2016 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය නූලෙන් ගිලිහුනත් ප්‍රබල ප්‍රංශ පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලානයට පිවිසෙන්නේ ලෝක කුසලානයේ පහස ලැබිය හැකි ප්‍රබල කණ්ඩායමක් ලෙසය.
තරුණ මෙන්ම අත්දැකීම් බහුල යන ක්‍රීඩකයින් දෙවර්ගයේම සංකලනයකින් මෙවර ප්‍රංශ කණ්ඩායම අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වනු ඇත.
හැරී කේන් සමඟින් දශක පහක ශාපයට අභියෝග කරන එංගලන්තය
1966 දී ලෝක ශූරයින් වූ, 1990 දී ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසුණු….
ලෝක කුසලාන අතීතය

වත්මන් ප්‍රංශ පුහුණුකරු වන ඩිඩියර් ඩේස්කැම්ප්ස් (Didier Deschamps) 1998 ලෝක කුසලානය දිනූ ප්‍රංශ කණ්ඩායම මෙහෙය වූ අතර සිනඩින් සිඩෑන්, තියරි හෙන්රි, ඩේවිඩ් ට්‍රේසගට් (David Trezeguet), ලිලියන් තුරෑම් හා එම්මානුවෙල් පෙටිට් වැනි ක්‍රීඩා තරු රැසක් එම කණ්ඩායමට ක්‍රීඩා කළේය. 2006 වසරේ දී අනුශූරයින් ලෙස ලෝක කුසලාන තරගාවලිය අවසන් කරන්නට ඔවුන් සමත් වූ නමුත් ඇතැම් අවස්ථාවල දී ඇදහිය නොහැකි පරාජයන්ට මුහුණ දෙන ඔවුන් ඉන්පසු මුහුණ දුන් ලෝක කුසලාන දෙකේම පළමු වටයෙන් ඉවත් විය.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම
‘A’ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් ප්‍රසාද ලකුණු 23ක් සමඟින් ඉතා පහසුවෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නට ඔවුන් සමත් විය. ස්වීඩනයට එරෙහිව එක් තරගයක් පරාජය වුවත් ජයග්‍රහණ හතක් හා ජය පරාජයෙන් තොර තරග දෙකකට හිමිකම් කියන්නට ඔවුන්ට හැකි විය. තේරීම් තරගවල දී ඉතා හොඳ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ගෝල හයක් පමණි. නමුත් ඔවුන්ට තේරීම් තරග පුරා රැස්කර ගැනීමට හැකි වූයේ ගෝල 18ක් පමණක් වූ අතර යුරෝපා තේරීම් තරගවල කාණ්ඩයක් ජයග්‍රහණය කළ කණ්ඩායම්වලින් දෙවැනියට අඩුම ගෝල රැස්කර ගත් කණ්ඩායම ප්‍රංශය විය.
ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1950 – 1958)
දෙවෙනි ලෝක යුද්ධය හේතුවෙන් 1938 වසරේ ලෝක කුසලානයෙන් පසු නැවතත් ලෝක….
ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග දෙක බෙලරුස් (0-0) හා ලක්සම්බර්ග් (0-0) සමඟ පැවති තරග වූ අතර මෑතකාලීනව පැවති සුහද තරගවල දී වේල්සය ගෝල 2-0ක් සහ රුසියාව ගෝල 3-1ක් ලෙස පරාජය කරමින් ද, වත්මන් ලෝක ශූර ජර්මනිය සමඟ තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නට ඔවුන් සමත් විය.
කළමනාකරු හා ක්‍රීඩා රටාව

තේරීම් තරගවල දී ඔහු 4-2-3-1 ආකාරයට ක්‍රීඩකයින් පිටියේ ස්ථාන ගත කළ අතර කණ්ඩායමේ ප්‍රධානතම ගෝල ලබා ගන්නා ක්‍රීඩකයා වන අන්ටෝයිනේ ග්‍රීස්මාන් (Antoine Griezmann) පළමු ප්‍රහාරක ක්‍රීඩකයාට (CF) පසුපසින් ක්‍රීඩා කරවන ලදි. මේ ආකාරයට කණ්ඩායමට ස්ථාවරව ඉදිරියට යාමට හැකි වූ අතර අන්ටෝයිනේ ග්‍රීස්මාන් හට වැඩිපුර පන්දුව සමඟ ගැවසීමේ අවස්ථාවත් හිමි විය.
