ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් වෙනස් වේ

18267

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ගේ විශේෂ හමුවක් ඊයේ (19) එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්විය. එහි දී ක්‍රිකට් කමිටුව විසින් යෝජනා කළ නීති සංශෝධන කිහිපයකයට අනුමැතිය හිමිව තිබේ.

සිම්බාබ්වේ ඇතුළු රටවල් කිහිපයක ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ගේ විශේෂ හමුවක් අද (19)…

ඒ අනුව ඕනෑම මට්ටමේ පිරිමි/කාන්තා ක්‍රිකට් (ජාත්‍යන්තර/පළමු පෙළ) තරගයක් අතරතුර දරුණු ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ගෙනා යෝජනාව මෙහි දී සම්මත වූ නීති සංශෝධන අතරේ ඉදිරියෙන්ම තිබෙන අතර එය ක්‍රිකට් ක්‍රීඩාවට නව අත්දැකීමක් වනු ඇත.

මේ අනුව වෛද්‍යවරුන්ගේ කමිටුවෙන් සහ තරග තීරකවරයාගේ අනුමැතිය ඇතිව ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කිරීමට හැකියාව ලැබෙන අතර මෙම නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සංශෝධනය කර නැවතත් රැගෙනවිත් තිබෙන්නේ වසර දෙකකට ආසන්න කාලයක් පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා භාවිතා කිරීමෙන් පසුවයි. 

2019 වසරේ අගෝස්තු මස පළමු වැනිදා සිට ඕනෑම මට්ටමේ  පිරිමි/කාන්තා ක්‍රිකට් (ජාත්‍යන්තර/පළමු පෙළ) තරගයක්  ආදේශිත නව ක්‍රීඩකයාට පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව හා පන්දු යැවීමේ අවස්ථාව ද හිමි වේ.

ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු IPL වලට

2019 ලෝක කුසලානයේ උණුසුම තවමත් මැකී ගොස් නැත. ලෝක කුසලානය තවමත් පුවත් මවමින් සිටින…

මේ අතර අඩු පන්දුවාර වේගයක් රඳවා ගෙන එක් වසරක් තුළ තරග දෙකක දී තරග වැදීම යන වරදට මේ දක්වා කාලයක් කණ්ඩායම් නායකයාට පැනවූ තරග තහනම තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට මෙහි දී තීරණය කර තිබෙන නමුත්, ඒ සඳහා මෙතෙක් පැනවූ දඩ මුදල මින් ඉදිරියට සෑම ක්‍රීඩකයෙකුටම සම සේ බෙදී යනු ඇත.

එළඹෙන ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ දී යම් අඩු පන්දුවාර වේගයක් රඳවාගතහොත් තරගය අවසානයේ ඔවුන්ට ලැබෙන ප්‍රසාද ලකුණු දෙක බැගින් අඩු කිරීමට ද මෙහි දී ICCයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ තරග නීති සියල්ලම ලබන මස මුලදී ආරම්භ වන එංගලන්ත – ඕස්ට්‍රේලියා අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට  ක්‍රියාත්මක වේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ සැසිවාරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි සියලු රටවල්වල ක්‍රිකට් සභාපතිවරු ද එක්ව සිටියේය.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<