අසේලට නිදහස් කුසලානයේ ප්‍රවේශ පත් අහිමි වේ

539
Asela Gunawardana

දකුණු අතේ ආබාධ තත්වයක් නිසාවෙන් නිමා වූ විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ අසේල ගුණරත්නට ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත 2018 නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ද මඟ හැරෙන බව වාර්තා වේ.

[rev_slider LOLC]

තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් ආබාධයකට; නිදහස් කුසලානයත් මඟ හැරේ?

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශය අතර පසුගිය 18 වැනිදා සිලෙට් හිදී අවසන් වූ දෙවන විස්සයි..

ගුණරත්නගේ උරහිස් සංධිය ආශ්‍රිතව ඇතිව තිබෙන මෙම ආබාධ තත්වය යථා තත්වයට පත්කීරීමට අවශ්‍ය කටයුතු සඳහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යසාධන පුහුණු මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

උඩ පන්දුවක් රැක ගැනීමට ගත් උත්සාහයක දී අසේල ගුණරත්න වම් මහපට ඇඟිල්ලේ අස්ථි බිඳී යාමකට ලක්වීමෙන් මාස 5ක් පමණ ක්‍රිකට් පිටියෙන් විවේක ගන්වා තිබූ අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී පැවති ඉන්දියා සංචාරයත් සමඟින් නැවතත් ඔහු සංචිතය හා එක් විය.

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුමට සමගාමීව පැවැත්වෙන මෙම තරගාවලිය  මාර්තු මස 6 වැනිදා ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ප්‍රථම තරගයත් සමඟිනි. තරගාවලියේ සියලුම තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<