බංග්ලාදේශ – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අර්බුදයක

86

බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා පසුගිය දා එක්වූ අතර එම තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින් සමන්විත විය. ඉන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානයට එක්වීමට නියමිතව තිබිණි. 

යොවුන් ක්‍රීඩකයන්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන්

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සිහිනයේ පළමු වටයෙන්ම ඇද වැටුණ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සැනසිලිදායක ඉසව්වක් වූ පළඟ තරගාවලියට …

කෙසේ වෙතත් මෙම ටෙස්ට් තරග සංචාරයේ තරග කාලසටහන තරමක අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. පකිස්තානය තුල ඇති ආරක්ෂක ගැටලු නිසාවෙන් මෙම තරග කාලසටහන නිකුත් කිරීම තරමක් ප්‍රමාද වූ අතර නිකුත් කළ කාලසටහන බංග්ලාදේශයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි කීපයක් අතරතුර පැවැත්වීම මෙම අර්බුදයට හේතුවී ඇත. 

පෙබරවාරි මස 07 වන සිකුරාදා බංග්ලාදේශ කණ්ඩායම පළමු ටෙස්ට් තරගයට රාවල්පිණ්ඩි හිදී එක්වීමට නියමිත අතර එම තරගය නිමා වූ වහාම බංග්ලාදේශයේ පැවැත්වෙන සිම්බාබ්වේ තරගාවලියක් සඳහා ඔවුන් නැවත පැමිණීමට නියමිතය. 

එම තරගාවලියෙන් අනතුරුව අප්‍රේල් මස 05 වැනිදා නැවතත් පාකිස්තානයට පැමිණීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදු වන අතර ඒ දෙවන ටෙස්ට් තරගය සඳහායි. එම ටෙස්ට් තරගයට පෙර පළමු එක්දින තරගය අප්‍රේල් මස 03 වැනිදා පැවැත්වීමට නියමිතය. 

මෙම අර්බුදය පිළිබඳව බංග්ලාදේශ පුහුණුකරු වන රසල් ඩොමින්ගෝ තම අප්‍රසාදය පලකර තිබේ. 

“මේක හොඳ දෙයක් නෙමෙයි. ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්න අවම දවස් 7ක් 8ක් වත් සූදානම් විය යුතුයි.” ඩකා හිදී මාධ්‍යවේදීන් අමතමින් ඩොමින්ගෝ පවසා සිටියා. 

මෙම බංග්ලාදේශ පාකිස්තාන තරගාවලිය කොටස් කීපයකින් පැවැත්වීම බංග්ලාදේශයේ ඉල්ලීම මත සිදු වූ අතර එමඟින් ඔවුන් දීර්ඝ කාලයක් පාකිස්තානය තුල රැඳී සිටීමෙන් වැළකීමට උත්සාහ කර ඇත. 

කලකට පසු එංගලන්ත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා සංචාරයට

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට බලාපොරොත්තු වන බව පවසා සිටියා. එංගලන්ත…

2009 වසරේ දී ලාහෝර් හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තානය ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වූයේ පසුගිය වසරේ දී ය. 

බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් ඩොමින්ගෝ පවසා සිටියේ දේශීය තරගාවලියේ දී බංග්ලාදේශ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පිළිබඳව තමන් සතුටු වන බවයි. නමුත් බංග්ලාදේශයෙන් පිටත එම තත්වයන් වෙනස් විය හැකි බවත් ඔහු පවසා සිටියා. 

බංග්ලාදේශ දේශීය තරගාවලියක දී ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පසුගිය දා තමීම් ඉක්බාල් සමත් වූ අතර එම ලකුණු සංඛ්‍යාව 334ක්. 

බංග්ලාදේශ නායක මොමිනුල් හක්, මහමදුල්ලා රියාද් හා ලිටන් ඩස් ද මෙම දේශීය තරගාවලියේ දී ශතක වාර්තා කිරීමට සමත්ව තිබුණි. 

“ඔවුන් මේ තරගවල දී ක්‍රීඩා කරන කඩුලු එතරම් වේගයක් හා ඉපිලීමක් ලබාගන්නේ නෑ. මම හිතනවා රාවල්පින්ඩිවල තරමක වේගයක් හා ඉපිලීමක් තියේවි. ඒක මේ ක්‍රීඩකයන්ට අභියෝගයක් වේවි. “

ඩොමින්ගෝ පවසා සිටියේ බංග්ලාදේශයෙන් පිටත් තරගවල දී තමන් මෙම ක්‍රීඩකයන්ගෙන් වඩාත් කැපවීමක් බලාපොරොත්තු වන බවයි. 

බයිලා නොගැසූ එම්. එස්

එම්.එස් යන නාමය ප්‍රසිද්ධ බයිලා වලටය. නමුත් මේ ලිපියෙන් විමසා බැලෙන්නේ බයිලා නොගැසූ එම්. එස් කෙනෙකු පිළිබඳවයි. ඔහු පිත්තත් රැගෙන පිටියට…

“ඉන්දීය තරග සංචාරය අසාර්ථක වුනාට පස්සේ ක්‍රීඩකයන් ගොඩක් දන්නවා ඔවුන් හොඳින් ක්‍රීඩා කල යුතුයි කියලා. අපි හැමවෙලේම උත්සාහ කරන්න ඕනේ පිතිකරණයෙන් ලොකු කැපවීමක් කරන්න. ඒ වගේම තත්වය කෙතරම් නරක වුනත් ලකුණු රැස්කරන්න ඕනේ. “

බංග්ලාදේශ කණ්ඩායම 2019 වසරේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරග 5 ම පරාජය වූ අතර ඉන් අවසන් තරග ද්විත්වය ඔවුන් පරාජය වූයේ ඉනිමකිනි. ඒ පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දීය තරග සංචාරයේ දීයි. 

බංග්ලාදේශ කණ්ඩායම මෙම වසරේ ජනවාරි මාසයේ දී පාකිස්තාන තරග සංචාරයක් සඳහා එක්වූ අතර විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වූ එම තරගාවලිය බංග්ලාදේශ කණ්ඩායම පරාජය වූයේ 2-0ක් ලෙසිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<