ජෝ රූට් කොල්ලන්ට කැමති ද?

523

“උඹ කොල්ලන්ට කැමති ද?” බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නෙකු වන ශැනන් ගේබ්‍රියල් විසින් එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට්ගෙන් මෙසේ විමසුවේ එංගලන්ත – කොදෙව් ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේදීයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ක්‍රීඩකයන් අතර වචන හුවමාරු වීම පෙර සිට පැවත ආ පුරුද්දකි. එය එතරම් නරකට ගත යුතු නැත. ටෙස්ට් ඉතිහාසය තුළ මතකයන් ලෙස සටහන් වී ඇති බොහෝ දෑ අතර වචන හරඹ ද එක් කොටසකි. එහෙත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ යම් කාලයකට මලානික වූ බටහිර ඉන්දීය කොදෙව්වන් නැවත හිස ඔසවමින් සිටින බව ලොවට සනාථ කළ තරගාවලියක් වූ 2019 එංගලන්ත – කොදෙව් ටෙස්ට් තරගාවලිය අවසන් වූයේ ශැනන් ගේබ්‍රියල් හට එක්දින තරග 4ක තහනමක් ලබා දෙමිනි.

කටින් ගහන ක්‍රිකට්

වදනින් කරන සටන්, එසේත් නැතිනම් වාග් සටන් (Sledging)…

ඊට හේතුව වූයේ අප මේ ලිපියට පාදක කර ගත් වචන හරඹයයි. තරගාවලියේ තෙවැනි තරගයේ පළමු ඉනිම දෙක අවසන් වන විට එංගලන්තය ලකුණු 123ක ඉදිරියක් සහිතව සිටියේය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක ජෝ රූට් සාර්ථකව පිතිකරණයේ යෙදෙමින් සිටිය දී ගේබ්‍රියෙල් හට එය දරා ගැනීමට නොහැකි විය.

ගේබ්‍රියෙල්ව පන්දු යැවීමට කැඳවන විට රූට් ඔහු දෙස කෙළින් බලා සිටියේය. වේගපන්දු යවන්නෙකුට මෙය එතරම් සතුටුදායක අත්දැකීමක් නොවේ. ඔවුන් ස්වාභාවිකවම පිතිකරුවන්ව බිය වැද්දීමට ප්‍රිය කරන්නන් ය. එක් මොහොතක රූට් ඔහුට සිනාසුනේය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මානසික තරගය හොඳින් පිළිබිඹු වෙමින් තිබිණි.

images.indianexpress.com – 30 හැවිරිදි ශැනන් ගේබ්‍රියල්

මොකද උඹ හිනාවෙන්නේ? උඹ කොල්ලන්ට කැමති ද?” ගේබ්‍රියෙල් ඇසුවේය.

ජෝ රූට් ඔහු හිතනවාට වඩා මොළකාරයෙකි. ඔහු එංගලන්ත ටෙස්ට් නායකයා ය. එය එසේ මෙසේ ක්‍රීඩකයෙකුට ලැබෙන තනතුරක් නොවේ. ජෝ රූට්ගේ ප්‍රතිචාරය අග්‍රගන්‍ය එකක් විය.

gmsrp.cachefly.net – එංගලන්ත නායකයා වීමට නම් එවැනි බුද්ධියක් තිබිය යුතුමය

ඒක අගෞරව කරන්න යොදාගන්න එපා. සමලිංගිකයෙකු වෙන එකේ වරදක් නෑනේ.” රූට් කීවේ එසේයි.

සාමාන්‍යයෙන් පිතිකරුවන් පන්දු යවන්නන්ගේ වාග් ප්‍රහාරවලට පහර දෙන්නේ එක්කෝ පිත්තෙනි, නැත්නම් වචන වලිනි. රූට් පිළිතුරු ලබා දුන්නේ ඉතා වැදගත් මහත්මයෙකු ආකාරයෙනි. සමලිංගිකත්වයට කැමති/ අකමැති පිරිස් සිටිති. එහෙත් එය මිනිසාගේ නිදහස ය. අප කැමති වූවා හෝ අකමැති වූවා ය කියා අපට තවත් කෙනෙකුගේ නිදහසට බාධා කළ නොහැකිය. සමලිංගිකයෙකු අපට බාධාවක් වන ලෙස හැසිරෙන්නේ නම් ඊට විරුද්ධ වීමට අපට අයිතියක් ඇතත්, එසේ බාධාවක් නොකරන තාක්කල් අප සමලිංගිකත්වය ගැටලුවක් කරගත යුතු නැත. මිනිසුන්ට බාධා කරන්නේ සමලිංගිකයන් පමණක්ම නොවේ.

රූට්ගේ බුද්ධිමත් ප්‍රතිචාරය නිසා ගේබ්‍රියෙල් හට හයේ පහරකින් ප්‍රතිචාර දැක්වූවාට වඩා බලපෑමක් කිරීමට හැකි වූ බව ලොව පුරා මාධ්‍යවලින් කියැවිණි. ගේබ්‍රියෙල්ට නැවතත් තම වරද නිවැරදි කරගැනීමට අවස්ථාව ලැබුණි.

මට ඒක ගැන ගැටලුවක් නෑ. ඒත් උඹ මට හිනාවෙන එක නවත්තන්න ඕන.” ගේබ්‍රියෙල් කීවේය.

සනත් කෑගහන්නේ මොකද? – තෙවැනි ඇසින්

සනත් ජයසූරිය ගැන අප කොතෙකුත් කතා අසා ඇතත්, දැක ඇතත්…

කෙසේ වෙතත් කාලය ප්‍රමාද ය. ක්‍රිකට් වගන්ති අංක 2.13 යටතේ ක්‍රීඩකයෙකුට පෞද්ගලික වශයෙන් අපහාස කළ වගට ගේබ්‍රියෙල් හට එක්දින තරග 4ක තහනමක් නියම විය. කෙසේ වෙතත් ශතකයක් ද (122) වාර්තා කළ ජෝ රූට්ව දවා ගැනීමට ගේබ්‍රියෙල් සමත් වුවත්, තරගයේ ජය ලකුණු 232කින් හිමි වූයේ එංගලන්තයටයි.

කලකට පසුව එංගලන්තයට එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වන් ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්ත ද, තරගාවලිය අවසානයේ ඔවුන්ගේ ජයග්‍රහණයේ දීප්තිය එක් වචනයකින් මඳක් අඩු වූ බව නම් කිව යුතුය.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<