මිනෝද් භානුකගේ ශතකය ජයග්‍රහණයෙන් සැමරේ

1043

මිනෝද් භානුක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙමින් ලබා ගත් මංගල ශතකය නොමියෙන මතකයක් බවට පත්වෙමින් සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම සමඟ අද (24) කොළඹ, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයකින් සැමරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

තරංගගේ ශතකයට මිලින්ද වටිනාකමක් ලබා දේ

ශ්‍රී ලංකා A ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සාමුහිකත්වය ඉදිරියේ නැවත වරක් අසරණ වූ සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් ක්‍රීඩකයෝ අද

එම තරග ජයග්‍රහණයත් සමඟින් දෙරට අතර තරග 5කින් සමන්විත නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ජයග්‍රණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර එය ඔහුට වඩාත් වාසි සහගත විය. ඔහු අද තම කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට සමත් විය. මෙම ශතකය කණ්ඩායම වඩාත් අසීරු තත්ත්වයක සිටිය දී රැස් කිරීම වඩාත් කැපී පෙණුනි.

අයර්ලන්ත ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 39ක් වෙද්දී නැවත හරහා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ හේතුවෙන් ම සංචාරක ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වෙතැයි සිතුව ද ඉනිමේ සිව්වැනි කඩුල්ල සඳහා නායක හැරී ටෙක්ටර් සහ ලෝකන් ටකර් එක්ව ලකුණු 45ක සබඳතාවක් ගොඩ නගමින් කණ්ඩායම ලකුණු පීල්ලට රැගෙන ආහ. ලෝකන් ටකර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 36කි.

අනතුරුව හැරී ටෙක්ටර්ට එකතු වූයේ ශේන් ගෙට්කේට් ය. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වෙහෙසට පත් කරමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 178ක සබඳතාවක් එක් කළහ. අයර්ලන්ත ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 262ක් වෙද්දී ශේන් ගෙට්කේට් පන්දු 93ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 86ක් ලබා සිටිය දී තම කඩුල්ල අහිමි කර ගත්තේ ය.

ඕස්ට්‍රේලියා නොගිය කෞෂාල්ගෙන් අති දැවැන්ත ඉනිමක්!

වෝන් – මුරලි කුසලානය අරඹමින් ක්‍රියාත්මක වූ පළමු දිනයේම ශ්‍රී ලංකා පිතිපෙළ ලකුණු 144කට දැවී ගිය බව ඔබ මේ

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ තෙවැනි පන්දුවේ දී නායකයාගේ ඉනිම ද අවසන් විය. ඒ වෙද්දී ඔහු පන්දු 11කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 103ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න සහ ජීවන් මෙන්ඩිස් අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.

Photo Album :  Ireland A Team Tour to Sri Lanka 2018/19 | 3rd ODI

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව 47ක් විය. ඉනිම එක් අන්තයකින් ආරම්භ කළ නායක උපුල් තරංග අද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29කි. පන්දු 12කින් සමන්විත වූ එම ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුලත් විය.

අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක අතර ලකුණු 155ක සබඳතාවක් ගොඩ නැගුණි. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේ ය.

දික්වැල්ල ජාමෙ බේරයි; දිනය නිමා වෙද්දී කැන්ගරුවන් ඉදිරියෙන්!

ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් අද (24) පළමු දිවා – රාත්‍රි ටෙස්ට්

ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී මිනෝද් භානුක පන්දු 87ක දී හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 113ක් ලබා සිටියේ ය. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් ඇන්ජලෝ පෙරේරා නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 35කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 21කට මුහුණ දී සිටි අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඉනිමට ඇතුලත් විය. මිනෝද් සහ ඇන්ජලෝ අතර තෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව ලකුණු 70කි.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරිත්වය ජේම්ස් කැමරන් සතු විය.

අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 268 (50) ලෝකන් ටකර් 36, හැරී ටෙක්ටර් 103, ශේන් ගෙට්කේට් 86, ඉසුරු උදාන 3/45

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 272 (31.1) අවිශ්ක ප්‍රනාන්දු 89, උපුල් තරංග 29, මිනෝද් භානුක නොදැවී 113, ඇන්ජලෝ පෙරේරා නොදැවී 35, ජේම්ස් කැමරන් 2/77

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි නිල නොලත් එක්දින තරගය මේ මස 26 වැනිදා කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<