ලසිත්, ප්‍රශාන්, මොවින් සහ දුවිඳු දක්ෂතා දක්වයි

Major Club Limited Over Tournament 2022

763
Major Clubs 50 Over Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (29) නිමා වූ තරගවල දී ලසිත් කෲස්පුල්ලේ, ප්‍රශාන් වික්‍රමසිංහ, මොවින් සුබසිංහ සහ දුවිඳු තිලකරත්න දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වුනා.

Ace Capital නියෝජනය කරන කෲස්පුල්ලේ පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් Police SC කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 100ක් ලබා ගත් අතර Bloomfield නියෝජනය කරන ප්‍රශාන් පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් Lankan කණ්ඩායමට එරෙහිව ලකුණු 103ක් ලබා ගත්තා.

Sri Lanka Air Force නියෝජනය කරන මොවින් CCC කණ්ඩායමට එරෙහිව පන්දු 65ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් ඉක්මන් ලකුණු 103ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී BRC කණ්ඩායමේ වමතින් දඟපන්දු යැවූ දුවිඳු Ragama කණ්ඩායමට එරෙහිව ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වුනා.

Group A

Kalutara Town Club සහ Moors SC අතර තරගය දොඩංගොඩ යුද හමුදා පිටියේ දී

  • Kalutara – සියලුම දෙනා දැවී 80 (34) ඉංසක සිරිවර්ධන 14, මිලාන් රත්නායක 4/31, චානුක ඩිල්ශාන් 3/16, ධනුෂ්ක මධුශංක 2/12
  • Moors – කඩුලු 3ක් දැවී 83 (18.4) පබසර වඩුගේ 15, දිනුක ඩිල්ශාන් 27

Moorsට කඩුලු 7ක ජයක්

Ace Capital SC සහ Police SC අතර තරගය Police පිටියේ දී

  • Police – සියලුම දෙනා දැවී 182 (43.5) අශේන් බණ්ඩාර 20, චාමර සිල්වා 70, නදීර බාලසූරිය 34, නිම්සර අතරගල්ල 4/41, ලසිත් කෘaස්පුල්ලේ 2/30, චානක දේවින්ද 2/35
  • Ace Capital – කඩුලු 2ක් දැවී 184 (30.5) ලසිත් කෘaස්පුල්ලේ නොදැවී 100, තනුක දාබරේ 40, ෂෙහාන් ප්‍රනාන්දු 28

Ace Capital කඩුලු 8ක ජයක්

Bloomfield C & AC සහ Lankan CC අතර තරගය Bloomfield පිටියේ දී

  • Lankan – සියලුම දෙනා දැවී 160 (48.5) කසුන් අබේරත්න 23, ඩෙවින් පත්මනාතන් 23, ඉෂාන් රංගන 32, යසිරු රොද්‍රගෝ 36, මාලින්ද පෙරේරා 3/28, Yashpal Singh 2/22
  • Bloomfield – කඩුලු 3ක් දැවී 161 (32.3) රමේෂ් නිමන්ත 33, ප්‍රශාන් වික්‍රමසිංහ 103, මිරංග වික්‍රමගේ 2/32

Bloomfieldට කණ්ඩායමට කඩුලු 7ක ජයක්

SSC සහ Colts CC අතර තරගය SSC පිටියේ දී

  • SSC – කඩුලු 8ක් දැවී 256 (50) නිපුන් ධනංජය 26, ක්‍රිශාන් සංජුල 92, සම්මු අශාන් 55, දසුන් ශානක 26, රනුල සෝමරත්න 21, විනුජ රන්පුල් 4/47, අකිල ධනංජය 2/42
  • Colts – සියලුම දෙනා දැවී 256 (50) සංගීත් කුරේ 66, ධනංජය ලක්ෂාන් 68, රවිඳු රසාන්ත 39, මුදිත ලක්ෂාන් 24, කළණ පෙරේරා 2/28, නිපුන් ධනංජය 4/29

තරගය ලකුණු සම වීමෙන් නිමා වේ.

Sebastianites C & AC සහ Tamil Union C & AC අතර තරගය P. Sara Oval පිටියේ දී

  • Sebastianites – සියලුම දෙනා දැවී 128 (35.4) තෙවිඳු සේනාරත්න 23, ප්‍රමෝද් මධුශාන් 2/30, ඉසුරු උදාන 3/38, නවෝද් පරණවිතාන 4/17
  • Tamil Union – කඩුලු 6ක් දැවී 133 (21) රොන් චන්ද්‍රගුප්ත 22, සදීර සමරවික්‍රම 30, ඉසුරු උදාන නොදැවී 37, තරිඳු රත්නායක 4/49

Tamil Union කඩුලු 4ක ජයක්

NCC සහ Baduraliya SC අතර තරගය NCC පිටියේ දී

  • Baduraliya – කඩුලු 6ක් දැවී 213 (50) දුනිත් ජයතුංග 31, Zahid Mansoor 54, අනුක් ප්‍රනාන්දු 30, ගිහාන් රූපසිංහ නොදැවී 23, ලක්මාල් ද සිල්වා නොදැවී 35, අශේන් ඩැනියෙල් 2/52
  • NCC – සියලුම දෙනා දැවී 211 (49.5) උපුල් තරංග 20, ජොහාන් ද සිල්වා 30, සහන් ආරච්චිගේ 44, අම්ෂි ද සිල්වා 21, සචිඳු කොළඹගේ 23, ලක්මාල් ද සිල්වා 2/40, තමිඳු වික්‍රමාරච්චි 3/26

