සුපිරි ක්‍රීඩක විල්කින්සන්ගෙන් එංගලන්තයට අනතුරු හැඟවීමක්

93
Former England player Jonny Wilkinson is seen before the start of the Japan 2019 Rugby World Cup quarter-final match between England and Australia at the Oita Stadium in Oita on October 19, 2019. (Photo by GABRIEL BOUYS / AFP)

එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලානය දිනූ සුපිරි ක්‍රීඩක ජොනී විල්කින්සන් 2019 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදානම් වන එංගලන්ත කණ්ඩායමට අවවාදයක් ලබා දී තිබුණා. ඒ ප්‍රබල “Springboks”, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ “arm-wrestle” නොකරන ලෙසයි.

ලෝක ශූරයින්ට මෙල්ල නොවුණු හිරු නොබසින අධිරාජ්‍යයේ විස්කම්!

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඔබ අප කවුරුත් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි තීරණාත්මක පළමු අවසන්………..

Springboks ක්‍රීඩකයෝ වේල්ස් කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී දක්ෂ ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ අතර ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක Faf de Klerkගේ බොක්ස් කික් මඟින් පන්දුව ගුවනේ තබා සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් අතේ පන්දුව වැඩි වෙලාවක් රැඳවු ඔවුන් වේල්ස් කණ්ඩායම ජවය සම්පූර්ණයෙන්ම සිඳ දමන්නට සමත් විය.  

2003 Webb Ellis ලෝක කුසලානය එංගලන්තයට ගෙන යාමට මූලික වූ විල්කින්සන් පවසා සිටින්නේ යම්කිසි කණ්ඩායමක් එලෙස ක්‍රීඩා කිරීමේ උපක්‍රමයකට හසු වූ පසු නැවතත් වේගවත් ක්‍රීඩා රටාවකට අවතීර්ණ වීමට අපහසු බවයි.

“ඔබලා ඔවුන් සමඟ arm-wrestle කරන්නට ගියොත් ඔවුන් ඔබව සිරකර ගන්නවා. ඉන්පසු ඔබට පන්දුව දෙපසට විහිදුවමින් පුළුල් වේගවත් ක්‍රීඩාවක නිරත වන්නට හැකියාවක් නැහැ. ඔබ වේගවත් ලෙස පුළුල් පරාසයක ක්‍රීඩා කරනවා නම් ඔබට ඕනෑම වෙලාවක සෙල්ලම වෙනස් කරන්නට පුළුවන්.” විල්කින්සන් පවසා සිටියා.

“Springboks ඉතාමත් දරුණු කණ්ඩායමක්. ඔවුන් මොහොතින් මොහොත ඔබේ හුස්ම සිර කරනවා. පිට්ටනිය ඉතා කුඩායි කියලා සිතෙන තරමට ඔවුන් ඔබව වට කරනවා. එවිට ඔබට සිතෙන්නේ ප්‍රතිවාදීන් 20ක් ඔබව වට කර ගෙන ඉන්නවා වගේ.”

“ඔවුන් ඉතා ඇවිළෙන සුළුයි. ඔවුන් ඔබ දිහා බලා සිටින්නේ. ඔබ කුඩා වරදක් හෝ කළොත් ඔවුන් ක්ෂණිකවම ඒවායින් උපරිම ප්‍රයෝජන ගන්නවා. එම නිසා එංගලන්තයට සිදු වේවි අඩුවෙන් වැරදි කරන්න.” විල්කින්සන් ඔහුගේ සගයින්ට උපදෙසක් ලබා දුන්නා.

දකුණු අප්‍රිකාව ලකුණු 19-16ක් ලෙස වේල්ස් කණ්ඩායම පරාජය කරද්දී ෆ්ලයි හාෆ් ක්‍රීඩක Handre Pollard සුපිරි පන්දුවට පා පහර දීමේ වාර්තාවක් පවත්වා ගත්තේ ලකුණු 14ක් සිය පාදයෙන් සටහන් කරමින්. තරගය අවසන් වීමට මිනිත්තු පහක් තිබිය දී ඔහු අගනා දඬුවම් පහරකින් තරගය වෙනස් කරන්නට ද සමත් වුනා. 

