ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග අද (11) හම්බන්තොට දී සහ දඹුල්ලේ දී අවසන් වූයේ කිසිදු තරගයක තීරණයක් නොමැතිව ය. එසේ වූවද තරග නීතිරීති අනුව පළමු ඉනිම් ජයග්‍රහණය කළ ගාලු කණ්ඩායමට සහ නුවර කණ්ඩායමට වැඩි ප්‍රසාද ලකුණු හිමි විය.
දිනයේ කැපී පෙණෙන පිතිකරු වූයේ දඹුල්ල කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ ය. ඔහු ලකුණු 112ක් ලබා ගත්තේය. ඔහු සමඟ අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ අශාන් ප්‍රියංජන් තම ශතකය අහිමි කර ගත්තේ ශතකයකට ලකුණු 5ක් මෙපිටින් සිටිමිනි.
පන්දු යැවීමේ දී නිසල තාරක කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.
ගමගේ, උදාන සහ රජිතගෙන් වැඩි දස්කම්
වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේ පන්දු 19කට පමණක් සීමා වූ අන්තර් පළාත් සුපර්…
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ලකුණු 132ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි නුවර ක්‍රීඩකයෝ සිව්වැනි දිනයට එළඹෙන විට කඩුලු 2ක් බිඳ වැටී ලකුණු 55ක් ලබා සිටියහ. නමුත් අද දිනයේ දී ද වර්ෂාව විසින් මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙළාගෙන සිටි බැවින් තරගයේ ආරම්භය පමා විය.
විනාඩි 210ක පමාවකින් අනතුරුව තරගය පස්වරු 5.15ට ආරම්භ වූයේ දිනයේ යැවිය යුතු පන්දුවාර ප්‍රමාණය 51කට සීමා වෙමිනි. නමුත් තරගය ආරම්භ වී පන්දුවාර 4කට පසුව නැවත වර්ෂාව ඇද වැටීම නිසා තරගය යළි නතර කිරීමට සිදු විය. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 65ක් ලෙසිනි.
එතැන් සිට තවත් කාලය විනාශ කිරීමකින් අනතුරුව රාත්‍රී 7.00ට තරගය නතර කිරීමට තීරණය කෙරුණ අතර ඒ අනුව වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගණන් බැලීමේ දි සිව්දින තරගක යැවිය යුතු නියමිත පන්දු වාර 360න් පන්දු වාර 219ක් අහිමි විය.
ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට
ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ…
අද දිනයේ ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් එක් වෙද්දී දිනයේ පළමු කඩුල්ල ලෙසින් මහේල උඩවත්ත දවා ගැනීමට ෂෙශාන් ජයසූරිය සමත් වූයේ ඉතා පහසු උඩ පන්දුවක් දිල්රුවන් පෙරේරා විසින් රැක ගැනීමත් සමඟිනි. ඒ වෙද්දී මහේල උඩවත්ත පන්දු 50කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියේ ය.
කඩුලු ලබා ගැනීමේ දී ප්‍රමෝද් මධුශාන්, ඩිලේශ් ගුණරත්න සහ ෂෙහාන් ජයසූරිය අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.
නුවර කණ්ඩායම; සියලුම දෙනා දැවී 270 (77.1) චරිත් අසලංග 57, නිරෝෂන් දික්වැල්ල 38, ප්‍රියමාල් පෙරේරා 79, ජීවන් මෙන්ඩිස් 21, ප්‍රභාත් ජයසූරිය නොදැවී 23, වනිඳු හසරංග 4/40
කොළඹ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 138 (43.0) කෞෂාල් සිල්වා 26, ෂෙහාන් ජයසූරිය 25, ලහිරු තිරිමාන්න 21, කසුන් රාජිත 4/67, ඉසුරු උදාන 4/35
නුවර කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 65 (16.0) මහේල උඩවත්ත 41
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ලකුණු 11ක් පිටුපස සිටිමින් තෙවැනි දිනයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තරගය සිව්වැනි දිනයට ගෙන ආවේ කඩුලු 2ක් දැවී ලකුණු 138ක් ලබා සිටිමිනි. අද ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 325ක් සේ කියවෙද්දී ඉනිම අත්හිටුවීමට තීරණය කෙරුණි. ඒ අනුව ගාලු ක්‍රීඩකයන්ගේ ඉලක්කය වූයේ ජයග්‍රහණය සඳහා ලකුණු 315කි.
