හැව්ලොක් අසාර්ථක කරමින් CR ජයකෙහෙලි නංවයි

129

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ දෙවන සතියට අදාළ තරග පසුගිය දා ආරම්භ විය. තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම හා CR&FC කණ්ඩායම අතර තරගය අද (01) කොළඹ ලොන්ග්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගය ලකුණු 30-17ක් ලෙස ජයග්‍රහණය කිරීමට CR&FC කණ්ඩායම සමත් විය. 

යුධ පෙළහර හමුවේ ගුවන් හමුදාව අසරණ වෙයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් ක්‍රියාත්මක…

හැව්ලොක් කණ්ඩායම මෙම තරගයට පෙර ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටි අතර ඔවුන් පසුගිය සතියේ දී යුද හමුදා කණ්ඩායම ලකුණු 45-42ක් ලෙස පරාජය කළේය. 

CR&FC කණ්ඩායම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දිනාගෙන සිටි අතර ඔවුන් පසුගිය සතියේ දී කණ්ඩායම නාවික හමුදා කණ්ඩායම සමඟින් තරග වැදිණි. එම තරගය ලකුණු 19-23ක් ලෙස ජයග්‍රහණය කිරීමට CR&FC කණ්ඩායම සමත් විය. 

තරගයේ ආරම්භයේ දී ම හැව්ලොක් කණ්ඩායම තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර සිව්වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ප්‍රින්ස් චාමර හැව්ලොක් ලකුණු පුවරුව ලකුණු 3ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. (CR&FC 00 – 03 හැව්ලොක්)

තරගයේ මීළඟ මිනිත්තු කීපය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීම සඳහා අවස්ථාව උදාවුවද එම අවස්ථාවන් සාර්ථක කරගැනීමට කණ්ඩායම් ද්විත්වයම අසමත් විය. 

කෙසේ වෙතත් තරගයේ 24 වැනි මිනිත්තුවේ දී පළමු උත්සාහක දිනුම CR කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට ජනිදු ඩිල්ශාන් සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද CR කණ්ඩායම ලකුණු 5-3ක් ලෙස තරගයේ පෙරමුණ ලබාගැනීමට සමත් විය. (CR&FC 05 – 03 හැව්ලොක්)

යෝශිත රාජපක්ෂ නැවතත් රාජකාරියට වාර්තා කරයි

ශ්‍රී ලංකා හිටපු රග්බි නායක හා නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් ඩයලොග් අන්තර්…

28 වැනි මිනිත්තුවේ දී CR නායක ඔමල්ක ගුණරත්න හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර තරගයේ මීළඟ මිනිත්තු කීපය CR කණ්ඩායම ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කළේය. තරගයේ 32 වැනි මිනිත්තුවේ දී CR කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ රීසා රෆයිඩීන් දෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (CR&FC 10 – 03 හැව්ලොක්)

පළමු අර්ධය නිමා වීමට පෙර CR කණ්ඩායම තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර එය මුර්ශිඩ් සුබායිර් විසින් එල්ල කළේය. ඒ අනුව CR කණ්ඩායම ලකුණු 13ක් තම ලකුණු සටහනට එක් කරගැනීමට සමත් විය. (CR&FC 13 – 03 හැව්ලොක්)

