අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙය වීමෙන් 2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ද සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6ක ජයක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලියේ තරගයක් ඉතිරිව තිබිය දී ම 2-0ක් ලෙස එක්දින තරගාවලිය ජය ගැනීමට අද (18) සමත් වූහ.
ඕශදී සහ නිලක්ෂි ගඟට ඉනි කපයි
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ දී…….
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා වැඩි ලකුණු සංඛ්‍යාවක් සත්කාරකයින් හමුවේ තබමින් අභියෝගයක් එල්ල කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම වුවත්, ලකුණු 187ක් තරම් අඩු ලකුණු සංඛ්‍යාවකට සත්කාරකයින්ව නවතාලීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා හිමි වූ පහසු ඉලක්කය එංගලන්ත ක්‍රීඩිකාවන් සම්පූර්ණ කර ගන්නා විට කඩුලු 6ක් සහ පන්දු 99ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබුණි. පළමු තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරමින් එංගලන්ත පිලට දැවැන්ත ජයග්‍රහණයක් මං පෙත් විවර කළ ආරම්භක පිතිකාරිණී ඇමී ජෝන්ස් අද තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කරමින් එංගලන්ත ජයග්‍රහණය වේගවත් කළාය. හයේ පහර 3ක් සහ හතරේ පහර 7 ක් සමගින් වාර්තා කරන ලද ලකුණු 54 ක වේගවත් ඉනිම සඳහා ඈ මුහුණ දී තිබුණේ පන්දු 39 කට පමණි.
ඇමීගේ එම සුවිශේෂී ඉනිම නිසාම අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ ටැමී බියුමන්ට් අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 60ක් තුළ දී ලකුණු 69ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ද හැකියාව ලැබුණි. ඕෂධී රණසිංහගේ පන්දුවක් හමුවේ ඇමී ජෝන්ස්ගේ පිටියෙන් ඉවත් වූ අතර ඒ වන විට අනෙක් අන්තයේ රැඳී සිටි බියුමන්ට් රැස් කරගෙන සිටියේ ලකුණු 13ක් පමණි.
දිමුත්ගේ පෙරළිකාර පිතිකරණය සමඟින් SSC අවසන් සටනට
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League……
කෙසේ වෙතත් ඉනෝෂි ප්‍රියදර්ෂනීගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බියුමන්ට්ගේ ඉනිම ලකුණු 43ක දී අවසන් විය. අනතුරුව පිටියට පිවිසි ලෝරන්ස් වින්ෆීල්ඩ් පන්දු 41ක දී ලකුණු 44ක් ලබා එංගලන්ත ජයග්‍රහණය වේගවත් කළාය. තිස්තුන් වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවට එංගලන්ත නායිකා හේතර් නයිට් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ එංගලන්ත කණ්ඩායම් ජයග්‍රහණය තහවුරු විය. ඒ වන විටත් නයිට් පන්දු 31ක දී ලකුණු 20ක් ද, ඩැනියෙල් වොට් පන්දු 16ක දී ලකුණු 13ක් ද ලබා නොදැවී සිටියහ. එංගලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 4න් 3කම හිමිකාරිය බවට පත්වීමට ඉනෝෂි ප්‍රියදර්ශනී සමත් වූවාය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 41ක තරමක සාර්ථක ආරම්භයක් එක් කිරීමට නායිකා චමරි අතපත්තු සහ ප්‍රසාදිනී වීරක්කොඩි (17) සමත් වුවත්, ලකුණු 6ක් ඇතුළත ඔවුන් දෙදෙනාම ඉවත් කිරීමට ලෝරා මාෂ් සමත් විය. තරමක තැන්පත් විලාශයක් පෙන්නුම් කළ චමරි ලකුණු 22ක් ලබා ගනු ලැබුවේ පන්දු 45කට මුහුණ දීමෙනි.
අනතුරුව කණ්ඩායමේ බර කරට ගත් අනුෂ්කා සංජීවනී සහ ශෂිකලා සිරිවර්ධන තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක් එක් කරමින් සිටිය දී ඊට හරස්වන දිනයේ හොඳම පන්දු යවන්නිය වූ ඇලෙක්ස් හාර්ට්ලි සංජීවනීව ලකුණු 14ක දී නැවත ක්‍රීඩාගාරයට පිටත් කර හැරියාය. එම දැවී යෑමෙන් මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු දෙකක් එක් වද්දී ශෂිකලාව දවා ගැනීමට ඇන්යා ශයුම්සෝල සමත් වීමේ පාඩුව ද ශ්‍රී ලංකා කණ්ඩායමට තදින්ම දැනුණි.
එක්දින අපලය දීර්ඝ වෙද්දී ශ්‍රී ලංකාවට තවත් පූර්ණ තරගාවලි පරාජයක්!
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය…..
ලකුණු 73කට කඩුලු 4ක් ලෙසින් සටහන් වූ ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව බවට පත්වූයේ හර්ෂිතා මාධ්‍යවී සහ හන්සිමා කරුණාරත්න අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ලකුණු 72ක සම්බන්ධතාවයයි. තරමක් මන්දගාමී වූ එම සම්බන්ධතාව සඳහා පන්දු 97ක් යැවී තිබුණි. වැඩිම ලකුණු ලාභිණිය වූ හර්ෂිතා සිය ලකුණු 42 පන්දු 46ක දී වාර්තා කරද්දී, හන්සිමා ලබා ගත් ලකුණු 28 සඳහා ඇය පන්දු 60ක් වැය කර තිබුණි.
පසුපෙළින් පන්දුවට පහර දීමට පැමිණි නිලක්ෂි ද සිල්වා පන්දු 21ක දී ලකුණු 19ක් ද, ඕෂධී රණසිංහ පන්දු 16ක දී ලකුණු 10ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට යම් දායකත්වයක් දැක්වූහ. නිලක්ෂිගේ ඉනිම සඳහා එක් හයේ පහරක් ඇය එල්ල කළ අතර එය ශ්‍රී ලංකා කඳවුරෙන් වාර්තා වූ එකම හයේ පහර බවට පත්විය.
හාර්ට්ලිට අමතරව ඇන්යා ශයුබ්සෝලෙ ලකුණු 21කට කඩුලු දෙකක් සහ ලෝරා මාෂ් ලකුණු 42කට කඩුලු 2ක් බිඳ හෙළුවාය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගය ලබන 21 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 දී 187/9 – හර්ෂිතා මාධවී 42, චමරි අතපත්තු 22, හංසිමා කරුණාරත්න 28, නිලක්ෂිකා ද සිල්වා 19, අනුෂ්කා සංජීවනී 14, ප්‍රසාදිනී වීරක්කොඩි 17, ශෂිකලා සිරිවර්ධන 13, ඕෂධී රණසිංහ 10, ඇලෙක්ස් හාර්ට්ලි 36/3, ලෝරා මාෂ් 42/2, ඇන්යා ශයුබ්සොලෙ21/2
එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 33.3ක දී 188/4 – ඇමී ජෝන්ස් 54, ටැමී බියුමන්ට් 43, ලෝරන් වින්ෆීල්ඩ් 44, හීතර් නයිට් (නොදැවී 20), ඩැනියෙල් වොට් (නොදැවී) 13, ඉනෝෂි ප්‍රියදර්ශනී 45/3, ඕෂධී රණසිංහ 41/1
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















