දිනයේ පළමු කාර්තු දෙකේ දී ශ්‍රී ලංකාවට වැඩි වාසි හිමිවූත්, අවසන් කාර්තුවේ දී එම වාසිය එංගලන්තය දෙසට නතුවූත් අපූරු හා තීරණාත්මක තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (24) කොළඹ එස්. එස්. සී පිටියේ දී නිමා වූයේ සිය ක්‍රීඩා විලාසයේ දුර්වලතාවයක් ඇති බව ශ්‍රී ලංකා පිතිකරුවන්ට නැවතත් වරක් සිහිපත් කරමිනි.
තරගයේ වාසිය එංගලන්තය දෙසට නතුකර ගැනීමට ඔවුන්ගේ දක්ෂ පන්දු රැකීම ඉවහල් වූ අතර ඒ සඳහා හොඳම උදාහරණය වූයේ short leg කලාපයේ පන්දු රකිමින් ශ්‍රී ලංකා ප්‍රබල පිතිකරුවන් 4 දෙනෙක් දවා ගැනීමට සමත් වූ කීටන් ජෙනින්ග්ස්ගේ පන්දු රැකීමයි. කෙසේ නමුත් තරගයේ දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 99ක ඉදිරියක් ලබා ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
විනිසුරු සවියෙන් බෙයාර්ස්ටොව් – ස්ටොක්ස් ශ්‍රී ලංකාවට සටනක් දෙති
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන
එංගලන්තය තරගාවලිය ජයගෙන තිබුණ ද ඔවුන් 3-0ක් ලෙස තරගාවලිය white wash කිරීමේ අරමුණින් තෙවැනි තරගයට අවතීර්ණ වෙද්දී, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වෙන්නේ සිය අභිමානය බේරාගැනීමේ අපේක්ෂාවෙනි.
අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 312ක් ලබාගෙන සිටි අතර ඊයේ (23) දිනයේ දී අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගය පළමු දිනය සඳහා නවතා දමන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි මොයින් අලී හා ආදිල් රෂිඩ් පිළිවෙළින් ලකුණු 23* හා ලකුණු 13*ක් ලබාගෙන සිටියේය.
දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන් හා ඇන්ජලෝ මැතිව්ස් එක්ව එංගලන්ත අවසන් පෙළ කඩුලු 3 දවා ගත්තේ ලකුණු 24ක් පමණක් ලබා දෙමිනි. එංගලන්තය සීමා කිරීමට ප්‍රබල ලෙස හේතු වූයේ 4 පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටි අලීව උදෑසනම දවා ගැනීමයි. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මෙතෙක් යැවූ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 95කට කඩුලු 5ක් දවා ගත්තේ එංගලන්ත පිතිකරුවන්ව ඉතාමත් හොඳින් පාලනය කරමිනි. දිල්රුවන් පෙරේරා 113/3යි.
>>ශ්‍රී ලංකා – එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේ දෙවන දින සේයා රූ<< –
එංගලන්ත පළමු ඉනිමේ ලකුණු 336ට පිළිතුරු ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා පිළිතුරු පළමු ඉනිමට ආරම්භය ලබා දුන් වමත් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් වන දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී 4 පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබාගෙන සිටි ගුණතිලකව ජැක් ලීච් විසින් දවා ගත්තේ short leg කලාපයේ පන්දු රකිමින් සිටි කීටන් ජෙනින්ග්ස්ගේ දක්ෂ පන්දු රැකීමත් ඉවහල් කරගෙනයි.
එවැනි දක්ෂ පන්දු රැකීම් කිහිපයක් මෙම තරගාවලියේ දී දක්නට ලැබුණු අතර ජෙනින්ග්ස් පිතිකරුවාගේ චලන ඉරියව් හොඳින් නිරීක්ෂණය කරමින්, පන්දුව පිළිබඳව හොඳ අවධානයක පසුවෙමින්, පන්දු රකින ස්ථානය වහාම වෙනස් කරමින් කඩුලු දවා ගනු දක්නට ලැබුණි. කෙසේ නමුත් 2015ට පෙර පැවැත්වුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී එලෙස පන්දු රකින ස්ථානය වෙනස් කරන්නට පන්දු රකින්නන්ට නොහැකි වූ අතර පසුව එම නීතිය සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේය.
