis b Sonal Dinusha  34 56 2 1 60.71
Mehidy Hasan Miraz c Kamindu Mendis b Vishwa Fernando 31 42 3 0 73.81
Nayeem Hasan b Asitha Fernando 25 51 2 0 49.02
Taijul Islam c Dinesh Chandimal b Sonal Dinusha  33 60 5 0 55.00
Ebadot Hossain lbw b Asitha Fernando 8 13 1 0 61.54
Nahid Rana not out 0 7 0 0 0.00


Extras 6 (b 3 , lb 3 , nb 0, w 0, pen 0)
Total 247/10 (79.3 Overs, RR: 3.11)
Bowling O M R W Econ
Asitha Fernando 18 2 51 3 2.83
Vishwa Fernando 19 4 45 2 2.37
Tharindu Rathnayake 17 1 72 1 4.24
Prabath Jayasuriya 11 0 36 0 3.27
Dhananjaya de Silva 5 0 15 1 3.00
Sonal Dinusha  9.3 3 22 3 2.37
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Anamul Haque b Taijul Islam 158 254 19 0 62.20
Lahiru Udara lbw b Taijul Islam 40 65 4 0 61.54
Dinesh Chandimal c Liton Das b Nayeem Hasan 93 153 10 1 60.78
Prabath Jayasuriya c Mehidy Hasan Miraz b Nahid Rana 10 39 1 0 25.64
Dhananjaya de Silva lbw b Taijul Islam 7 10 1 0 70.00
Kamindu Mendis b Nayeem Hasan 33 41 5 0 80.49
Kusal Mendis run out (Ebadot Hossain) 84 87 8 2 96.55
Sonal Dinusha  b Nayeem Hasan 11 16 1 0 68.75
Tharindu Rathnayake c Anamul Haque b Taijul Islam 10 20 0 1 50.00
Vishwa Fernando not out 2 13 0 0 15.38
Asitha Fernando c Shadman Islam b Taijul Islam 0 4 0 0 0.00


Extras 10 (b 4 , lb 4 , nb 1, w 1, pen 0)
Total 458/10 (116.5 Overs, RR: 3.92)
Bowling O M R W Econ
Ebadot Hossain 14 0 55 0 3.93
Taijul Islam 42.5 4 130 5 3.06
Nahid Rana 20 1 94 1 4.70
Mehidy Hasan Miraz 20 1 75 0 3.75
Nayeem Hasan 18 4 87 3 4.83
Mominul Haque 2 0 8 0 4.00


Batsmen R B 4s 6s SR
Shadman Islam c Lahiru Udara b Prabath Jayasuriya 12 24 2 0 50.00
Anamul Haque c Pawan Rathnayake b Asitha Fernando  19 19 2 1 100.00
Mominul Haque c Kamindu Mendis b Dhananjaya de Silva 15 33 2 0 45.45
Najmul Hossain Shanto lbw b Dhananjaya de Silva 19 48 1 1 39.58
Mushfiqur Rahim b Prabath Jayasuriya 26 53 2 0 49.06
Liton Das c & b 14 43 0 0 32.56
Mehidy Hasan Miraz lbw b Tharindu Rathnayake 12 16 1 0 75.00
Nayeem Hasan not out 3 3 0 0 100.00
Taijul Islam not out 1 1 0 0 100.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 121/7 (40 Overs, RR: 3.02)
Bowling O M R W Econ
Asitha Fernando 8 1 22 1 2.75
Vishwa Fernando 6 3 16 0 2.67
Prabath Jayasuriya 16 2 50 3 3.12
Dhananjaya de Silva 4 1 13 2 3.25
Sonal Dinusha  3 1 7 0 2.33
Tharindu Rathnayake 3 0 13 1 4.33



දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<