පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත්වූයේ මෙරට මලල ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව සුබ පෙරනිමිති පහල කරමිනි. එහි දී කාගේත් අවධානය දිනා ගත් ඉසව් අතර 400m කාන්තා සහය දිවීමේ ඉසව්වේ දී, නොතිබූ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිනා දීමට කණ්ඩායමේ සිටි ළාබාලතම ක්‍රීඩිකාව සමත් වූවාය. එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් තුනක් දිනා දුන් ඇය නමින් දිල්ෂි කුමාරසිංහ ය.
SAG පිටිය බැබළවූ “දිගන පොඩි නංගි” – ඩිල්ෂි
නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා …..
මහනුවර දිගන ප්‍රදේශයෙන් මලල ක්‍රීඩාවට පිවිසි ඇය පාසල් මලල ක්‍රීඩා පිටියේ දී කාගේත් කතාබහට ලක්වූ ක්‍රීඩිකාවකි. 2018 වසරේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය, 2019 වසරේ බදුල්ලේ දී පැවති ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරන්නේ පළමු වතාවට ජාතික තලයේ තරගාවලියක් සඳහා සහභාගී වෙමිනි.
මෙවර Photo Story ලිපිය වෙන්වන්නේ බදුල්ලේ දී සිය මංගල ජාතික තරගාවලිය සඳහා සහභාගී වූ දිල්ෂි, එහි 400m ඉසව්ව රනින් නිමා කළ අවස්ථාවේ ThePapare.com කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි.
1. ජයග්‍රහණය පිළිබඳව සිතේ දැඩි අරමුණක් තබා ගැනීම

2. සාර්ථක ආරම්භයක් ලබා ගනිමින්
ඉසව්ව ආරම්භ කිරීමේ වෙඩි හඬ ගුවනට නිකුත් වූවාත් සමඟම දිල්ෂි ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වන්නේ මෙය හුදෙක් තරගයක ආරම්භයක් පමණක් නොව තම ජාතික ක්‍රීඩා දිවියේ ඉදිරි ගමනට ලබා ගන්නා සාර්ථක ආරම්භයක් බවට මෙය පත්කර ගැනීමේ අධිෂ්ඨානයෙනි.
3. තරගයට සාර්ථකව අවතීර්ණ වීම

4. ඉසව්වේ ආධිපත්‍ය සියතට ගැනීම

5. ක්‍රීඩා දිවියේ නව ආරම්භයක් වූ තරග අවසානය

6. ජයග්‍රහණය සැමරීම

7. කෘතගුණ දැක්වීම

තවත් Photo Story එකක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















