වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවය ආරම්භ වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩක ඉෂාර හේරත් හදිසියේ ආබාධයකට ලක් වීම නිසා ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී ඇති බව වාර්තා වේ. තරගාවලිය එළඹෙන දෙසැම්බර් 12 වැනිදා චීන තායිපේ හිදී පැවැත්වීමට නියමිතයි.
යොවුන් රග්බි කණ්ඩායමේ සුක්කානම ගැමුණු චේතියට
වින්ග්, සෙන්ටර් මෙන්ම ෆුල් බැක් ස්ථානවල ද එක සේ දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන මේ වසරේ සාන්ත…
මලියදේව විද්‍යාලය නියෝජනය කළ ඉෂාර අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය අතරතුර දී ද ආබාධයකට ලක් වූ අතර වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියට පුහුණුවීම් කරන අතරතුර නැවතත් ආබාධයකට ලක් වීම නිසා ඔහුව තායිපේ වෙත යන කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

“කණ්ඩායමට මෙය විශාල පාඩුවක්, ඒ අපිට දැන් තව පන්දුවට පා පහර දෙන්නෙක් සොයා ගැනීමට සිදු වන නිසා, තරිඳු හෙට්ටිආරච්චිට ඉෂාර වෙනුවට අවස්ථාව හිමි වෙයි, අපිට ඔහුවත් තුවාන් සාමිල් වත් භාවිතා කරන්නට වෙයි ඉතා වැදගත් ලකුණු රැස් කර ගන්න” පුහුණුකරු ලෙව්කේ ThePapare.com හමුවේ අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේය.
තායිපේ සංචාරයට එක්වන 19න් පහළ සංචිතය නම් කෙරේ
චීන තායිපේ හීදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා වයස…
ඒ අනුව ඉෂාර ඉවත්ව යාමෙන් හිස්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ස්ථානයට කළිඳු නන්දිල හෝ තරිඳු හෙට්ටිආරච්චි ක්‍රීඩා කරනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 12 වැනිදා රාත්‍රී 7ට සත්කාරක චීන තායිපේ සමගින් තරග වැදීමට නියමිතයි.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<






















