මොරටු අභිමානය රැකගෙන සාන්ත සෙබස්තියන් අවසන් සටනට

836

17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (10) මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්විය. එම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

චන්දිමාල්ට ආසියානු කුසලානය මඟ හැරේ

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වැනිදා එක්සත්..

මෙම ක්‍රිකට් තරගය පසුගිය 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුනත් නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් අද (10) දිනය දක්වා තරගය කල්දැමීමට තරග සංවිධායකයින් තීරණය කළේය. මග්ගොන සරේ ගම්මාන පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමුව පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දුන්නේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය පිළිවෙළින් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය පරාජය කරමින් සුපිරි 4 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලයේ දිල්මින් රත්නායක හා ඩියොන් ප්‍රනාන්දු සිය විද්‍යාලය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අපොහොසත් විය. එයින් නොනැවතුණු සාන්ත සෙබස්තියන් විද්‍යාල පන්දු යවන්නෝ ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 11ක් තුල දවා ගත්තේය. නමුත් තරමක ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වූ ඩියොන් ප්‍රනාන්දු 4 පහර 3ක් සමඟ ලකුණු 27ක් ලබා ගනිමින් සාන්ත තෝමස් විද්‍යාලයට සාර්ථක අඩිතාලමක් සකසා දුන් නමුත් මැදපෙළ පිතිකරුවන් ඉතාමත් අඩු ලකුණු වලට දැවී ගිය නිසා සාන්ත තෝමස් ඉනිමේ වර්ධනය දැඩි ලෙස පරිහානියට ලක්විය.

කෙසේ නමුත් ලකුණු 86කට කඩුලු 8ක් දැවී ගොස් ඉතාමත් අපහසු මට්ටමක සිටි සාන්ත තෝමස් විද්‍යාලය යම් මට්ටමකට ඔසවා තබමින් අවසන් පූර්ව ක්‍රිකට් තරගයක රිද්මය පවත්වා ගැනීමට සහය වූ දකුණතින් පිත්ත හසුරුවන මනීෂ රූපසිංහ 4 පහර 5ක් සමඟ ලකුණු 43ක් ලබා ගනිමින් පන්දු 43කදී ලකුණු 35ක් වාර්තා කළේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් ගොඩනංවමිනි. ඒ සඳහා ඔහුට අනෙක් අන්තයෙන් සහය වූයේ ශමිල්ක වික්‍රමතිලකයි.

ශ්‍රී ලංකාව එක්ක තරග කරනවා කියන්නේ පුහුණු තරගයක් වගේ – ගවස්කාර්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන තරග පහකින් සමන්විත…

පන්දු යැවීමේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ වමතින් වේගපන්දු යවන සසික පෙරේරා ලකුණු 16ක් තුල කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

සාන්ත තෝමස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලබාගත් ලකුණු 143ට පිළිතුරු දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය නියමිත ඉලක්කය පන්දුවාර 41ක් තුල සපුරා ගත්තේ කඩුලු 4ක් පමණක් දවා ගනිමිනි. එහි දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවෙක් වන වමතින් පිත්ත හසුරුවන සුඛිත ප්‍රසන්න දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් ලකුණු 60ක් රැස්කර ගත්තේ පන්දු 106ක් තුලයි. ඔහුගේ ඉනිම 4 පහර 6කින් වර්ණවත් විය. පළමු කඩුල්ලට හැරුණ කොට අනෙක් කඩුලු කිහිපය අතරේ ඉතාමත් හොඳ ලකුණු සබඳතාවයන් කිහිපයක්ම ගොඩනැංවෙන ලදි. නායක ජනිෂ්ක පෙරේරා 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 38*ක් ලබාගෙන සාන්ත සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.

පන්දු යැවීමේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ දිල්මින් රත්නායක ලකුණු 42කට කඩුලු 2ක් දවාගත්තේය.

සාන්ත තෝමස් විද්‍යාලය – 143/10 (48.4): මනිෂ රූපසිංහ 35, ඩියොන් ප්‍රනාන්දු 27, මොහොමඩ් ඉෂාක් 27, සසික පෙරේරා 4/16.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 147/4 (41): සුඛිත ප්‍රසන්න 60, ජනිෂ්ක පෙරේරා 38*, දිල්මින් රත්නායක 2/42.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේ දී ගාල්ල මහින්ද විද්‍යාලය පරාජය කළ සාන්ත ජෝසප් විද්‍යාලය සමඟින් මේ තරගය ජය ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<