පළමු අර්ධය: CR&FC කණ්ඩායම 13 – 03 හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට CR කණ්ඩායම සමත්වූයේ දිනුක් අමරසිංහ තරගයේ 47 වැනි මිනිත්තුවේ දී ලබා ගත් උත්සාහක දිනුමත් සමඟිනි. එය CR කණ්ඩායමේ තුන්වැනි උත්සාහක දිනුම වූ අතර ඔවුන්ගේ ලකුණු තත්ත්වය ලකුණු 18ක් බවට පත්ව තිබුණි. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (CR&FC 18-03 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් එම කණ්ඩායමේ තීක්ෂණ දිසානායකට කහ කාඩ්පතක් නිකුත් කළ අතර ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් CR ක්‍රීඩකයන් තම සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එය ජනිදු ඩිල්ශාන් විසින් වාර්තා කළ අතර ප්‍රවර්තනය සාර්ථක නොවූවද ඔවුන්ගේ ලකුණු තත්ත්වය ලකුණු 23 දක්වා ඉහළ නැංවිනි. (CR&FC 23 – 03 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායම දක්ෂ ධාවනයක් සමඟින් පන්දුව CR සීමා ඉර ආසන්නයට රැගෙන ආ අතර තරගයේ 54 වැනි මිනිත්තුවේ දී CR ක්‍රීඩක ශාරෝ ප්‍රනාන්දු හටද කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේය. 

හැව්ලොක් කණ්ඩායම ඒ අවසරයෙන් තම පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එය ශව්කට් ලාහීර් විසින් වාර්තා කළ අතර ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් ලකුණු තත්ත්වය 10ක් දක්වා ඉහල නංවා ගැනීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය. 

පොලිස් ප්‍රහාරයෙන් CHට අසාධ්‍යයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරගයකින් …

CR කණ්ඩායමට උත්සාහක දිනුමක් වාර්තා කිරීම සඳහා පහසු අවස්ථාවන් කීපයක් ලැබුණු අතර හැව්ලොක් ඉදිරිපෙළ හමුවේ එම උත්සාහයන් ව්‍යර්ථ විය. හැව්ලොක් කණ්ඩායම ද කීපවරක් CR සීමා ඉර ආක්‍රමණය කළ ද, ඔවුන්ට හිස් අතින් නැවත ඒමට සිදු විය. 

73 වැනි මිනිත්තුවේ දී CR කණ්ඩායම වෙනුවෙන් පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට නායක ඔමල්ක ගුණරත්න සමත් විය. ඒ හරිත් බණ්ඩාර විසින් ලබා ගත් ඉක්මන් දඬුවම් පහරක් සාර්ථකව ප්‍රවර්තනයක් බවට පත්කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රීසා මුබාරක් සමත් විය. (CR&FC 30 – 10 හැව්ලොක්)

තරගයේ අවසන් මිනිත්තු කීපය තුල කණ්ඩායම් දෙකම තියුණු තරග රටාවකට අවතීර්ණ වූ අතර පන්දුව දෙපසටම දෝලනය වෙමින් පැවතිනි. කණ්ඩායම් දෙකටම උත්සාහක දිනුම් ලබාගැනීම සඳහා අවස්ථාව උදා වූ නමුත් ප්‍රතිවාදී ඉදිරිපෙළ හමුවේ එම උත්සාහයන් ව්‍යර්ථ විය. 

අවසන් මිනිත්තුව තෙක් තරගය අත්නොහල හැව්ලොක් කණ්ඩායම තරගයේ 78 වැනි මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඒ විමුක්ති රාහුල විසිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් හැව්ලොක් කණ්ඩායම ලකුණු 17ක් ලෙස තරගය නිමා කිරීමට සමත් විය. 

ඒ අනුව තරගයේ ජයග්‍රහණය කිරීමට CR&FC කණ්ඩායම සමත්වූයේ ලකුණු 30-17ක් ලෙසිනි. 

අවසන් ලකුණු තත්ත්වය: CR&FC කණ්ඩායම 30 – 17 හැව්ලොක් ක්‍රීඩා සමාජය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

  • හැව්ලොක්: ශව්කට් ලාහීර් 1T, විමුක්ති රාහුල 1T, සංතුශ් අල්ගම 2C, ප්‍රින්ස් චාමර 1P
  • CR&FC: ජනිදු ඩිල්ශාන් 2T, දිනුක් අමරසිංහ 1T, ඔමල්ක ගුණරත්න 1T, රීසා රෆයිඩීන් 1T, මුර්ශිඩ් සුබායිර් 1P, රීසා මුබාරක් 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<