දකුණු කොරියාවේ Gumi හිදි පැවැත්වීමට නියමිත 2025 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) දකුණු කොරියාව වෙත පිටත්ව ගියා.
හෙට (27) සිට ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය එළඹෙන 31 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
26 වැනි වරට මෙවර ක්‍රියාත්මක වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීට පෙර පැවැත්වූ තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් විශිෂ්ට දක්ෂතා දක්වමින් රන් පදක්කම් තුනක් සමඟ සමස්ත පදක්කම් 08ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ගිය වර ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ තරුෂි කරුණාරත්න මෙවර තරගාවලියට සහභාගී නොවනු ඇති.
නමුත් මෙවර තරගවාරය තුළ පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කරමින් ලෝක මට්ටමේ ඉහළ දක්ෂතා දක්වමින් සිටින සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග විසින් ශ්‍රී ලංකාවට නව පදක්කම් බලාපොරොත්තු රැගෙන විත් තිබෙනවා.
එමෙන්ම ලෝක මට්ටමෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ යුපුන් අබේකෝන් මෙන්ම, මෑතක සිට යුපුන්ව පවා අභියෝගයට ලක් කරනා චමෝද් යෝධසිංහ ආසියාවේ වේගවත් ම ධාවකයා වීමේ අරමුණින් මෙවර ධාවන පථයට පිවිසෙනු ඇති.
එමෙන්ම සුපුරුදු පරිදි අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව් සඳහා පදක්කම් බලාපොරොත්තු දල්වමින් සිටින අතර, නදීශා රාමනායක එහි කාන්තා අංශය වෙනුවෙන් සහභාගී වනවා.
මේ අතර කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කරමින් ගිය වර ආසියාව ජය ගත් නදීශා ලේකම්ගේ මෙවරත් සිය රන් පදක්කම රැක ගැනීමේ බලාපොරොත්තුව සමඟ තරග බිමට පිවිසීමට නියමිතයි.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ශ්‍රී ලංකා සංචිතය
මලල ක්‍රීඩකයින් සහ සහභාගී වීමට නියමිත ඉසව්
- යුපුන් අබේකෝන් (100m, 200m, 100×4m)
- චමෝද් යෝධසිංහ (100m, 100×4m)
- කාලිංග කුමාරගේ (200m, 400m, 400×4m, 400×4m Mixed)
- අරුණ දර්ශන (400m, 400×4m, 400×4 Mixed)
- ලෙසඳු අර්ථවිදු (උස පැනීම)
- සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම)
- රුමේෂ් තරංග (හෙල්ල විසි කිරීම)
- මෙරෝන් විජේසිංහ (100×4m)
- දෙනෙත් වීරරත්න (100×4m)
- චමෝද් දිසානායක (100×4m)
- සදෙව් රාජකරුණා (400×4m, 400×4 Mixed)
- කල්හාර ඉන්දූප (400×4m, 400×4 Mixed)
- ඔමෙල් සසින්ත සිල්වා (400×4m, 400×4 Mixed)
මලල ක්‍රීඩිකාවන් සහ සහභාගී වීමට නියමිත ඉසව්
- රසාරා විජේසූරිය (10000m, 5000m)
- නදීශා ලේකම්ගේ (හෙල්ල විසි කිරීම)
- නිශේන්ද්‍රා ද සිල්වා (400m, 400×4m, 400×4 Mixed)
- නදීශා රාමනායක (400m, 400×4m, 400×4 Mixed)
- සයුරි මෙන්ඩිස් (400×4m, 400×4 Mixed)
- ජයේශි උත්තරා (400×4m, 400×4 Mixed)
- ජිත්මා විජේතුංග (400×4m, 400×4 Mixed)
මෙම තරග ඉසව් පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<