ගුණතිලකගේ අවාසනාවන්ත දැවී යාමට පසුව පිටියේ එක්වූ දිමුත් හා ධනංජය ද සිල්වා ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් තරගයේ දෙවන දිනයේ පළමු කාර්තුවේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 74ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටි අතර ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි දිමුත් හා ධනංජය ද සිල්වා යන දෙදෙනාම නොදැවී ලකුණු 28* බැගින් රැස්කරගෙන තිබුණි.
මහත්වරුන් ශ්‍රී ලංකාව White Wash කරයි ද?
ඇදවැටීම්, සිත් බිඳීම්, නැවත නැගිටීම් සමඟින් සිදුවන්නට ඇති සියලු දේ සිදු වූ අපූරු තරගාවලියක් වන සංචාරක එංගලන්ත ක්‍රිකට්
දිවා ආහාරයට පසුවත් උදෑසන කාලය තුල පවත්වා ගත් පිතිකරණ රිද්මයේ වෙනසක් නොකළ දිමුත් හා ධනංජය, දෙවන කඩුල්ල වෙනුවෙන් ඉතාමත් හොඳ සබඳතාවක් ගොඩනැංවූයේ ඉහළ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
ලබා දුන් උඩ පන්දු කිහිපයක්ම රැක ගැනීමට එංගලන්ත පන්දු රකින්නන් අසමත් වීමේ වාසියත් සමඟින් පන්දුවට පහර දුන් දිමුත් හා ධනංජය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 20 වැනි හා 5 වැනි අර්ධ ශතකය ද ලබා ගැනීමට අද සමත් විය.
කෙසේ නමුත් සවස තේ පානයට මිනිත්තු 10ක පමණ කාලයක් ඉතිරිව තිබිය දී දකුණතින් පිතිකරණයේ නිරත වන ධනංජය, ෆ්ලික් කිරීමකට ගොස් short leg කලාපයේ සිටි ජෙනින්ග්ස්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 73කට දැවී ගියේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 142ක සබඳතාවයට ද තිත තබමිනි. එම සබඳතාවය මේ ටෙස්ට් තරගාවලියේ මෙතෙක් වාර්තා වූ ඉහළම සබඳතාවය බවට පත්විය.
තේ පානයෙන් පසුව ක්‍රියාත්මක වූ පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේ දී 4 පහර 8ක් සමඟින් ලකුණු 83ක් ලබාගෙන සිටි දිමුත් කරුණාරත්න ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව 187ක් ලෙස දැක්වෙද්දී දවා ගැනීමත් සමඟම ශ්‍රී ලංකා පළමු ඉනිමේ දැවී ගිය කඩුලු 3ම දවා ගැනීමට short leg කලාපයේ සිටි ජෙනින්ග්ස් සමත් විය.
ඉන් අනතුරුව ගෙවී ගිය කාර්තුවේ ක්‍රියාත්මක වූ පන්දුවාර කිහිපය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සුබදායී නොවූයේ අඩු ලකුණු ප්‍රමාණයක් තුල ප්‍රබල කඩුලු කිහිපයක්ම දැවී යාම නිසාවෙනි. කුසල් මෙන්ඩිස් ලකුණු 27කට දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 53ක් තුල දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ හා පසුපෙළ පිතිකරණයේ යම් දුර්වලතාවයක් ඇති බව පෙන්නුම් කිරීමට ඇති හොඳම සාක්ෂියක් විය.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 240කට සීමා කළ දකුණතින් දඟපන්දු යවන ආදිල් රාශිඩ් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 49කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්කම් දැක්විය.
ලකුණු 96ක පළමු ඉනිමේ වාසියක් ද සහිතව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 3ක් ලබාගෙන සිටිය දී අයහපත් ආලෝක තත්වය නිසා දෙවන දිනය නිමා කිරීමට තරග විනිසුරුවරුන් කටයුතු කළේය.
එංගලන්ත පළමු ඉනිම – 336 (92.5): ජොනී බෙයාර්ස්ටොව් 110, බෙන් ස්ටොක්ස් 57, ජෝ රූට් 46, ලක්ෂාන් සඳකැන් 4/95, මලින්ද පුෂ්පකුමාර 2/64.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 240 (65.5): දිමුත් කරුණාරත්න 83, ධනංජය ද සිල්වා 73, කුසල් මෙන්ඩිස් 27, ආදිල් රෂීඩ් 5/49, බෙන් ස්ටොක්ස් 3/30.
එංගලන්ත දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 3/0 (4):
මෙම තරගයේ තරග වාර්තා, එසැණ තොරතුරු, වීඩියෝ , ලකුණු සටහන් හා සේයාරූ, ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















