ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් A කණ්ඩායම අතර පැවති දෙවන නිල නොවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 67කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ තරගාවලිය 1-1ක් ලෙස සමකරමිනි. මේ තරගයේ දී සුපිරි පිතිකරණයක නිරත වූ තිසර පෙරේරා වේගවත් ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
දසුන් ශානකගේ සටන්කාමී ඉනිම අපතේ යයි
ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් දැක්වූ දුර්වලතාවන් වසාගෙන පසුපෙළ පිතිකරුවන් ලකුණු අතරg පිවිසිය ද, අවසාන මොහොතේ දී ඔවුන්ගෙන් ද තරගය ඉතා අවාසනාවන්ත ලෙසින්…
පසුගිය දා පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය අනපේක්ෂිත ලෙස ලකුණු දෙකකින් පරාජය වීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සිදු විය. ඒ නිසා ශ්‍රී ලංකාව මේ තරගය සඳහා අවතීර්ණ වූයේ කෙසේ හෝ මේ තරගය ජයග්‍රහණය කර තරගාවලිය සම කිරීමේ අරමුණ ඇතිවයි. සිලෙට් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.
ශ්‍රී ලංකාව මේ තරගය වෙනුවෙන් ඉදිරිපත් කළ කණ්ඩායම හා පසුගිය තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම අතර සැසඳීමේ දී පසුගිය තරගයේ ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම වෙනුවට මිනෝද් භානුක කණ්ඩායමට කැඳවා තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවන් යුගලය වූ උපුල් තරංග හා ලහිරු තිරිමාන්න හට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූයේ තිරිමාන්න ලකුණු නොලබාම දැවී ගිය නිසාවෙනි. අනතුරුව තරංග හා පිටියේ එක්වූ අශාන් ප්‍රියන්ජන් ලකුණු 58ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම් මට්ටමකට ඔසවා තබන ලදි.
4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 44ක් ලබාගත් තරංග, සුන්සමුල් ඉස්ලාම්ගේ පන්දුවකට අරිෆුල් හක් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසයි. ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා තෙවැනි කඩුල්ලේ සිට හත්වැනි කඩුල්ල දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල කඩුලු 5ක් දැවී ගියේ ලකුණු 57ක් තුලයි.
ගෙදර ගිය ද. අප්‍රිකා දඟයා නැවතත් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු දඟපන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි තරගාවලියෙන් ඉවත් වීමට තීරණය..
ලකුණු 129කට කඩුලු 7ක් දැවී ගොස් තිබිය දී නායකත්වයේ පිතිකරණයක නිරත වූ වමතින් පිත්ත හසුරුවන තිසර පෙරේරා, මලින්ද පුෂ්පකුමාර හා එකතු වෙමින් 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක වේගවත් සබඳතාවයක් ගොඩනංවන ලදි.
එහි දී තිසර පෙරේරා එක් අන්තයක් රැකගෙන උපක්‍රමශීලී ලෙස පිතිකරණයේ නිරත වීම ශ්‍රී ලංකා ලකුණු පුවරුව තරගකාරී ලකුණකට යාමට ප්‍රබල ලෙස හේතු විය. පුෂ්පකුමාර, ශරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ ලකුණු 8කට දැවී ගියේය. 4 පහර 9ක් හා දැවැන්ත 6 පහර 5ක් එල්ල කරමින් පන්දු 88ක දී ලකුණු 111ක් ලබා ගත් තිසර පෙරේරා හා එක්වූ ෂෙහාන් මදුසංක ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කරන ලදි.
ෂෙහාන් මදුසංක ලකුණු 36ක් ලබා ගත්තේ 4 පහර හා 6 පහර දෙකක් එල්ල කරමිනි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 275ක්.
පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන නයීම් හසන් සිය පන්දුවාර 10 තුල ලකුණු 42ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගන්නා ලදි.
ලකුණු 276ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ A කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ දකුණතින් පිත්ත හසුරුවන අල් අමීන්ය. ඔහු 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟින් අනෙක් බංග්ලාදේශ පිතිකරුවන්ට සාපේක්ෂව දක්ෂ ලෙස පිතිකරණයේ නිරත විය.
කෙසේ නමුත් මලින්ද පුෂ්පකුමාර, නිශාන් පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ ඉනිම ලකුණු 208කට සීමා වූයේ ඔවුන්ගේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙරයි. ඊට අමතරව ශකීර් හුසේන් හා සයිෆ් හුසේන් පිළිවෙළින් ලකුණු 32ක් හා ලකුණු 28ක් බංග්ලාදේශ ලකුණු සටහනට එකතු කළේය.
පන්දු යැවීමේ දී දඟපන්දු යවන පුෂ්පකුමාර හා පීරිස් කඩුලු 2ක බැගින් දවා ගන්නා විට ෂෙහාන් මදුසංක, ෂෙහාන් ජයසූරිය, අශාන් ප්‍රියන්ජන් හා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ශ්‍රී ලංකා A – 275/10 (49.4): තිසර පෙරේරා 111, උපුල් තරංග 44, ෂෙහාන් මදුසංක 36, නයීම් හසන් 3/42, සුන්සමුල් ඉස්ලාම් 2/21, ශරිෆුල් ඉස්ලාම් 2/74.
බංග්ලාදේශ A – 208/10 (44.2): අල් අමීන් 46, සකීර් හුසේන් 32, මලින්ද පුෂ්පකුමාර 2/30, නිශාන් පීරිස් 2/39.
- තරගයේ වීරයා – තිසර පෙරේරා (ශ්‍රී ලංකා A)
දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන හා අවසන් නිල නොවන එක්දින ක්‍රිකට් තරගය ලබන 22 වැනිදා සිලෙට් හිදී පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















