උපුල් තරංගට කොරෝනා ආසාදනය වෙයි

183

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

නිමා වූ Road Safety World Series තරගාවලියේ දී ශ්‍රී ලංකා legends කණ්ඩායම නියෝජනය කළ තරංග මෙම මස 04 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා Greats XI සහ වත්මන් ක්‍රීඩකයන්ගෙන් සැඳුම්ලත් ‘Team ශ්‍රී ලංකා’ අතර තරගයේ Greats XI කණ්ඩායමට ද නම් කර තිබුණා.

එම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා Greats XI කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුගිය දා පුහුණු සැසියක් පවත්වා තිබූ අතර උපුල් තරංග එම පුහුණු සැසියට ද සහභාගී වී සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම මෙම සිදුවීම සහ රටේ දැනට පවතින අයහපත් සෞඛ්‍ය තත්වය නිසාවෙන් COVID-19 අරමුදලට ආධාර එකතු කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ එම තරගය කල්දැමීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

2005 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත් තරංග ටෙස්ට් තරග 31ක්, එක්දින තරග 235ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළා.

එමෙන්ම 2016 වසරේ සිට අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ද ඔහුට හිමි වූ අතර 2021 පෙබරවාරි මාසයේ දී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<