බංග්ලාදේශ පුහුණු තරගයට දෙව්මි ඇතුළු 15ක්

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1719
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමක් නම් කර තිබෙනවා.

මෙම පුහුණු තරගය හෙට (අප්‍රේල් 27) කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. සත්‍යා සංදීපනි විසින් කණ්ඩායමේ නායකත්වය දරණ අතර කෞෂිනි නුත්‍යංගා උපනායිකාව ලෙස කටයුතු කරනවා.

සංචිතය: සත්‍යා සංදීපනී ©, කෞෂිනි නුත්‍යාංගනා (උපනායිකා), උමේෂා තිමාෂිනි, පියුමි වත්සලා, දෙව්මි විහංඟා, සචිනි නිසංසලා, මධුෂිකා මෙත්තානන්ද, නෙත්මි සේනාරත්න, තාරුකා ශෙහානි, නිමේෂා මධුෂානි, මල්කි මදාරා, අමන්දි විජේසිංහ, සඳුනි නිසංසලා, නිලක්ෂණා සඳමිනි, නවෝද්‍යා නේත්මි.

මෙම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<