යොවුන් රග්බි කණ්ඩායමේ සුක්කානම ගැමුණු චේතියට

352

වින්ග්, සෙන්ටර් මෙන්ම ෆුල් බැක් ස්ථානවල ද එක සේ දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන මේ වසරේ සාන්ත ජෝසප් විද්‍යාලයේ සාර්ථකත්වයේ ප්‍රධානතම නියමුවෙකු වූ ගැමුණු චේතිය චීන තායිපේ හී පැවැත්වෙන, ආසියානු වයස අවුරුදු 19න් පහළ (පහළොස්දෙනාගේ) රග්බි තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබේ.  

විවාදයකින් තොරවම මේ වසර තුළ පාසල් ක්‍රීඩා පිටියේ දිදුළනම තරුව වූ ඔහු තායිපේ බලා පිටව යන විසිහත් දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇත. පසුගිය වසරේ දී හොංකොං හමුවේ කොළඹ දී මෙන්ම හොංකොං හිදී ද ශ්‍රී ලංකාව පරාජය වූ අතර මේ වසරේ දී එම පරාජයේ අඳුරු මතක අතුගා දැමීම ගැමුණු ප්‍රමුඛ කණ්ඩායමේ ප්‍රධානතම අරමුණක් වනු ඇත.

පසුගිය වසරේ තරගාවලියේ කොළඹ පැවති පළමු අදියර සඳහා ගැමුණු සහභාගී වූ නමුත් තරගය අතරතුර දී ඔහු උරහිසේ ආබාධයකට ලක් වීම නිසා ඔහුට තරගය අවසන් කිරීමට නොහැකි විය. උරහිසේ ආබාධයක් නිසා ThePapare.com කොළඹ හා මහනුවර අතර රග්බි තරගාවලිය ද ඔහුට අහිමි වූ අතර ඔහු මේ වන විට එම ආබාධයෙන් සුවය ලබා සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ තරග බිමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු වන ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ, වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික තරගාවලි මෙන්ම වයස අවුරුදු 19න් පහළ රග්බි කණ්ඩායම් ද නියෝජනය කර තිබේ. නිමා වූ සත් සාමාජික රග්බි තරගාවලි කිහිපයකම කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට ඔහු සමත් වූ අතර ඔහුගේ පත්වීම ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ප්‍රධානී රොහාන් අබේකෝන් විසින් තහවුරු කරන ලදි.

අගනුවර ක්‍රීඩකයෝ උඩරට පරාජය කරමින් ශූරතාවය දිනති

ThePapare.com අනුග්‍රහයෙන් පැවැත්වුණු කොළඹ පාසල් කණ්ඩායම (Colombo Blues කණ්ඩායම)….

ගැමුණු චේතිය සාන්ත ජෝසප් විද්‍යාලය අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරයින් බවට පත් කරන්නට ඉමහත් මෙහෙයක් ඉටු කරනු ලදි. එම තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභින් අතර ද සිටින ඔහු 48 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ දී MAS කණ්ඩායම නියෝජනය කරන ලදි. ඔහු දැක්වූ දක්ෂතා නිසා 2018-19 තරග වාරය සඳහා CR&FC ක්‍රීඩා සමාජයට ද ඔහුව කැඳවා සිටීම විශේෂත්වයකි.

27 දෙනෙකුගෙන් යුතු සංචිතය ඉදිරියේ දී නම් කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩයම එළඹෙන දෙසැම්බර් මස මුලදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

තරගාවලියේ තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<