2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දෙන පළමු ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. එම තරගය ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට දුක්බර තරගයක් වන්නේ එම තරගයෙන් පසුව ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීම නිසයි.
මාව එළියට දාන්න හදපු අයට මං අනුකම්පා කරනවා
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම ……….
මුහුණට මුහුණ
1986 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 45ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 37ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී බංග්ලාදේශ කණ්ඩායම තරග 7ක් ජයග්‍රහණය කර සිටී. ඊට අමතරව තවත් තරග තුනක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.
ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අවසන් වරට එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී වන අතර එම එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 137කින් පරාජයට පත්විය.
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඉපැරණි තරග ඉතිහාසය තුල ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි. ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 31ක් ක්‍රීඩා කරමින් ලකුණු 1206ක් ලබාගෙන ඇත්තේ 48.24ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසින් වන අතර ඔහු බංග්ලාදේශය සමඟින් එක්දින තරග 17කට සහභාගී වෙමින් කඩුලු 31ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
දිමුත් කරුණාරත්න

තමිම් ඉක්බාල්

ජාත්‍යන්තර එක්දින තරග 201ක් තුළ ඔහු විසින් ලකුණු 6871ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.99ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. ඉක්බාල් එක්දින ශතක 11කින් සහ අර්ධ ශතක 47කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.
ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 21ක දී ලකුණු 645ක් ලබාගෙන තිබෙන්නේ 33.94ක පමණ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. එයට ශතක දෙකක් හා අර්ධ ශතක 4ක් ඇතුලත්ය.
“සංචිතයේ ලොකු වෙනසක් කරන්න බැහැ” – දිමුත්
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයට …………
කුසල් ජනිත් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 14ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 9ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 32.75ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන බංග්ලාදේශ පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
මහමදුල්ලා රියාද්

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 24ක් ක්‍රීඩා කොට ලකුණු 411ක් ලබාගෙන තිබෙන නිසාවෙනි.
බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ප්‍රබල සංචිතයක්!
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට ……….
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

වයස අවුරුදු 35ක් වන මාලිංග බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග 14ක දී කඩුලු 24ක් දවාගෙන තිබෙන්නේ 17.04ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
ටස්කින් අහමඩ්

Video – විසිල් එකක් ගහලා හරි ශක්තියක් ලබා දුන්නට ස්තූතියි – ලසිත් මාලිංග
ලොව බිහි වූ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් ……
නුවන් ප්‍රදීප්

මුස්ටෆිසුර් රහමාන්

මොහු ජාත්‍යන්තර එක්දින තරග 54ක දී කඩුලු 103ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.65ක් ලෙස දැක්වේ. මුස්ටෆිසුර් රහමාන් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.17ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
වමතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 6/43කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 7ක දී කඩුලු 11ක් රහමාන් විසින් දවාගෙන ඇත.
ආර්. ප්‍රේමදාස තණතීරුව හා අවට කාලගුණය

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට සවස් කාලයේ යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් තිබේ. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 25-30 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය. දිනා ගන්නා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීම වඩාත් වාසිදායක වන අතර පිතිකරුවන්ගේ පිතිකරණ පාරාදීසයක් ලෙස මේ ක්‍රීඩාංගණය සැලකිය හැකිය. පන්දු යවන්නන් අතරින් වේගපන්දු යවන්නට වඩාත් හිතකර වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ශෙශාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, අකිල දනංජය, වනිඳු හසරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග (පළමු එක්දින ක්‍රිකට් තරගයට), දසුන් ශානක (දෙවන හා තෙවන එක්දින ක්‍රිකට් තරගයට)
බංග්ලාදේශ එක්දින සංචිතය – තමිම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා රියාද්, මොසදික් හුසේන්, රුබෙල් හුසේන්, මස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන් මිරාස්, එනමුල් හක්, ටයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, ෆර්හාඩ් රීසා
අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා,ලහිරු තිරිමාන්න, ලහිරු කුමාර, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග
බංග්ලාදේශය – තමිම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම් (කඩුලු රකින්නා), මහමදුල්ලා, මොහොමඩ් මිතුන්, සබීර් රහමාන්, මෙහෙදී හසන්, මොසදික් හුසේන්, සෞම්‍ය සර්කාර්, රුබෙල් හුසේන්, ටස්කින් අහමඩ්, මුස්ටෆිසුර් රහමාන්.
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3873ක් සමඟ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4009ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් දිනා ගෙනයි.
ශ්‍රේණිගත කිරීම්වලින් නම් බංග්ලාදේශය පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් මේ තරගය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.
- ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී (දිවා/රාත්‍රී)
- ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී (දිවා/රාත්‍රී)
- ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී (දිවා/රාත්‍රී)
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















