IPL දින්න Pandyaගේ මීළඟ සිහිනය

3319
CricketAddictor

IPL අවසාන තරග පහක් ක්‍රීඩා කරමින් IPL කුසලාන පහක් ජයග්‍රහණය කරන්නට ඉන්දීය සුපිරි ක්‍රීඩක Hardik Pandya ඊයේ (29) සමත් වුනා. ඒ Gujarat Titans කණ්ඩායමේ නායකයා ලෙස එම කණ්ඩායමේ මංගල තරග වාරයේ දී ම IPL ශූරතාවය දිනා ගනිමිනුයි.

තරගයේ වීරයා සම්මානය ද දිනා ගත් Hardikගෙන් ඔහුගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව විමසා සිටි විට ඔහු පවසා සිටියේ, ඉන්දියාව සමඟ ලෝක කුසලානයක් දිනීම තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි.

මොනවා වුනත් ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක් දිනීම මීළඟ බලාපොරොත්තුව”, Hardik පවසා සිටියා. “මට දෙන්න පුළුවන් උපරිමය දෙන්න මම සුදානම්. මම හැමතිස්සෙම එහෙම කෙනෙක් කණ්ඩායම පළමු කොට සලකපු. මගේ ඉලක්කය සරලයි.”

කොච්චර තරග ක්‍රීඩා කළත් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන එක තමා හැමදාම සිහිනය. මට රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීම සතුටක්. දිගුකාලීන වේවා කෙටි කාලීන වේවා මොනවා වුනත් මට ලෝක කුසලානය දිනන්න ඕනේ.”

Mumbai Indians සමඟ Hardik සිව්වතාවක් අවසන් මහා තරගයට පැමිණ ජයග්‍රහණ කර තිබෙන අතර දැන් Gujarat Titans සමඟත් ඔහු එම දක්ෂතාවයම දක්වා තිබෙනවා. ඒ පිළිබඳවත් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා තිබුණා.

අනිවාර්යෙන්ම, මේක ටිකක් විශේෂයි මොකද මම නායකයෙක් විදියටයි දිනුවේ. කලින් අවස්ථා හතරත් විශේෂයි. IPL ජයග්‍රහණය කරන එක කොහොමත් විශේෂයි. මට බොහොම වාසනාවන්තයි පස් පාරක් අවසන් මහා තරග ක්‍රීඩා කරලා පස් පාරක් ජයගෙන තිබීම පිළිබඳව. අපි ඉතිහාසගත වෙයි පළමු වතාවට ක්‍රීඩා කරලා ශූරයෝ වුණු එක නිසා. නමුත් මම දිනපු අනෙක් අවස්ථා හතරත් විශේෂයි.”

මිනිස්සු කියනවා විස්සයි විස්ස කියන්නේ පිතිකරුවන්ගේ සෙල්ලම් කියලා, නමුත් මම හැමතිස්සෙම හිතුවේ පන්දු යවන්නන් තමා තරගය දිනවන්නේ කියන එක ගැන. මොකද පිතිකරුවන් හොඳින් ලකුණු රැස් කළේ නැතත් ඔබට හොඳ පන්දු යවන්නන් ඉන්නවා නම් ඔබට දේවල් වෙනස් කරන්න පුළුවන්. අපි හැමතිස්සෙම ලකුණු 10ක් විතර අඩුවෙන් තමා දුන්නේ. අනෙක් අය ලකුණු 190ක් දෙනකොට අපි ඊට වඩා අඩුවෙන් දුන්නේ. ඒ ලකුණු 10 තමා තරගයක් වෙනස් කළේ.”

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<