ලීග් ශූරතා ජය ගත් පුහුණුකරු නැවතත් ඉසිපතනයට

490

ඉසිපතන විද්‍යාලයේ හිටපු රග්බි පුහුණුකරුවෙකු වන හෙන්රි ටෙරන්ස් මහතා මීළඟ රග්බි තරගාවලිය සඳහා නැවත වරක් ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට පැමිණ ඇත.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන මොහු, 2012/13 වර්ෂවල දී හැව්ලොක් රග්බි කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය. පසුව ඔහු CR & FC, නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර අවසානයේ දී ඔහු නියෝජනය කළේ පොලිස් ක්‍රීඩා සමාජය යි.

ආසියානු රග්බි සංගමයෙන් ශ්‍රී ලංකාවේ ස්ථානය හෙළි කරයි

නවකයන් කිහිප දෙනෙකුගෙන් ද සමන්විතව, නව මුහුණුවරකින් ලෝක කුසලාන සත් සාමාජික රග්බි..

2013 වර්ෂයේ දී පැවැත්වූ ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ දී වෙස්ලි කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරුවේ ද ඒ මහතායි. එහි දී වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

පසුව 2013 වර්ෂයේ සිට පුරා වසර 3ක පමණ කාලයක් තුල ඉසිපතන විද්‍යාලයේ රග්බි  පුහුණුකාරීත්වය ද දරමින් සිටියේය. අවසානයේ ඔවුන් ගියවර පැවැත්වූ ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය දී හොඳින් දස්කම් දැක්වීමට සමත් විය.

ලසින්ත ද කොස්තා මහතා යටතේ දී 2017 වර්ෂය සඳහා පැවැත්වූ රග්බි තරගාවලියේ දී ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායම අනුශූරතාවය ජයග්‍රහණය කළේය. හෙන්රි ටෙරන්ස් මහතා එම වර්ෂයේ දී සාන්ත පීතර විද්‍යාලයේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස ක්‍රියා කළේය.

කොස්තා හා පෙරේරා යන හිටපු රග්බි ක්‍රීඩා පුහුණුකරුවන් ඉසිපතන විද්‍යාලයේ ආදී රග්බි සංගමය තුල සිටිමින් මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන අතර ඔවුන් දෙදෙනාට අමතරව බෙනඩික්ට් පෙරේරා මහතා ද ඒ අතර වේ.   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<