දඹුලු ඉනිමේ ලකුණු මැෂින් බවට පත් වීමට අශාන් ප්‍රියංජන් සහ සචිත්‍ර සේරසිංහ සමත් වූයේ කඩුලු 2ක් දැවී තෙවැනි කඩුල්ලට එක් වෙමිනි. සචිත්‍ර සේරසිංහ පන්දු 208කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 112ක් ලබා ගනිද්දී, අශාන් ප්‍රියංජන් පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තේය. මොවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ ලකුණු සබඳතාව 141කි.
සචිත්‍ර සහ මිලින්ද සිරිවර්ධන අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 80ක් විය. එම කඩුලු සබඳතාව බිඳ වැටුණේ පන්දු 74කට හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා සිටි මිලින්ද දැවී යෑමත් සමඟිනි.
අනතුරුව පිටියට පිවිසි මනෝජ් සරත්චන්ද්‍ර (00), සචිත්‍ර සේනානායක (10), ලහිරු මධුශංක (10) සහ රංගන හේරත් (8*) අඩු ලකුණුවලට සීමා වෙද්දී, සචිත්‍ර සේරසිංහගේ දැවී යෑමත් සමඟින් දඹුලු ඉනිම අත්හිටවුණි.
දඹුලු දෙවැනි ඉනිමට එරෙහිව කඩුලු ලබා ගැනීමේ දී නිසල තාරක කඩුලු 5ක් දවා ගත් අතර මාලින්ද පුෂ්පකුමාර සහ දසුන් ශානක අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.
පිළිතුරු ඉලක්ක ගත ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයන් තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 66ක් ලබා සිටියහ.
එහි දී ආරම්භක කඩුල්ලට පිටියට පිවිසි මාධව වර්ණපුර සහ ලහිරු මිලන්ත ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගූහ. ලහිරු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේය. උපුල් තරංග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 4කි.
අවසන් පැය ආරම්භ වෙද්දීත් තරගයේ විසඳුමක් පෙනෙන තෙක් මානයක නොවීම හේතුවෙන් දෙපිළේ නායකයන්ගේ ඉල්ලීම මත තරගය නතර කරන විට මාධව වර්ණපුර පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටි අතර සධීර සමරවික්‍රම ලකුණු 3ක් ලබා සිටියේය. කඩුලු ලබා ගැනීමේ දී ලහිරු මධුශංක ලකුණු 13ක් දී දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරිත්වය අත් කර ගත්තේය.
තරගාවලියේ තෙවැනි සහ අවසාන සතිය එළඹෙන 21 වැනි සෙනසුරා සිට පැවැත්වෙන අතර ඒ අනුව දඹුල්ල සහ කොළඹ අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ගාල්ල සහ නුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය. මෙම තරග ක්‍රියාත්මක වෙන්නේ දිවා තරග ලෙසිනි.
දඹුල්ල කණ්ඩායම; සියලුම දෙනා දැවී 244 (73.3) කුසල් මෙන්ඩිස් 89, අශාන් ප්‍රියන්ජන් 24, මිලින්ද සිරිවර්ධන 24, ලහිරු මධුශංක 26, රංගන හේරත් 25, නිසල තාරක 2/54, මාලිංද පුෂ්පකුමාර 2/30, චතුරංග ද සිල්වා 3/31
ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (65.1) මාධව වර්ණපුර නොදැවි 21, උපුල් තරංග 25, රොෂේන් සිල්වා 44, දසුන් ශානක 32, චතුරංග ද සිල්වා 54, නිසල තාරක 19, ලහිරු ගමගේ 5/78, රංගන හේරත් 2/43
දඹුල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 325 (89.0) කුසල් මෙන්ඩිස් 26, අශාන් ප්‍රියන්ජන් 95, සචිත්‍ර සේරසිංහ 112, මිලින්ද සිරිවර්ධන 37, නිසල තාරක 5/65
ගාල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 66 (27.0) මාධව වර්ණපුර නොදැවී 21, ලහිරු මිලන්ත 25, ලහිරු මධුශංක 2/13
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















