කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
තිසර වැඩ පෙන්වද්දී ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ එක්දින තරගාවලියේ තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ඊයේ (8) නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ නවසීලන්තය ලකුණු 115කින් තරගය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් උරුම කරදෙමිනි.
ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල ශ්‍රී ලංකා කණ්ඩායමක් තරග 3-0ක් ලෙස පූර්ණ එක්දින තරගාවලි පරාජයකට ලක්වූයේ වසර 28කට පසුවයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඊයේ තරගය සඳහා අවතීර්ණ වූයේ පසුගිය දා පැවති දෙවැනි එක්දින තරගයේ දී ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න හා සීකුගේ ප්‍රසන්න වෙනුවට ධනංජය ද සිල්වා, දසුන් ශානක හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් ආදේශ කරගනිමිනි.
එසේම නවසිලන්තය මේ වන විටත් මේ එක්දින තරගාවලිය ජයගෙන තිබීම නිසාවෙන් දෙවන තරගයට ක්‍රීඩා කළ ට්‍රෙන්ට් බෝල්ට් හා ඩග් බ්‍රෙස්වෙල් වෙනුවට ලුකී ෆර්ගසන් හා මැට් හෙන්රි ඊයේ කණ්ඩායම වෙත කැඳවා තිබුණි.
සම්පූර්ණ වාර්තාව: තිසර නැවතත් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාවට පූර්ණ පරාජයක්
බදුරලියට පළමු ඉනිමේ ජයක්

තරගයේ තෙවන දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බදුරලිය ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 130ක් ලබාගෙන සිටියේ මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 198ක් පිටුපසින් සිටිමිනි.
සම්පූර්ණ වාර්තාව: නවකයින් හමුවේ බදුරලියට පළමු ඉනිමේ ජයක්
ගුණතිලක සංචිතයෙන් ඉවතට

පසුගිය දා නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරග ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන කුසල් ජනිත් නැවත වතාවක් සංචිතයට කැඳවා තිබේ.
සම්පූර්ණ සංචිතය: නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට යද්දී එක්කෙනෙක් හැලේ





