“ඔවුන්ට ඔවුන්ගේ විනය උපරිම ලෙස පවත්වා ගන්නට වේවි. ඔවුන්ට සිටිනවා හොඳ පන්දුවට පා පහර දෙන්නෙක් ඔවුන්ගේ වැරදිවලට පාඩම් උගන්වන්න.” රග්බි ලෝක කුසලානවල වැඩිම ලකුණු ලාභියා වන විල්කින්සන් පවසා සිටියා.

2003 ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වන awrence Dallaglio පවසා සිටියේ එංගලන්තය මෙවර අවසන් පූර්ව වටයේ දී ලකුණු 19-07ක් ලෙස නවසීලන්තය පරාජය කරමින් ලැබූ ජය “මෙතෙක් ලෝක කුසලාන තරග වල හොඳම තරගයක් බවයි”.

“එංගලන්තය මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළහොත් ඔවුන් අඛණ්ඩ සති අන්ත තුනක දී ප්‍රබලම දක්ෂිණ අර්ධගෝල කණ්ඩායම් තුන වන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව පරාජය කළා වෙනවා” Dallaglio පවසා සිටියේ එය “විශිෂ්ටතම” දක්ෂතාවයක් බවයි.

“එංගලන්තය, නවසීලන්තයට කරපු දේ බලද්දී ඔවුන් තමා ලෝක ශූරයින් වෙන්න ඉදිරියෙන්ම සිටින්නේ. නමුත් එය ලෙහෙසි වෙන්නේ නැහැ.” Dallaglio අනුමාන කරමින් පවසා සිටියා. 2003 ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායමේ සෑම තරගයක්ම, තරගය නිමා වන තුරු ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා වන්නේ ද Dallaglio.  

ඔහු Springboks කණ්ඩයමේ විශිෂ්ට ආරක්ෂක වාර්තාව පිළිබඳව ද අදහස් දක්වා සිටියා. ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා දී ඇත්තේ උත්සාහක දිනුම් හතරක් පමණයි. ඉන් උත්සාහක දිනුම් දෙකක් නවසීලන්තයට එරෙහි තරගයේ මිනිත්තු පහක් තුල වාර්තා වූ උත්සාහක දිනුම් වීම විශේෂත්වයක්.

“දකුණු අප්‍රිකාව ඔප්පු කරලා තිබෙනවා ඔවුන් පරාජය කරන්නට ඉතාම අපහසු කණ්ඩායමක් කියලා. ඔවුන් හරිම අධිෂ්ඨානශීලයි” Dallaglio පවසා සිටියා.  

Webb Ellis කුසලානය දිනූ තවත් සුපිරි ක්‍රීඩකයෙකු වන දකුණු අප්‍රිකාවේ බ්‍රයන් හබානා පවසා සිටියේ සුපිරි අවසන් මහා තරගයක් කුඩාම ලකුණු පරතර වලින් තීරණය වනු ඇති බවයි.

“මගේ හදවත හැම විටම කියන්නේ ඒ දකුණු අප්‍රිකාව කියලා.” 2007 දකුණු අප්‍රිකානු ලෝක කුසලානයේ වීරයා හබානා පවසා සිටියා.

“මගේ මනස කියන්නේ දකුණු අප්‍රිකාවට පුළුවන් නම් ඔවුන්ට ලැබෙන අවස්ථා සාර්ථක කර ගන්න, විශේෂයෙන්ම නවසීලන්තයට එරෙහිව තරගයේ පළමු මිනිත්තු 20 වගේ ක්‍රීඩා කරන්න ඔවුන්ට තිබෙනවා හොඳ අවස්ථාවක් තරගය දිනන්න.”

Red Roses සමඟ හැප්පෙන්ට Springboks අවසන් සටනට!

දහස් සංඛ්‍යාත වේල්ස් ක්‍රීඩාලෝලීන්ගේ අවසන් මහා තරග සිහිනය එක් ක්ෂණයකින් බොඳ කර දැමු ප්‍රබල දකුණු අප්‍රිකාව……………

විල්කින්සන්, Dallaglio හා Dallaglio හිටපු රග්බි ශූරයින් වන ඕස්ට්‍රේලියාවේ George Gregan හා එංගලන්තයේ Will Greenwood හා එක්ව ආසියාවේ පැවැත්වෙන පළමු ලෝක කුසලානයත් සමඟ රග්බි ක්‍රීඩාව ආසියාවේ ප්‍රචලිත කිරීමේ අරමුණින් රග්බි සම්මේලනය පවත්වන වැඩසටහනක් යටතේ ජපන් දරුවන්ට රග්බි පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<