ආසියාව ජය ගන්න යන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කරයි

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

330

මේ වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

සංචිතයේ නායකත්වය සඳහා ගයාංජලී අමරවංස තෝරාපත් කරගෙන තිබෙන අතර උපනායකත්වය හිමිව තිබෙන්නේ දුලංගි වන්නිතිලක වෙතයි.

මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවය සැප්තැම්බර් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය: ගයාංජලී අමරවංශ (නායිකාව), දුලංගි වන්නිතිලක (උපනායිකා), තර්ජිනී සිවලිංගම්, හසිතා මෙන්ඩිස්, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, සේමිණී අල්විස්, දීපිකා දර්ශනි, භාෂිනී ද සිල්වා, මල්මි හෙට්ටිආරච්චි, ඉදුෂා ජනනි, රශ්මි දිව්‍යාංජලී

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<