ශ්‍රී ලංකා A ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සාමුහිකත්වය ඉදිරියේ නැවත වරක් අසරණ වූ සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් ක්‍රීඩකයෝ අද (21) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ දෙවැනි නිල නොලත් එක්දින තරගය ද පරාජයට පත්වූහ. ඒ ලකුණු 175කිනි.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ඉතාම ලෙහෙසියෙන් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි විය.
අවිශ්ක සහ මිලින්දගේ ශතක ශ්‍රී ලංකාවට වාසියක් වේ
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර අද…..
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 337ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් අයර්ලන්ත ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 162ක් පමණි. ඔවුන්ට පරාජය හිමි වූයේ තවත් පන්දු 85ක් ඉතිරිව තිබිය දී ය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක උපුල් තරංග පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඔහු සහ අවිශ්ක ප්‍රනාන්දු අතර පළමු කඩුල්ලට ලකුණු 86ක සබඳතාවක් එක් වූයේ අවිශ්කගේ අර්ධ ශතකයත් සමඟිනි.
අවිශ්ක දැවී යන විට පන්දු 45ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියේ ය.
ෂෙහාන් ජයසූරියට අද තරගයේ දී ද වැඩි දායකත්වයක් තම කණ්ඩායමට ලබා දීමට හැකි වූයේ නැත. ඔහු අද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 13කි. එසේ වූව ද ඔහු උපුල් තරංග හා එක්වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට දායක විය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 197ක් විය. ඔහු සහ ඇන්ජලෝ පෙරේරා අතර එම කඩුල්ලට සබඳතාව ලකුණු 61කි.
ශතක දෙකේ වීරයා ශ්‍රී ලංකාවට හිසරදයක් වන ලකුණු!
කර්ටිස් පැටර්සන්, මීට දින කිහිපයකට පෙර නිමාවුණු සිංහ – කැන්ගරු තෙදින…..
පෙර තරගයේ දී ශතකයක් ලබා ගත් මිලින්ද සිරිවර්ධනට අද ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. මිලින්දගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා කිරීමට ඇන්ජලෝ පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් සමත් වූහ. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට ලකුණු 128ක සබඳතාවක් එක් කළහ.
කමිඳු මෙන්ඩිස් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට ඇන්ජලෝ පෙරේරා පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා සිටියේ ය. ඔහුත් සමඟ අනෙක් අන්තයේ නොදැවී සිටි ඉසුරු උදාන ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6කි.
අයර්ලන්තය පන්දු යවන්නෝ 7 දෙනෙක්ගේ සේවය ලබා ගත්ත ද ඔවුන් අතුරින් හොඳම පන්දු යැවීම් වාර්තා කළේ ජේම්ස් කැමරන් පමණි. ඔහු ලකුණු 32කට කඩුල්ලක් ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ පළමු පන්දුවේ සිටම පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඉසුරු උදානගේ පළමු පන්දුවෙන්ම අයර්ලන්ත ආරම්භක පිතිකරුවා විවේක ගැන්වූ අතර ඉන් අනතුරුව යැවුණ සිව්වැනි පන්දුවේ දී ද තවත් කඩුල්ලක් දවා ගැනීමට ඉසුරු උදාන සමත් විය.
තරිඳු කෞෂාල්ගෙන් කඩුලු 7ක්; භානුකගෙන් ප්‍රවේගකාරී ශතකයක්!
ජාතික කණ්ඩායමේ දොරටුව අසල සිටින ක්‍රීඩකයින් කරට කර සටන් වදින අන්තර්….
මෙසේ ආරම්භ වූ ඉනිම කඩුලු 5ක් දැවී යන විට කියැවුණේ ලකුණු 36ක් ලෙසිනි. කඩා වැටෙන ඉනිමේ පරාජය යම් තරමකින් පරාජය කළේ මාර්ක අදයිර් සහ ශේන් ගෙට්කේට් ය. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් ගොඩ නැගූහ. මාර්ක් අදයිර් පන්දු 40ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා සිටිය දී මිලින්ද සිරිවර්ධනට ගොදුරු වෙමින් එම කඩුලු සබඳතාව අහිමි කර ගත්තේ ය.
අනතුරුව එම ඉනිමට තවත් ලකුණු 46ක් එක් වෙද්දී ශේන් ගෙට්කේට් ද තම කඩුල්ල අහිමි කර ගත්තේ ය. එවර ද පෙරමුණ ගත්තේ මිලින්ද සිරිවර්ධන ය. ගෙට්කේට් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගනිමින් අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.
ඔවුන් දෙදෙනාට අමතරව ජේම්ස් මැකලම් (18) සහ ගැරත් ඩෙලනි (15) යම් තරමකින් අයර්ලන්ත ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළහ. එහෙත් අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමා පසු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉඩ නොදුන්හ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහු ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව ඉසුරු උදාන ලකුණු 6කට කඩුලු 2ක් ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 33කට කඩුලු දෙකක් ද දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කළහ.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 337 (50) අවිශ්ක ප්‍රනාන්දු 55, උපුල් තරංග 103, ඇන්ජලෝ පෙරේරා නොදැවී 72, කමිඳු මෙන්ඩිස් 76,
අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 162 (35.5) ශේන් ගෙට්කේට් 56, මාර්ක් අදයිර් 43, ඉසුරු උදාන 2/06, කමිඳු මෙන්ඩිස් 2/33, මිලින්ද සිරිවර්ධන 4/26
දෙරට අතර පැවැත්වෙන තෙවැනි නිල නොලත් එක්දින තරගය මේ මස 24 වැනිදා කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















