ශූරයින්ගේ ලීග් තරගාවලියේ පළමු වටයට අවසන් කරමින් අද (12) තවත් තරග කිහිපයක් පැවැත්වුණා. 6 වැනි තරග දිනය මෙසේ අවසන් වෙද්දී අවසන් 16 දෙනාගේ අසුන් කිහිපයක්ම වෙන් වුනේ ඉතා උද්වේගකර තරග කිහිපයකින් පසුවයි.
A කාණ්ඩය

මේ සති අන්තයේ පැවැත්වුණු තරගවලින් Galatasaray කණ්ඩායම ගෝල 5-0ක් ලෙස පරාජය කරන්නට Paris කණ්ඩායම සමත් වුනා. කලකට පසු PGS කණ්ඩායමේ සම්පූර්ණ ප්‍රහාරක සංගමයම මේ තරගයට ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.
Neymarගේ හා Kylian Mbappéගේ විශිෂ්ට දක්ෂතාවලින් බල ගැන්වුණු PSG කණ්ඩායමට Mauro Icardiගේ හා Edinson Cavaniගේ අනගි සහයත් හිමි වුනා.
බ්‍රසීල යොවුන් ක්‍රීඩකයෝ මේ සතියේ දී Real Madrid කණ්ඩායමට ජය ගෙන ආවා. Rodrygo හා Vinicius Juniorගේ සුපිරි ගෝල වලින් බල ගැන්වුණු Real Madrid කණ්ඩායම ගෝල 3-1ක් ලෙස Club Brugge පරාජය කරන්නට සමත් වුනා.
මේ තරග දෙකේම උණුසුම මදක් අඩුව තිබුණේ Real හා PSG කණ්ඩායම් දෙකම අවසන් තරග දිනයට පැමිණීමට පෙරම 16 දෙනාගේ වටයට පිවිස තිබීම නිසයි.
B කාණ්ඩය

මේ සතියේ පැවැත්වුණු වැදගත් තරගයක් වුනේ Spurs හා Bayern අතර තරගයයි. පෙර තරගයේ දී Bayern හමුවේ ගෝල 7-2ක දැවැන්ත පරාජයකට මුහුණ දුන් Spurs මේ තරගයට පැමිණියේ නව පුහුණුකරුවෙක් ද කැටුවයි. කෙසේ වෙතත් පරාජයෙන් ගැලවෙන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.
Kingsley Coman තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර Thomas Müller ප්‍රහාරයට බ්‍රසීල සුපිරි ක්‍රීඩක Philippe Coutinho ද අනගි සහයක් දැක්වූයේ Bayern ජය ස්ථිර කරමින්.
B කාණ්ඩයේ ද අවසන් තරග දිනයට පැමිණීමට පෙරම 16 දෙනාගේ වටයට යන කණ්ඩායම් තීරණය වී තිබුණා.
C කාණ්ඩය

Manchester City කලින්ම දෙවන වටයේ අසුනක් වෙන් කරගෙන සිටියත් අවසන් 16ට යන දෙවන කණ්ඩායම නම් තීරණය වී තිබුණේ නැහැ. Shakhtar Donetsk කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් Atlanta කණ්ඩායම අවසන් තරගය දිනයේ දී කෙසේ හෝ අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසෙන්නට සමත් වුණා.
D කාණ්ඩය

Cristiano Ronaldo හා Gonzalo Higuainගේ අවසන් භාගයේ ගෝල ද්විත්වයෙන් බල ගැන්වුණු Juventus කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ජර්මානු Bayer Leverkusen පරාජය කළේ ඔවුන්ව තරගාවලියෙන් ඉවතට ඇද දමමින්.
තමන් අවසානයට ක්‍රීඩා කළ තරග අටෙන් එක් තරගයක් පමණක් ජයගෙන සිටි Athletico Madrid කණ්ඩායමට මේ සතියේ දැවැන්ත අභියෝගයක් එල්ල වී තිබුණා. ඒ ඔවුන්ට Lokomotiv Moscow සමඟ තරගයට ජය ගැනීමට අත්‍යාවශ්‍යව තිබුණු නිසයි. Joao Felixගේ දඬුවම් පහරින් හා Filipeගේ දක්ෂ ගෝලයෙන් සවි ලැබූ Athletico කණ්ඩායම Moscow පරාජය කරමින් අවසන් 16යේ D කාණ්ඩයේ ඉතිරි අසුන වෙන් කර ගත්තා.
E කාණ්ඩය

