කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ප්‍රසාද ලකුණක් සමඟින් ජය හැව්ලොක්ට

යුද හමුදා ක්‍රීඩා සමාජය 19 (3T 2C) – 29 (4T 3C 1P) හැව්ලොක් ක්‍රීඩා සමාජය
- ThePapare.com තරගයේ වීරයා: රුක්මාල් ප්‍රනාන්දු (හැව්ලොක් ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ වාර්තාව: පෙරළිකාර හැව්ලොක් හමුවේ යුද හමුදාව පසු බසී
CR බල සිඳෙයි; ජය මහනුවරට

CR & FC 12 (1PT 1T 1C) – 24 (4T 2C) මහනුවර ක්‍රීඩා සමාජය
- ThePapare.com තරගයේ වීරයා: බුවනෙක උඩන්ගමුව (මහනුවර ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ වාර්තාව: CR දණ ගසද්දී මහනුවර ජය පැන් බොති
සදීරට කෙටි විවේකයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගය ඊයේ (02) නවදිල්ලි නුවර දී ආරම්භ වූ අතර එහි දී ‘forward short leg’ ස්ථානයේ පන්දු රකිමින් සිටින අතරතුර සදීර සමරවික්‍රමගේ හිස් ආවරණයේ පන්දුවක් ගැටීමෙන් පසුව ඔහුව ‘CT Scan’ පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහුව විවේක ගන්වන ලෙසට උපදෙස් ලැබී ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය ප්‍රකාශ කර සිටියේ;
“පන්දුව වැදිලා තිබුණේ ඔහුගේ හිසේ. ඒ නිසා අපි පරීක්ෂණ කිහිපයක් සිදු කළා. ඔහුගේ තත්වය පිළිබඳ අවදානමක් නැහැ. නමුත් අපි ඊයේ දවසේ ඔහු පිළිබඳ සැලකිල්ලෙන් සිටිය යුතුයි. පසුව හෙට උදෑසන වෛද්‍යවරුන් ඔහු පිළිබඳ පරීක්‍ෂා කරලා ඔහු හෙට ක්‍රීඩා කරනවා ද? නැද්ද? යන එක තීරණය කරයි. ඔහු ක්‍රීඩා කිරීම ගැන තීරණය ගත යුත්තේ ගොඩක් සැලකිල්ලෙන්. ඒ නිසා අපි ඒ තීරණය ගන්නේ හෙට උදෑසන. ඔහු පිළිබඳව තීරණ ගැනීම වෛද්‍ය උපදෙස් මත සිදුවෙයි.”
සම්පූර්ණ වාර්තාව: සදීර සමරවික්‍රමට CT ස්කෑන් පරීක්ෂණයක්!
ශ්‍රී ලංකාවට අනුශූරතාවය

.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට යොවුන් ක්‍රිකට් අභියෝගයේ ශූරතාවය ගිලිහේ
ආරම්භයේ දී ම ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසාන ටෙස්ට් තරගයේ නිමා වූ පළමු දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දණ ගස්වමින් ඉන්දීය ක්‍රිකට් දඩයක්කරුවෝ කඩුලු 4ක් දැවී ලකුණු 371ක් ලබා ගත්තේ එකී නියතය නැවත නැවතත් පසක් කරමිනි.
ඊයේ (02) තරගයේ දී කෝලි තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5000 ලකුණු සීමාව පසු කළේ එවැන්නක් අඩුම තරග සංඛ්‍යාවකින් කළ පළමු ඉන්දීය ක්‍රීඩකයා වෙමිනි. කෝලි මේ සහභාගී වෙන්නේ තම 105 වැනි තරගයට ය. දිනය නිමා වන විට කෝලි පන්දු 186කට මුහුණ දී හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 156ක් ලබා සිටියි.
සම්පූර්ණ වාර්තාව: ඉන්දීය ක්‍රිකට් දඩබිමේ ශ්‍රී ලාංකිකයෝ නැවතත් අසරණ වේ























