ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන අවසන් තරගය සඳහා හෙට (6) ඉන්දීය කණ්ඩායම හමුවන අතර තරගය ලීඩ්ස් හිදී පැවැත්වීමට නියමිතයි.
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8කට මුහුණ දී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 3ක් ජයගෙන තරග 3ක් පරාජය වී මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටියි.
අන්තිමයා තේරෙන තරගයේ ජය කොදෙව්වන්ට
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් ස්ථානයට ………..
ශ්‍රී ලංකා – ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසය
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 90ක් ජයග්‍රහණය කර එහි පෙරමුණේ පසු වේ. එසේම තවත් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායමක් අවසන් වරට එකිනෙකා මුණගැසුණේ 2017 වසරේ නොවැම්බර් මාසයේ දී වන අතර එම තරගාවලිය ඉන්දියාව 2-1ක් ලෙස ජයගත්තේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව 8 වතාවක් මුණගැසී තිබෙන අතර එහි දී 3-4ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ සිටියි.
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වසර 40ක් ඉපැරණි එක්දින ක්‍රිකට් තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන සචින් ටෙන්ඩුල්කාර් ය.
ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 84ක් ක්‍රීඩා කර ලකුණු 3113ක් ලබාගෙන ඇත්තේ 43.84ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි. වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් වන අතර ඔහු ඉන්දියාව සමඟින් එක්දින ක්‍රිකට් තරග 63කට සහභාගී වෙමින් කඩුලු 74ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක ක්‍රීඩකයින්
දිමුත් කරුණාරත්න

එසේම ඉන්දීය කණ්ඩායමට එරෙහිව එකඳු එක්දින ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති දිමුත් අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර එක්දින තරග 7 තුළ ලකුණු 289ක් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 50කට ආසන්න ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
මහේන්ද්‍ර සිං දෝනි

එංගලන්තයත් තම ස්ථානය තහවුරු කර ගනී
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (03) …..
කුසල් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 14ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු ඉන්දියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 8ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 21කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන ඉන්දීය පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
රෝහිත් ශර්මා

සුපිරි පන්දු යවන්නන්
ලසිත් මාලිංග

මාලිංග යනු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිටින අත්දැකීම් බහුලතම පන්දු යවන්නායි. දකුණතින් වේගපන්දු යවන ලසිත් මාලිංග ඉතාමත් ප්‍රබල පන්දු යවන්නෙකි. ඒ අතරින් ඔහුගේ ප්‍රබලතම අවිය වන්නේ එක එල්ලේ පැමිණෙන වේගය අඩාල කළ යෝකර් (Yorker) පන්දුවයි.
තම සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන මාලිංගගේ අවසන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගය මෙයයි. ඔහු ජාත්‍යන්තර එක්දින තරග 224ක දී කඩුලු 334ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 5.34ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.
ජාස්ප්‍රිට් බුම්රා

කනස්සල්ල නිසා ඉන්දීය ක්‍රීඩකයෙක් සියලු ක්‍රිකට් රටාවලින් සමුගනියි
ඉන්දීය මැදපෙළ පිතිකරු අම්බති රායුදු ක්‍රිකට් ක්‍රීඩාවෙන් …………
ඉසුරු උදාන

වමතින් මද වේගපන්දු යවන උදාන මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 12කට සහභාගී වෙමින් කඩුලු 8ක් දවාගෙන ඇත්තේ ඉන්දියාව සමඟ එක්දින තරග 2ක් ක්‍රීඩා කර තිබේ. එසේම 40-50 අතර පන්දුවාර යැවීම සඳහා උදානව භාවිතා කිරීම ඉතාමත් හොඳ තීරණයක් බව දත්ත අනුව පෙනේ.
යුස්වේන්ද්‍ර චහාල්

තණතීරුව හා අවට කාලගුණය

සංචිතයන්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, කසුන් රාජිත ජෙෆ්රි වැන්ඩර්සේ.
ඉන්දියාව – විරාත් කෝලි (නායක), රෝහිත් ශර්මා, ලෝකේෂ් රාහුල්, කේදර් ජාදව්, කුල්දීප් යාදව්, හර්දික් පාන්ඩ්‍යා, මයන්ක් අග්‍රවාල්, දිනේෂ් කාර්තික්, බුවනේෂ්වර් කුමාර්, රවීන්ද්‍ර ජඩේජා, රිශාබ් පන්ට්, මහේන්ද්‍ර සිං දෝණි, යුස්වේන්ද්‍ර චහල්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ශමි
Photos: CWC19 – Sri Lanka practice session ahead of India match
අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත, ලසිත් මාලිංග.
ඉන්දියාව: විරාත් කෝලි (නායක), රෝහිත් ශර්මා, ලෝකේෂ් රාහුල්, කුල්දීප් යාදව්, හර්දික් පාන්ඩ්‍යා, රිශාබ් පන්ට්, මහේන්ද්‍ර සිං දෝණි, යුස්වේන්ද්‍ර චහල්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ශමි, බුවනේෂ්වර් කුමාර්,
වර්තමාන තත්ත්වය
ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන අතර ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 6613ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 122ක් හිමි කර ගෙනයි. 8 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 3940ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 79ක් අතැතිවයි.
එම නිසා මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල ද, යම් යම් වෙනස්කම් සිදුවීමට හැකිය. ඒ දිනය තුළ හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළ හොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න <<






















