ශ්‍රී ලංකා ක්‍රීඩාවට ඉම්රාන් ඛාන්ගෙන් මිලියන 52ක්

671

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු සුපිරි ක්‍රීඩක ඉම්රාන් ඛාන් සහ වර්තමාන ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් ඊයේ (24) පැවැත්වුනා.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර වෙළෙඳ, ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශවීක සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඉම්රාන් ඛාන් මැතිතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය 23 වැනිදා මෙරටට පැමිණියා.

එම පැමිණි පිරිස වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ගරු නාමල් රාජපක්ෂ මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී ඊයෙ (24) පැවති අතර එය සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සහභාගි වී සිටියා.

තවත් ක්‍රීඩා පුවත් කියවන්න: 

එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙත කිරිමණ්ඩල මාවතේ ඉදිකිරීමට නියමිත ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය පිළිබඳව සහ ක්‍රීඩා දත්ත විශ්ලේෂක කේන්ද්‍රය සහ ක්‍රීඩා විද්‍යාගාරය පිළිබඳව තොරතුරු දැනුවත් කළ අතර එමගින් මෙම කලාපයේ ක්‍රීඩකයන්ගේ උසස් දක්ෂතා ගොඩනැගීම පිළිබඳව අදහස් දක්වා සිටියා.

එමෙන්ම පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මෙරට අග්‍රාමාත්‍යවරයා ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් අතර 23 වැනිදා පැවති සාකච්ඡාවේ දී මෙරට ක්‍රීඩා යටිතල පහසුකම් නැංවීමට පාකිස්තාන රුපියල් මිලියන 52ක් ලබා දීමටත්, ඉදිරියේ දී වැඩි වශයෙන් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහතික වී ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<