ටෙස්ට් නීති වෙනස් කිරීම ගැන ස්ටෝක්ස්ගේ අප්‍රසාදය

195

එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පසුගිය දා පවසා සිටියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති අනාගතයේ වෙනස් වන්නේ නම් එය “ලෙහෙසි ක්‍රිකට්” ලෙස නම් කළ යුතු බවයි. 2019 අළුබඳුන ටෙස්ට් තරගාවලියේ හෙඩින්ග්ලි හිදී පැවති ටෙස්ට් තරගයේ දී ස්ටොක්ස් ටෙස්ට් ක්‍රීඩාවේ අපූර්වත්වය ලොවට විදහා දැක්වූයේ අනගි ශතකයක් සමඟින්.

තවත් විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකුගේ ප්‍රාන්ත ගිවිසුම් අහෝසි!

මෙම වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත එංගලන්ත ප්‍රාන්ත පළමු ක්‍රිකට් තරගාවලිය …………

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ප්‍රේක්ෂකයින් ඈත් වීම නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ දැඩි ගැටලුවක් පැන නැගී තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු උප මහද්වීපයේ ටෙස්ට් තරගවලට ප්‍රේක්ෂකයින් අඩු වීම කැපී පෙනෙනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දින හතරකට සීමා කිරීමත් මේ දිනවල කතාබහට ලක් වෙනවා.

එක් ලකුණක් පමණක් රැස් කර ගත් ජැක් ලීච් සමඟ ලකුණු 76ක් අවසන් කඩුල්ලට එකතු කරමින් හෙඩින්ග්ලි හිදී ඕස්ට්‍රේලියාව එක් කඩුල්ලකින් පරාජය කරන්නට මූලික වූ ස්ටොක්ස් පවසා සිටියේ ක්‍රිකට් ආකෘති අතරින් ටෙස්ට් ක්‍රීඩාව විශිෂ්ටතම ආකෘතිය වන බවත් එය වෙනස් කරන්නට උත්සහ කිරීම කණගාටුදායක බවත්ය. 

“මම හිතන විදිහට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තමා හොඳම, ගොඩ දෙනෙක් කතා කරනවා ටෙස්ට් ක්‍රීඩාව මළ ක්‍රීඩාවක් බවට පත් වෙනවා කියලා, මම දන්නේ නැහැ ඒ වගේ අදහස් එන්නේ කොහෙන්ද කියලා”, බෙන් ස්ටොක්ස් පවසා සිටියේ The Royals නම් අන්තර්ජාල වැඩසටහනකට එක් වෙමින්. 

ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවයට ස්මිත්ට පදක්කමක්

හිටපු නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩකයෙකු හා ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන……..

“ඔබ ඔක්කොම ක්‍රීඩකයින්ගෙන් ඇහුවොත්, සමහර විට ඔක්කොම ක්‍රීඩකයින් නොවෙන්න පුළුවන්, නමුත් විරාත් කෝලි, ජෝ රූට් වගේ ක්‍රීඩකයින් ද පවසා තිබෙනවා ඔවුන් ඇත්තටම පරීක්ෂණයට ලක් වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බවට.”

“එහි දී තමයි ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔබ ගොඩනැගෙන්නේ වගේම මට අනුව නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිසිදුම ආකෘතිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවයි. එය දිගටම පවතින්න ඕන, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළොත් එ්ක හරිම දුකක්. ඔවුන් එහි නීති රීති වෙනස් කරන්න යනවා නම් ඔවුන් එයට ලේසි ක්‍රිකට් කියලා කියන්න ඕනේ.” 2019 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගත් ස්ටොක්ස් පවසා සිටියා.

2005 වසරේ දී එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෆ්ලින්ටොෆ් එම සම්මානය දිනා ගත් පසුව එම සම්මානය දිනා ගත් පළමු එංගලන්ත ක්‍රීඩකයා ඔහුයි. 2019 වසරේ දී සත්කාරක එංගලන්ත කණ්ඩායම සිය මංගල ලෝක කුසලානය දිනා ගත් අතර ස්ටොක්ස් පවසා සිටියේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට එම වසර අමතක නොවන වසරක් වනු ඇති බවයි.

“එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවට 2019 වසර අමතක නොවන වසරක් වෙයි. මට හිතෙනවා එය ආරම්භ වුනේ 2005 වසරේ පමණ සිට හා අපි ක්‍රීඩාව වෙනුවෙන් ඒ දෙය කළා කියලා. 2005 වසර අතිදැවැන්තයි. ඒ ගොඩක් කාලයකට කලින් තමයි. ඒ වුනත් එම වෙනස අපේ ක්‍රිකට් ක්‍රීඩාව අලුත්ම තලයකට රැගෙන ගියා. අපි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව ඊටත් ඉහළ තලයකට රැගෙන ගියා.”

ලෝක කුසලානයේ දී ස්ටොක්ස්ගේ අවසන් පන්දුවාරයේ වික්‍රමයෙන් නවසීලන්තය පරාජය කළ ස්ටොක්ස් හතරේ හයේ පහර ගණන මත තරගය තීරණය කිරීම ගැන මෙසේ අදහස් පළ කළා. “ස්කයි ස්පෝර්ට්ස් තරගයේ නැවත විකාශයක් සිදු කළා. ඒ වගේ දෙයක් කාටවත් අපෙන් උදුරා ගන්න බැහැ. ලෝක කුසලානයක් කියන්නේ වසර හතරක් ගමනක්. 2015 මහා විනාශයක් වුණු ලෝක කුසලාන තරගාවලියේ සිට මෙහෙම තැනකට එන්න ලැබීම විශේෂයක්.”

ලකුණු 242ක් හඹා ගිය එංගලන්තය වෙනුවෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 84ක් රැස් කරගත්තේ තරගය සුපිරි පන්දුවාරයක් කරා රැගෙන යමින්. ජොස් බට්ලර් හා බෙන් ස්ටොක්ස් ට්‍රෙන්ට් බෝල්ට් යැවූ සුපිරි පන්දුවාරයට ලකුණු 15ක් රැස් කළා.

“මම හොඳට ජෝස්ව අවබෝධ කරගෙන ඉන්නේ. ඔහුටත් මාව හොඳටම තේරෙනවා. අපි ඔයා ඒක කරන්න ඔයා මේක කරන්න කියලා කතා වෙන්නේ නැහැ. අපි දෙන්නම දන්නවා අපි මොනවද කරන්න හදන්නේ කියලා.”

ලොව සුපිරි බලවතා ක්‍රිකට් පුහුණුකරු වෙනස් කරයි

ඇමරිකා එක්සත් ජනපද පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කර්ණාටක ……..

හෙඩින්ග්ලි හි අළුබඳුන ටෙස්ට් තරගය ගැන විමසූ විට ස්ටොක්ස් මෙසේ පවසා සිටියා. “එය හරිම හොඳ දවසක්. එය හරිම කලබලකාරී ටෙස්ට් තරගයක්. ලකුණු 60කට සියල්ලන්ම දැවී ගොස් පසුපසින් හඹා ඒම හරිම විශිෂ්ටයි. කණ්ඩායමක් විදියට ක්‍රීඩා කිරීම, සිව්වැනි දිනයේ දී අපිට අවස්ථාවක් තිබුණා කියලා හැමෝම කතා වුණු හැටි, කෙසේ හෝ තරගය ජය ගත් හැටි හරිම විශේෂයි.”

ස්ටොක්ස් ද මේ දිනවල සිටින්නේ සිය නිවසේ කල්ගත කරමින්. “ක්‍රිකට් ක්‍රීඩකයින් පමණක් නෙවෙයි ලොව පුරා ක්‍රීඩකයින් බොහොමයක් ගැන මම මේ වෙලාවේ කනගාටු වෙනවා. අපි සති දෙක තුනකින් ක්‍රීඩා කරනවා නම් දැන් අපි පුහුණුවීම් ආරම්භ කරන්න ඕන. මොකද රූපවාහිනියේ පුවත්වල අපි ක්‍රීඩා කරනවා කියනකම් අපිට බලා ඉන්නට බැහැ.”

“ගොඩක් කල් යාවී හැමදේම තිබ්බ තත්වයට එන්න. මම ගොඩක් වාසනාවන්තයි. මිනිස්සුන්ට නිරෝධායනය වෙන්න වෙනවා කියලා පුවත ආව ගමන් මගේ අනුග්‍රාහකයින් වන Red Bull මට අවශ්‍ය ව්‍යායාම උපකරණ නිවසටම ගෙනවිත් දුන්නා. මගේ ගරාජය දැන් ශරීර සුවතා මධ්‍යස්ථානයක්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<