කෙසේ වුවත් මේ ක්‍රමයෙන් ඔවුන්ට සිදු වන අවාසිය 2016 යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ඔවුන්ට සිදු වූ අවාසියමය. පෝල් පොග්බා (Paul Pogba) හට ඉදිරියට පැමිණීමට ඇති අවස්ථාව අහිමි වන අතර ආරක්ෂක කර්තව්‍යයේ පමණක් ඔහු සිරවී ඔහුගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට නොහැකි වනු ඇත.
වාසි හා දුර්වලතා
ප්‍රංශයට ඇති විශාලතම වාසිය හා ශක්තිය නම් ඔවුන්ගේ සංචිතයේ සිටින දක්ෂයින්ගේ ප්‍රමාණයයි. ඔවුන්ගේ සිටින දක්ෂ ක්‍රීඩකයින් ප්‍රමාණය අනුව අවස්ථාව ලැබේ නම් පහසුවෙන්ම ඔවුන්ට කණ්ඩායම් දෙකක් ලෝක කුසලානයට එක් කිරීමේ හැකියාවක් පවති. එතරම් ක්‍රීඩකයින් ප්‍රමාණයක් සිටින ප්‍රංශ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩක බැංකුව ඉතා සවිමත් වනු ඇත. අවශ්‍ය ඕනෑම මොහොතක දී ප්‍රධාන ක්‍රීඩකයෙකු පිටියෙන් ඉවතට ගෙන ඒ හා සමානම දක්ෂයෙකු පිටියට එක් කිරීමේ අවස්ථාව ඔවුන්ට ඇත. තරු ක්‍රීඩකයින් නිසි ලෙස විවේක ගන්නවා නැවුම් ලෙස ඔවුන්ව වැදගත්ම තරගවලට ක්‍රීඩා කරවීම ඔවුන්ගේ ප්‍රධානතම සැලැස්මක් වනු ඇත.
ඉතිහාසයේ මතක ; FIFA පාපන්දු ලෝක කුසලානය (1930 – 1938)
ලොව වැඩිම පිරිසකගේ අවධානය දිනා ගන්නා පාපන්දු ලෝකයේ පාපන්දු මෞලි මංගල්‍යය…..
මේ වන විට ලොව දිදුලනම යොවුන් ක්‍රීඩා තරු දෙකක් ඔවුන් සතු වන අතර නම කියූ පමණින් පාපන්දු රසිකයින් ඔල්වරසන් දෙන ඔවුස්මානේ ඩෙම්බේලේ (Ousmane Dembele) හා කයිලියන් ම්බාප්පේ (Kylian Mbappe) නම් වේගවත් ක්‍රීඩකයින් දේපල ඕනෑම ප්‍රබල ආරක්ෂක වළල්ලක් බිඳ දැමීමට සමත් වන දක්ෂයින් දෙදෙනෙකි.
ඔවුන්ට ඇති එකම දුර්වලතාවයක් නම් තවමත් පුහුණුකරු ඩිඩියර් ප්‍රංශ ක්‍රීඩකයින්ගේ විභවය තවමත් හරි හැටි හඳුනා ගෙන නොමැති වීමයි. උදාහරණයක් ලෙස පසු පෙළ ක්‍රීඩකයෙකු මෙන්ම මැද පෙළ ප්‍රහාරකයෙකු ලෙස ද ක්‍රීඩා කළ හැකි පොග්බා යොදා ගන්නා ආකාරය දැක්විය හැකියි. ප්‍රබල කණ්ඩායම් සමඟ සටන් වැදීමට නම් පුහුණුකරු ඩිඩියර්ගේ සැලැස්මවල් හා උපක්‍රම සියයට සියයක්ම නිවැරදිව ක්‍රියාත්මක විය යුතුව ඇත.
ආබාධ හේතුවෙන් දක්ෂ ක්‍රීඩකයින් වන ලෝරන්ට් කොශේල්නිට (Laurent Koscielny) හා දිමිත්‍රි පයෙට්ට (Dmitri Payet) සංචිතයෙන් ඉවත් වීමට සිදුවීම ද ඔවුන්ට විශාල පාඩුවක් විය.