Baduraliya ලකුණු 2ක ජයක්

Group B

Chilaw Marians CC සහ Galle CC අතර තරගය කොළඹ, R. Premadasa පිටියේ දී

  • Galle – සියලුම දෙනා දැවී 217 (49.1) ඩිල්ශාන් කාංචන 25, සමීන් කඳනාරච්චි 25, විනුර දුල්සර 37, හරීන් බුද්ධිල 40, රවිශ්ක විජේසිරි 30, කේශර නුවන්ත 2/49, පුලින තරංග 3/40
  • Chilaw Marians – කඩුලු 2ක් දැවී 218 (39.3) කසුන් විදුර නොදැවී 71, Gaurav Jathar නොදැවී 98

Chilaw Marians කඩුලු 8ක ජයක්

BRC සහ Ragama CC අතර තරග BRC පිටියේ දී 

  • BRC – කඩුලු 9ක් දැවී 220 (50) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, තිලකරත්න සම්පත් 51, දුශාන් හේමන්ත 24, දනාල් හෙමානන්ද නොදැවී 43, විකුම් සංජය 26, ශෂික දුල්ශාන් 4/44, කල්හාර සේනාරත්න 3/24
  • Ragama – සියලුම දෙනා දැවී 167 (39.3) නිශාන් මධුශ්ක 36, යොහාන් ලියනගේ 25, ලහිරු දෙවටගේ 32, ඉෂාන් ජයරත්න 24, දුවිඳු තිලකරත්න 5/26, මල්ක මධුශංක 2/11

BRC ලකුණු 53ක ජයක්

Sri Lanka Army SC සහ Sri Lanka Navy SC අතර තරගය පනාගොඩ යුද හමුදා පිටියේ දී

  • Navy – සියලුම දෙනා දැවී 102 (44.2) ලහිරු ජයකොඩි 30, මධුර මධුශංක 33, සීක්කුගේ ප්‍රසන්න 3/13, කෞමාල් නානායක්කාර 2/19, සුමින්ද ලක්ෂාන් 2/24, අසේල ගුණරත්න 2/21
  • Army – කඩුලු 4ක් දැවී 103 (21.2) ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 23, අසේල ගුණරත්න 26, සුමින්ද ලක්ෂාන් නොදැවී 33, මධුර මධුශංක 2/28, සුදාර දක්ෂින 2/40

Army SCට කඩුලු 6ක ජයක්

Sri Lanka Air Force SC සහ CCC අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී

  • Air Force – සියලුම දෙනා දැවී 154 (31.1) මොවින් සුබසිංහ 103, නුවන් තුෂාර 2/24, ලක්ශාන් සඳකැන් 2/33, අශාන් ප්‍රියන්ජන් 2/02
  • CCC – කඩුලු 3ක් දැවී 155 (24.3) නිමේෂ ගුණසිංහ 26, මිනෝද් භානුක නොදැවී 64, පවන් රත්නායක 47

CCC කඩුලු 7ක ජයක්

Panadura SC සහ Kurunegala Youth CC අතර තරගය පානදුර පිටියේ දී

  • Kurunegala Youth – සියලුම දෙනා දැවී 224 (49.5) ගයාන් මනීෂාන් 58, දුලාජ් රණතුංග 74, මුදිත ප්‍රේමදාස 23, ලහිරු ජයරත්න 32, ධනුෂ්ක රණසිංහ 2/28, කොශාන් ධනුෂ්ක 2/45, තරිඳු කෞෂාල් 3/27
  • Panadura – සියලුම දෙනා දැවී 211 (48.1) උමේෂ් කසුන් 56, රොෂාන් විජේනායක 37, සංජය චතුරංග 47, කොශාන් ධනුෂ්ක 21, ලහිරු ජයරත්න 2/25, අසිත වන්නිනායක 3/27

Kurunegala Youth CC ලකුණු 13ක ජයක්

Negombo CC සහ Kandy Customs SC අතර තරගය කටුනායක FTZ  පිටියේ දී

  • Negombo – සියලුම දෙනා දැවී 161(46.5) අමෝද විදානපතිරණ 21, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 46, සුධීර වීරරත්න නොදැවී 45, අයේෂ් හර්ෂණ 2/26, මිතුන් ජයවික්‍රම 3/37, පසන් පෙතංගොඩ 4/22
  • Kandy Customs – කඩුලු 7ක් දැවී 162 (38.1) සජිත් ප්‍රියාල් 52, විශ්ව විජේරත්න 45, රශ්මික මධුශංක 35, ධනුෂ්ක සඳරුවන් 3/20, පසිඳු උස්හෙට්ටිගේ 2/40

Kandy Customsට කඩුලු 3ක ජයක්

තරගාවලියේ තවත් තරග 12ක් ජුලි 01 වැනිදා පැවැත්වීමට නියමිත අතර එම තරගවලත් උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<