කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මිලන්ත සහ සමරවික්‍රමගෙන් අර්ධ ශතක

හම්බන්තොට දී අවසන් වූ ගාල්ල කොළඹ තරගයේ දී දී වාර්තා වූ අර්ධ ශතක අතරට තවත් අර්ධ ශතක දෙකක් එකතු කිරීමට සධීර සමරවික්‍රම හා ලහිරු මිලන්ත සමත් විය. මාධව වර්ණපුර හා ඕෂධ ප්‍රනාන්දු හට ගාලු දෙවන ඉනිම වෙනුවෙන් සාර්ථක වීමට අවස්ථාව උදානොවීය.
දෙවැනි තරගයේ දී ලකුණු 273ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මහේල උඩවත්ත (103*) ඔහු අතින් පළමු ඉනිම තුළ ගිලිහී ගිය ශතකය මෙහි දී වාර්තා කර ගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: මහේල උඩවත්ත මඟ හැරී ගිය ශතකය නැවත ලබා ගනී
වසර 5කට පසු සුනිල සටනේ ජය ධර්මාශෝක ක්‍රීඩකයින්ට

අවසන් වරට 2013 වර්ෂයේ දී මහා ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කළ ධර්මාශෝක විද්‍යාලය මෙවර සිය සිහිනය සැබෑවක් කරගනිමින් වාර්තා කළ ජයග්‍රහණයත් සමඟින් ඔවුන්ගේ මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ 11 වැනි ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම – 167 (44.2): සොහාන් ද ලිවේරා 56, නිමේෂ් ද සිල්වා 42, සසිඳු ද සිල්වා 19, අකිල මෙන්ඩිස් 3/23, ලොහාන් ද සිල්වා 2/00, නවීන් රසාංග 2/26, දිනුක ඩිල්ශාන් 2/41.
ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 231 (62.2): කවිඳු නදීශාන් 56, නිමේෂ් මෙන්ඩිස් 54, උශාන් ඉමන්ත 41, ලොහාන් ද සිල්වා 21, සඳුන් ද සොයිසා 4/55, දසුන් ද සිල්වා 3/39, කවිඳු රාජපක්ෂ 3/67.
ශ්‍රී දේවානන්ද විද්‍යාල දෙවන ඉනිම – 142 (52.4): නිමේෂ් ද සිල්වා 37, සචිදු උද්දීපන 29, සොහාන් ද ලිවේරා 22, ලොහාන් ද සොයිසා 4/28, නිමේෂ් මෙන්ඩිස් 3/27.
ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිම – 79/4 (15): උශාන් ඉමන්ත 22, සඳුන් ද සොයිසා 2/19.
සම්පූර්ණ වාර්තාව: වසර පහක නිහැඬියාවකට පසුව ශූරතාවය ධර්මාශෝකයට




















