පළමු දින දෙක පුරාවටම ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමස්ත සහභාගීත්වයේම සැනසීමට කරුණ වූ බර ඉසිලීමේ කණ්ඩායමට තෙවන දිනය නම් එතරම් සුබදායක වූයේ නැත. ඒ මෙවර ශ්‍රී ලංකා ධජය රැගෙන යමින් කණ්ඩායමට නායකත්වය ලබා දීමේ ගෞරවය ද හිමි කර ගත් චින්තන ගීතාල් විදානගේ හට සිය ඉසව්වේ පදක්කමක් අහිමිව යාම හේතුවෙන්.

ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් වූ චින්තන 5 වන තැනට
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ පසුගිය 4 වැනිදා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි හිදී ආරම්භ වූ අතර …
පිහිනුම් තටාකයෙන් සතුටුදායක දස්කම්
පිරිමි මීටර් 100 නිදහස් ආර සහ පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව් දෙකෙහි අවසන් තරගය අසලටම පැමිණෙන්නට පිළිවෙළින් මැතිව් අබේසිංහ සහ අකලංක පීරිස් සමත් විය.

කෙසේ වෙතත් අවසන් තරගය සඳහා නම් කරන අතිරේක ක්‍රීඩකයන් (Reserve) දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස මැතිව් අබේසිංහ නම් කර තිබීම කැපී පෙනෙන කරුණකි.
පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වේ මූලික වටයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අකලංක පීරිස්, ඔහු සහභාගී වූ දෙවන අවසන් පූර්ව තරගයේ දී වාර්තා කළ දක්ෂතාව තත්ත්පර 26.52කි. එය අදාළ අවසන් පූර්ව තරගයේ 6 වන ස්ථානය ලෙස සටහන් වූ අතර සමස්ත කාල ගණනයේ දී අකලංක පීරිස් ද ස්ථානගත වී තිබුණේ 10 වැන්නා ලෙසයි. මේ අනුව මැතිව් මෙන්ම අකලංක ද අවසන් තරගය සඳහා අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කර තිබේ.
**අතිරේක ක්‍රීඩකයෙක් (Reserve) නම් කරනු ලබන්නේ අවසන් තරගයට පෙර සුදුසුකම් ලැබූ 8 දෙනාගෙන් යම් කිසි ක්‍රීඩකයෙකු ආබාධයක් හෝ වෙනත් හේතුවක් මත තරගයෙන් ඉවත් වුවහොත් අවසන් තරගයට තරග කිරීම සඳහා අවස්ථාව ලබා දීම සඳහා යි.
දෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවන දිනයත් ශ්‍රී ලංකාවට එතරම් නරක දිනයක් වූයේ නැත.
මෙත්සරණි පළඟ අවසන් තරගයට

අද (08) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත පළඟ අවසන් මහා තරගයේ දී මෙත්සරණි බාබඩෝස් ක්‍රීඩිකා මේගන් බෙස්ට් සමඟින් තරග වැදීමට නියමිත ය.
මේ අතර අද උදෑසන ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු කාන්තා කිලෝග්‍රැම් 45-48 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා තරග වැදීමට නියමිතව තිබුණි.
පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානයේ
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවරට දකුණට වන්නට පිහිටි ගෝල්ඩ් කොස්ට් නගරය කේන්ද්‍ර කර ගනිමින් …
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ අමරණීයත්වයට ළඟා වන දකුණු අප්‍රිකානුවා
දකුණු අප්‍රිකාවේ චැඩ් ලෙ’ක්ලෝස් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයට නොමැකෙන සටහනක් එක් කරන්නට සමත් වුනේ නොකඩවා තෙවන වරටත් පිරිමි මීටර් 200 සමනල ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමිනුයි.
මීට පෙර 2010 පූනේ සහ 2014 ග්ලාස්ගෝ තරගාවලි දෙකේ දී ද මෙම ඉසව්වේ රන් පදක්කම දිනා සිටි චැඩ් මෙවර රන් පදක්කමට හිමිකම් කීවේ මිනිත්තු 1යි තත්ත්පර 54.00ක් ලෙස නව තරග වාර්තාවකට ද හිමිකම් කියමිනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනය තුළ එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට අසමත්වුව ද, දිනය අවසානයේ පදක්කම් සටහනේ 12 වන ස්ථානය රැක ගැනීමට සමත්ව සිටින ලදි. සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ තව දුරටත් තහවුරු කර ගනිද්දී එංගලන්තය දෙවන ස්ථානයේත්, කැනඩාව තෙවන ස්ථානයේත් පසුවෙයි.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<
පදක්කම් සටහන























