ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර අද (13) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවැනි සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ගෞරවනීය ඉනිමක් තම කණ්ඩායම වෙත දායාද කිරීමට අයර්ලන්ත ක්‍රීඩක නීල් රොක් සහ ලෝකන් ටකර් සමත් වීම කැපී පෙණුනි.
තිසර විස්සයි විස්ස පළමු පහ ඇතුළට; මාලිංග හා රාජිතත් ඉදිරියට
ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේ දී කඩුලු තුනක් දවා ගත් ඉෂ් සෝධී විස්සයි විස්ස පන්දු…
තරගය අඳුරු ආලෝක තත්ත්වය මත පළමු දිනයට නතර කරන විට අයර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 286ක් ලබා සිටිය හ. ඒ වන විට නීල් රොක් පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 57ක් වාර්තා කරගෙන සිටියේ ය. ඊට අමතරව ලෝකන් ටකර් පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා සිටියේ ය.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක අශාන් ප්‍රියංජන්ගේ අදහස වූයේ තමන් දෙවන වර පන්දුවට පහර දීමට සුදුසු බවයි. ඒ අනුව ප්‍රතිවාදී සංචාරක ක්‍රීඩකයන්ට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා විය.
චාමික කරුණාරත්න විසින් එවන ලද පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක මනෝජ් සරත්චන්ද්‍ර විසින් රැකගත් උඩ පන්දුවක් හේතුවෙන් ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 24කට සීමා විය. එය ශ්‍රී ලංකා නායකයාගේ කාසියේ වාසියේ තීරණයේ සුබවාදී ඇරඹුමක් විය. නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110ක සබඳතාවක් ගොඩ නගන්නට ජේම්ස් මැකලම් සහ ස්ටෙෆාන් ඩෙහෙනි සමත් වූහ.
ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් ජේම්ස් දැවී යන විට අයර්ලන්ත ලකුණු පුවරුව 134ක් විය. ජේම්ස් පන්දු 105කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය.
ඉන් අනතුරුව තවත් ලකුණු 24ක් තුළ කඩුලු දෙකක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වීමත් සමඟ නැවත තරගයේ පාලනය සත්කාරක ක්‍රීඩකයන් සතු විය. දැවී ගිය කඩුලු අතරින් වඩාත් වැදගත් වූයේ ස්ටෙපන් ඩොහෙනිගේ දැවී යෑමයි. ඔහු පන්දු 103කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා සිටිය දී ය පිටියෙන් ඉවත් කෙරුණේ.
ඉන්දීය කණ්ඩායමේ වෙහෙස වතුරේ යයි
වාර්තා කිහිපයක් අලුත් කරමින් පසුගිය දා නිමා වූ ටෙස්ට් තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට සංචාරක…
තරගය තේ විවේකය සඳහා නතර කරන විට අයර්ලන්ත ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් තිබූ අතර වමත් පිතිකරු නීල් රොක් (32) සහ දකුණත් පිතිකරු ලෝකන් ටකර් (20) නොදැවී පිටියේ රැඳී සිටිය හ. ඔවුන් දෙදෙනා ඉතා අපහසුවෙන් එහෙත් තම ලකුණු පුවරුව සීරු මාරුවෙන් ඉහළ ගෙන යෑමට කදිමට කරගෙන ගියහ.
ඒ වෙද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වී සිටි පන්දු යවන්නා වූයේ චාමිකර කරුණාරත්න ය. ඔහු කඩුලු දෙකක් ලබා සිටියේ ය.
තේ විවේකයෙන් අනතුරුව ද අයර්ලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කෙතරම් තුරුම්පු උපයෝගී කර ගත්ත ද, ඒ සෑම එකකින්ම බේරී සිටින්නට මේ වමත් සහ දකුණත් පිතිකරුවන් දෙදෙනා සමත් වූහ. අයහපත් සහ අඳුරු කාලගුණ තත්ත්වය සූරියවැව ක්‍රීඩාංගණයට ළඟා වන තුරුම ඔවුන් තම කඩුලු ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදුණි.
ප්‍රියමාල් පෙරේරා දෙවැනි ද්විත්ව ශතකයත් රැස් කරයි
දිනෙන් දින උණුසුම් වෙන අන්තර් ක්‍රීඩා සමාජය Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ…
ඔවුන් දෙදෙනා අතර පස් වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ නොදැවුණ සබඳතාව ලකුණු 128කි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමික කරුණාරත්න ලකුණු 54කට කඩුලු දෙකක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව මොහොමඩ් ශිරාස් සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුල්ල බැගින් බෙදා ගෙන සිටිය හ.
අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 286 (82) ජේම්ස් මැකලම් 72, ස්ටෙපන් ඩොහෙනි 58, නීල් රොක් නොදැවී 57, ලෝර්කන් ටකර් නොදැවී 61, චාමික කරුණාරත්න 2/54
හෙට (14) තරගයේ දෙවැනි දිනයයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