ඔවුන්ට ඇති තවත් ප්‍රබලම අවාසියක් නම් බෙන්ජමින් මෙන්ඩි හා ඔවුස්මාන් ඩෙම්බෙලේ යන ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනා ආබාධවලින් පසු පළමු වරට කණ්ඩායමට පිවිස තිබීමයි. තරග පුහුණුව මදිකම ඔවුන් දෙදෙනාට ඇති ප්‍රධානතම ගැටලුවක්.
ප්‍රංශයේ ක්‍රීඩා තරු
පසුගිය වසර දෙක පුරාම ප්‍රංශයේ ප්‍රධානතම ක්‍රීඩකයා වූයේ ඇන්ටෝයිනේ ග්‍රීස්මාන් ය. ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමේ ප්‍රධානතම ගෝල ලබා ගන්නා වන ඔහු යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ රන් සපත්තුව හා තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා. යුරෝපා තේරීම් තරග ඔහු අවසන් කළේ සම වැඩිම ගෝල ලාභියා ලෙස ගෝල හතරක් වාර්තා කළ අතර කණ්ඩායමේ ගෝල සඳහා සහය ලබා දීම (assist) හතරක් ද ඔහුගේ ගිණුමට බැර වුනා.

රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ දකුණු පසුපස ආරක්ෂක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරන රෆායෙල් වර්නේ (Raphael Varane) ප්‍රංශයට සිටින ශක්තිමත්ම ආරක්ෂක ක්‍රීඩකයා වන අතර සැමුවෙල් උම්ටිටි (Samuel Umtiti) හා සිඩිබේ (Djibril Sidibe) ගෝල රකින්නාට ඉදිරියෙන් සිටින ඔහුගේ සගයින් වනු ඇත. හියුගෝ ලෝරිස් ගෝල රකින්නා හා නායකයා ලෙස 2012 සිට ප්‍රංශය මෙහෙය වන අතර ක්‍රීඩා කළ තේරීම් තරග නවයෙන් තරග 4 දී ම ප්‍රතිවාදීන්ට ගෝල ලබා නොදී තරගය අවසන් කරන්නට ඔහු සමත් විය.
ප්‍රතිවාදීන්ට භයානකයි

ඔහුගේ සුපිරි වේගය නිසා තියරි හෙන්රි වැනි විශිෂ්ට ක්‍රීඩකයින් හා ඔහුව සංසන්දනය කිරීමට තරම් විචාරකයින් පෙලඹුණු අතර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු ලෝක මට්ටමේ සුපිරි තරුවක් බවට පත්වනු නොඅනුමානයි.
අවසාන සංචිතය
ගෝල රකින්නන් – හියුගෝ ලෝරිස් , ස්ටීව් මන්ඩන්ඩා, ඇල්පොන්ස් ඇරියෝලා (Alphonse Areola)
ආරක්ෂක ක්‍රීඩකයින් – ලුකාස් හර්නැන්ඩෙස්, ප්රෙස්නෙල් කිම්පෙම්බේ, බෙන්ජමින් මෙන්ඩි, බෙන්ජමින් පවාර්ඩ්, අඩිල් රමි, ඩ්ජිබ්රීල් සිඩිබේ, සැමුවෙල් උම්ටිටි, රෆායෙල් වර්නේ (Lucas Hernandez, Presnel Kimpembe, Benjamin Mendy, Benjamin Pavard, Adil Rami, Djibril Sidibe, Samuel Umtiti, Raphael Varane)
මැදපෙළ ක්‍රීඩකයින්- න්’ගොගෝ කා’න්ටේ, බ්ලේස් මටුයිඩි, ස්ටීවන් එන්’සොන්සි, පෝල් පොග්බා, කොරෙන්ටින් ටෝලිස්සෝ (N’Golo K ante, Blaise Matuidi, Steven N’Zonzi, Paul Pogba, Corentin Tolisso)
ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩකයින් – ඔවුස්මාන් ඩෙම්බෙලේ, නබිල් ෆෙකිර්, ඔලිවර් ජිරෝඩ්, ඇන්ටෝයිනේ ග්‍රීස්මාන්, තෝමස් ලෙමාර්, කයිලියන් ම්බාප්පේ, ෆ්ලොරියන් තඋවින් (Ousmane Dembele, Nabil Fekir, Olivier Giroud, Antoine Griezmann, Thomas Lemar, Kylian Mbappe, Florian Thauvin)
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