අවසන් දිනය වන තුරුම E කාණ්ඩයේ අවසන් ස්ථානය තීරණය වී නොතිබුණු අතර Napoli, Salzburg හා Liverpool යන කණ්ඩායම් තුනටම අවසන් 16ට පිවිසීමේ අවස්ථාව තිබුණා. Naby Keita හා Mohamed Salahගේ ගෝල ද්විත්වයෙන් තරගය Liverpool දෙසට සම්පූර්ණයෙන්ම හැරවුනා.
මේ අතර E කාණ්ඩයේ තීරණාත්මකම තරගයෙන් ගෝල 4-0ක සුපිරි ජයක් ලබන්නට Genk, පරාජය කළ Napoli සමත් වුනා. Arkadiusz Milik සුපිරි ගෝල ත්‍රිත්වයකින් සිය කණ්ඩායමට ජය ගෙන එන්නට සමත් වීම තවත් විශේෂත්වයක්. ඒ අනුව E කාණ්ඩයේ දෙවන හා අවසන් 16 දෙනාගේ අසුන හිමි වුනේ Napoli කණ්ඩායමටයි.
F කාණ්ඩය

Barcelona හමුවේ ගෝල 2-1ක් ලෙස පරාජය වුණු Inter Milan කණ්ඩායමට අවසන් 16 අසුන අහිමි වුනා. 17 හැවිරිදි Ansu Fati මේ තරගයේ ජයග්‍රාහි ගෝලය වාර්තා කළේ ශූරයින්ගේ කුසලාන ඉතිහාසයේ ළාබාලතම ගෝල ලාභියා බවට පත් වෙමින්.
සුපිරි ක්‍රීඩක Lionel Messi ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මේ තරගයට විවේක ගන්වා තිබුණේ Barcelona මේ තරගය වන විටත් F කාණ්ඩයෙන් අවසන් 16 දක්වා පිවිස තිබුණු නිසයි. Inter ක්‍රීඩක Lautaro Martinez දෙවන අර්ධයේ දී දෙවරක්ම පන්දුව දැල වෙත යොමු කරන්නට සමත් වුනත් එම අවස්ථා දෙකම offside අවස්ථා වීම අවාසනාවක් වුනා.
Inter කණ්ඩායමට අවසන් 16ට යන්නට නම් අවම වශයෙන් Borussia Dortmund කණ්ඩායමේ Slavia Prague තරගයේ ප්‍රතිඵලය සම කරන්නට අවශ්‍යව තිබුණා. කෙසේ වෙතත් Dortmund ගෝල 2-1ක් ලෙස ජය ගත්තේ Inter කණ්ඩායම ඉවතට ඇද දමමින්. ඒ අනුව F කාණ්ඩයේ දෙවන අසුන වෙන් කර ගත්තේ Borussia Dortmund කණ්ඩායමයි.
G කාණ්ඩය

දෙවන වටයට පිවිසෙන්නට නම් Lyon කණ්ඩායමට අවම වශයෙන් ජය පරාජයෙන් තොර තරගයක් අවශ්‍ය වුනා. කෙසේ වෙතත් ඔවුන්ට මේ සතියේ දී තරග වදින්නට සිදු වුනේ Leipzig කණ්ඩායම සමඟයි.
ගෝල 2-0ක් ලෙස පසුපසින් සිටි Lyon කෙසේ හෝ තරගය ගෝල 2-2ක් ලෙස අවසන් කර ගත්තේ Memphis Depayගේ අවසන් මොහොතේ ගෝලයට පිං සිදු වන්නටයි. ඒ අනුව ඔවුන් අවසන් මොහොතේ දෙවන වටය සඳහා සුදුසුකම් ලැබුවා.
H කාණ්ඩය

Valencia කණ්ඩායමේ Rodrigoගේ සුපිරි ගෝලය නිසා ප්‍රබල Ajax පරාජය කළ Valencia ගෝල 1-0ක් ලෙස අවසන් 16ට පිවිසෙන්නට සමත් වුනා. ඒ අනුව Ajax කණ්ඩායමට සිදු වුනේ තරගාවලියෙන් ඉවත් වන්නයි. Ajax පසුගිය තරග වාරයේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණෙන්නට සමත් වූ කණ්ඩායමක් වීම විශේෂත්වයක්.
Chelsea කණ්ඩායමට මීළඟ වටයට යන්නට නම් මේ තරගයේ ජය අත්‍යවශ්‍ය වුනා. Lille කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කළ Chelsea ක්‍රීඩකයින් කෙසේ හෝ ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසෙන්නට සමත් වුනා. ඒ Tammy Abraham හා Cesar Azpilicueta ගේ පළමු අර්ධයේ ගෝලවල පිහිටෙන්. ඒ අනුව H කාණ්ඩයේ අවසන් 16 අසුන් දිනා ගත්තේ Valencia හා Chelsea.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<






















