කාණ්ඩ 6ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5800ක් සුගතදාසයට

185

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මලල ක්‍රීඩා ශූරතාවලිය 34 වැනි වතාවටත් ඔක්තෝබර් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

88 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ අභිෂේක

ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තිඹිරිගෙය බඳු “ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය” …

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික යෝග්‍යතා හා ක්‍රීඩා අංශය විසින් ශූරතාවලිය සංවිධානය කරනු ලබයි. මේ වසරේ තරගාවලිය සඳහා 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ යන වයස් කාණ්ඩය හය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5800කට අධික ප්‍රමාණයක් හා නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක්  එක්වනු ඇත.

1986 වසරේ දී වත්මන් අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම අනුව ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී ඇරඹුණු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට පිවිසීමට ඉමහත් සේවයක් ඉටුකර තිබේ. තරගාවලියේ ආරම්භක උත්සවය සඳහා අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අතර තරගාවලිය නිමා කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගී වීමට නියමිතයි.

බාලක ශූරතාව සාන්ත පීතර විදුහලට; බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක විදුහලට

88 වන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය අද (21) කොළඹ සුගතදාස ධාවන පථයේ දී සාර්ථකව..

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල කණ්ඩායම් ක්‍රීඩා 29කින් සමන්විත අතර රට පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000ක් තරගාවලියට එක්වනු ඇත. ක්‍රීඩා උළෙල සඳහා මෙවර පළමු වරට ලෙදර් පන්දු ක්‍රිකට් ඉසව්ව ඇතුලත් කර තිබුණි. මේ වසරේ ජුනි 29 පටන් අදියර හතරක් යටතේ සියලු ඉසව්වල තරග පැවැත්වුණු අතර මලල ක්‍රීඩා ශූරතාවලියෙන් මේ වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සමාප්ත වනු ඇත.  

කනිෂ්ඨ ආසියානු මීටර 400 ධාවන ශූර අරුණ දර්ශන සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් හතරක් දිනූ අමාෂා ද සිල්වා හට මෙවර ශූරතාවලියේ ඔලිම්පික් පහන දැල් වීමේ භාග්‍ය උදා වී තිබේ. රන් පදක්කම් දිනූ 4X400 සහය දිවීමේ කණ්ඩායමේ පසිඳු කොඩිකාරට මෙවර ශූරතාවලියේ දී මලල ක්‍රීඩකයින්ගේ ප්‍රතිඥාව කියැවීමේ වරම හිමිව තිබේ.

තරගාවලියේ හොඳම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් 62නෙක් සඳහා නව ගිණුම් විවෘත කිරීමට ලංකා බැංකුව සූදානම් වන අතර නෙස්ලේ ලංකා, ප්‍රීමා හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තරගාවලිය සඳහා අනුග්‍රාහකයින් ලෙස ක්‍රීඩා අමාත්‍යංශය සමඟින් අත්වැල් බැඳගෙන තිබේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<