කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ඉන්දීය කණ්ඩායම පළමු විස්සයි විස්ස ජය ගනී

කොළඹ බී. ආර්. සී පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වීම නිසා තරගයේ වැඩි පීඩනය ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් අතරට පැමිණියේය.
සම්පූර්ණ වාර්තාව: අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා වෑයම අපතේ යයි
මදුෂ්කගේ ඉනිමෙන් ශ්‍රී ලංකාවට යම් සහනයක්

ලකුණු 345ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තෙවැනි දිනය නිමාවේ දී කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබා සිටිය හ. එහි දී ආරම්භක දකුණත් පිතිකරු මධුශ්ක පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය.
සම්පූර්ණ වාර්තාව: ඉන්දීය යෞවනයන් හමුවේ නිශාන් මධුශ්ක ගැලවුම්කාරී ඉනිමක
තිසරගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

පසුගිය දා පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය අනපේක්ෂිත ලෙස ලකුණු දෙකකින් පරාජය වීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සිදු විය. ඒ නිසා ශ්‍රී ලංකාව මේ තරගය සඳහා අවතීර්ණ වූයේ කෙසේ හෝ මේ තරගය ජයග්‍රහණය කර තරගාවලිය සම කිරීමේ අරමුණ ඇතිවයි. සිලෙට් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.
සම්පූර්ණ වාර්තාව: තිසරගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්





















