2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 2ක් ජයගෙන තරග 3ක් පරාජය වී මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.
ප්‍රේක්ෂක කලබල හමුවේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වෙයි
2019 ලෝක කුසලානය දිනෙන් දින උණුසුම් වන අතර කාණ්ඩ වටයේ ….
කෙසේ නමුත් ඊයේ (29) පැවති ඇෆ්ගනිස්තාන – පාකිස්තාන ක්‍රිකට් තරගය පාකිස්තානය ජයග්‍රහණය කිරීමත් සමඟම ශ්‍රී ලංකාවට ඔවුන් සහභාගී වන ඉදිරි තරග 2ම ජය ගැනීම අනිවාර්ය වන මට්ටමකට දැන් දැන් මේ තරගාවලිය පැමිණ ඇත.
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් ඉතිහාසය
දූපත් ද්විත්වයක් අතර පැවැත්වෙන මේ ද්වන්ද සටනට වසර 44ක් ඉපැරණි ක්‍රිකට් ඉතිහාසයක් තිබේ. දෙරට අතර එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල එකිනෙකා එක්දින ක්‍රිකට් තරග 56ක දී එකිනෙකා මුණ ගැසී ඇති අතර ඉන් තරග 25ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 28ක් ජයග්‍රහණය කර එහි පෙරමුණේ පසු වේ. එසේම තවත් තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් අවසන් වරට එකිනෙකා මුණගැසුණේ 2016 වසරේ නොවැම්බර්වල දී වන අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල දී ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම 6 වතාවක් මුණගැසී තිබෙන අතර එහි දී 2-4ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පෙරමුණේ සිටියි.

ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර වසර 44ක් ඉපැරණි එක්දින ක්‍රිකට් තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන බ්‍රයන් ලාරා වේ.
ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 25ක් ක්‍රීඩා කර ලකුණු 1122ක් ලබාගෙන ඇත්තේ 48.78ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි. වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් වන අතර ඔහු කොදෙව්වන් සමඟින් එක්දින ක්‍රිකට් තරග 27කට සහභාගී වෙමින් කඩුලු 34ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
දිමුත් කරුණාරත්න

එසේම කොදෙව් කණ්ඩායමට එරෙහිව එකඳු එක්දින ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති දිමුත් අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර එක්දින තරග 6 තුළ ලකුණු 257ක් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 52කට ආසන්න ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
ක්‍රිස් ගේල්

ගේල් එක්දින ශතක 25ක් සහ අර්ධ ශතක 53ක් වාර්තා කරගෙන ඇති අතර ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 18ක දී ලකුණු 494ක් ලබාගෙන තිබෙන්නේ 29.07කට ආසන්න හොඳ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
විනිසුරු තීරණයට උරණ වූ බ්‍රැත්වෙයිට වැඩ වරදී
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය 27 වැනිදා පැවැත්වුණු …..
කුසල් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 13ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු කොදෙව්වන්ට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 5ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 35කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන කොදෙව් පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
ශායි හෝප්

තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

මාලිංග යනු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිටින අත්දැකීම් බහුලතම පන්දු යවන්නායි. දකුණතින් වේගපන්දු යවන ලසිත් මාලිංග ඉතාමත් ප්‍රබල පන්දු යවන්නෙකි. ඒ අතරින් ඔහුගේ ප්‍රබලතම අවිය වන්නේ එක එල්ලේ පැමිණෙන වේගය අඩාල කළ යෝකර් (Yorker) පන්දුවයි.
තම සිව්වැනි හා අවසන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන මාලිංග ජාත්‍යන්තර එක්දින තරග 223ක දී කඩුලු 331ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 5.34ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.
ජේසන් හෝල්ඩර්

ප්‍රදීප්ගේ රෝගය අනාවරණය කරයි; සුවවෙන්න කල් යන ලකුණු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක …..
ඉසුරු උදාන

වමතින් මද වේගපන්දු යවන උදාන මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 11කට සහභාගී වෙමින් කඩුලු 8ක් දවාගෙන ඇත්තේ කොදෙව්වන් සමඟ එකඳු එක්දින තරගයක් හෝ ක්‍රීඩා නොකරමිනි. එසේම 40-50 අතර පන්දුවාර යැවීම සඳහා උදානව භාවිතා කිරීම ඉතාමත් හොඳ තීරණයක් බව දත්ත අනුව පෙනේ.
ශෙල්ඩන් කෝට්‍රෙල්

මොහු එක්දින තරග 21ක දී කඩුලු 28ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 30.96ක් ලෙස දැක්වේ. කෝට්‍රෙල් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.894ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. එසේම ඔහු ශ්‍රී ලංකාවට එදිරිව එකඳු තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති නමුත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7කට සහභාගී වී කඩුලු 11ක් දවාගෙන ඇත්තේ කොදෙව් වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වෙමිනි.
ඩරම් තණතීරුව හා කාලගුණය

වර්ෂාවෙන් බාධා එල්ල වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අවමය. ප්‍රේක්ෂකයින් 5,000කට පමණ අසුන් ගැනීමට හැකි මේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට පළමුව පන්දු යැවීම තෝරාගනු ඇත.
සංචිතයන්
ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, කසුන් රාජිත ජෙෆ්රි වැන්ඩර්සේ.
බටහිර ඉන්දීය කොදෙව්: ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, ඩැරන් බ්‍රාවෝ, ශිම්රන් හේට්මයර්, නිකොලස් පූරාන්, ඈශ්ලි නර්ස්, සුනිල් ඇම්බ්‍රිස්, කාලෝස් බ්‍රාත්වෙයිට්, ශායි හෝප්, ෆාබියන් ඇලෙන්, කෙමර් රෝච්, ඔශේන් තෝමස්, ශැනොන් ගේබ්‍රියෙල්, ශෙල්ඩන් කෝට්‍රෙල්
අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත, ලසිත් මාලිංග.
බටහිර ඉන්දීය කොදෙව්: ක්‍රිස් ගේල්, සුනිල් ඇම්බ්‍රිස්, ශායි හෝප් (කඩුලු රකින්නා), ශිම්රන් හේට්මයර්, නිකොලස් පූරාන්, කාලෝස් බ්‍රාත්වෙයිට්, ජේසන් හෝල්ඩර් (නායක), ෆාබියන් ඇලෙන්, කෙමර් රෝච්, ශැනොන් ගේබ්‍රියෙල්, ශෙල්ඩන් කෝට්‍රෙල්
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව කොදෙව් කණ්ඩායම 9 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3468ක් සමඟ ප්‍රසාද ලකුණු 77ක් දිනාගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනාගෙන සිටින්නේ ලකුණු 3754ක් සමඟ ප්‍රසාද ලකුණු 78ක් දිනාගෙනය.
ශ්‍රේණිගත කිරීම්වලින් නම් ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුළ හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළ හොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන
- ජූලි 01: – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 06: ඉන්දියාව – ලීඩ්ස්
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















