පොදුරඳමඩුලු කිරුළු සොයා යන කුමරා සහ කුමරිය

174
Commonwealth Youth Games 2017

මෙවර බහාමාස් හීදි පැවැත්වෙන හය වන පොදු රාජ්‍යය මණ්ඩලීය යොවුන් තරගාවලියේ බොක්සිං තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙකු මේ වන විටත් පිටත් වී අවසන්ය.

කිලෝග්‍රැම් 52 බර පන්තිය නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩිකාව වන මදුමාලි එරංදති ප්‍රියදර්ශනී මෙවර තරගාවලියට එක් වන්නෙ ප්‍රථම වතාවට වන අතර ඇය 17 වන වියේ පසු වෙයි. ඇය පල්ලෙගොල්ල ද්විතික විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියි.

බොක්සිං සංගමය විසුරුවයි

පසුගිය මැයි මාසයේ අවසන් සතියේදී තේරී පත්වූ 2017-2020 වර්ෂය දක්වා වන බොක්සිං සංගමය විසුරුවා හැරීමට…

ඇය මේ වන විටත් ජාතික මට්ටමේ තරගාවලි කිහිපයකට සහභාගි වී ඇති අතර ඒ අතරින් වෙස්ට් ග්‍රේට් බොක්සිං තරගාවලිය 2014, කනිෂ්ඨ බොක්සිං තරගාවලිය 2016 සහ යොවුන් පොදු රාජ්‍යය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වෙමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වී ඇත.

ThePapare.com සමඟ අදහස් දක්වමින් ඇයි පවසා සිටියේ,

පාසලේ විදුහල්පතිවරයා, ගුරුභවතුන්, දෙමව්පියන්ගෙන් සහ පුහුණුකරුගෙන් ලොකු සහයොගයක් ලැබුනා . තරගාවලියට සහභාගි වන සියලුම ප්රතිවාදීන් අභියොගයක් . එහෙත් දුෂ්කරතා මැද පුහුණු වෙමින් තරගාවලියට සුදුසු කම් ලබාගත්තා සෙම පදක්කම් බලාපොරොත්තුවක් සමගින් තරගාවලියවට සහභාගිවන බවයි.boxing

ඇගේ පුහුණුකරු වන ජනිත පෙරේරා මහතා අප සමඟ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ඔහු පුහුණුකරුවෙකු ලෙස වසර දෙක හමාරක කාලයක් කටයුතු කරන බවත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන ප්‍රථම ක්‍රීඩිකාව මදුමාලි බවයි. ඇය තරගාවලියට සහභාගි කරවන්නෙ පදක්කම් බලාපොරොත්තුවක් සහිතව බවයි.

තරගාවලියට සහභාගී වන එකම ක්‍රීඩකයා පිලිමතලාව දීරානන්ද මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන වයස අවුරුදු 17ක් වන සිසුවෙකි. එච්. එම්. කේ. එස්. බණ්ඩාර වන ඔහු තරග වදින්නේ කිලෝග්‍රැම් 49 බර පන්තිය යටතේය.

ඔහු යොවුන් පොදු රාජ්‍යය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කරමින් මෙම තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගෙන ඇත.

අප සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ,

පාසලේ විදුහල්පතිවරයා සහ පුහුණුකරුගෙන් ඔහුට විශාල සහයෝගයක් ලැබුණ බවත්, දෙමව්පියන්ද ඔහු පසුපස සිටිමින් ඔහුට විශාල සහයෝගයක්. තල්ලුවක් ලබා දුන් බවයි. තරගාවලියේ දී ඔහුට අභියෝගයක් ලෙස ඔහු දකින්නෙ ඉන්දියානු ක්‍රීඩකයින් පමණක් බවත් පදක්කම් බලාපොරොත්තුවක් සමඟින් තරගාවලියට සහභාගී වන බවයි.

පොදු රාජ්‍යය මණ්ඩලීය තරගාවලියේ දී ශ්‍රී ලංකා මාතාවට අභිමානයක් ගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබේවායි ThePapare.com අපගේ පැතුමයි!

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<