බොක්සිං සංගමය විසුරුවයි

181
Boxing committee dissolved

පසුගිය මැයි මාසයේ අවසන් සතියේදී තේරී පත්වූ 2017-2020 වර්ෂය දක්වා වන බොක්සිං සංගමය විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍යාංශය  තීරණය තිබේ. මීට හේතුව විගණන වාර්තා ඉදිරිපත් නොකිරීම බැව් වාර්තා වේ. එබැවින් දැනට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ බොක්සිං ක්‍රීඩාව පාලනය වනු ඇත.

මේ අනුව සභාපති ධූරයේ අසුන් ගෙන සිටි ඩයන් ගෝමස් මහතා සහ ඔහුගේ නිලධාරි මණ්ඩලයට නැවත නිලවරණයක් සඳහා ඉදිරිපත් වන්නට සිදුවන්නේ අමාත්‍යාංශය විසින් නියම කරන දිනයකදී යි.

දැනට පවතින නීතිය අනුව නිලවරණයට දින 14කට වත් පෙර විගණන වාර්තාවන් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතු අතර බොක්සිං සංගමය විසින් එය සිදුකර ඇත්තේ නිලවරණය පවත්වන දිනයේදීයි. ඊට වගකිවයුතු නිලධාරීන් මෙවර නිලවරණයට සහභාගීවීමට නුසුදුසු බවද වාර්තා වේ.

මැයි මාසයේ නව නිලධාරි මණ්ඩලය තේරීපත්වීමට පෙර බොක්සිං සභාපතීත්වය හිමිව තිබුණේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේවර්ධන මහතා යි.

කෙසේ නමුත් සංගමයේ ප්‍රකාශකයෙකු පැවසුවේ විගණන වාර්තා සියල්ල විනිවිදභාවයෙන් යුක්ත බවත් ඒවා නිසිපරිදි ඉදිරිපත් නොකිරීම නිසා පමණක් මෙසේ සංගමය විසුරුවා හැර ඇති බවත්ය.

ඉදිරියේදී ලේටන් කුසලාන ආදී වැදගත් බොක්සිං තරගාවලි කිහිපයක්ම පැවැත්වීමට නියමිත බැවින් ඉක්මන්ව නව නිලවරණයේ කටයුතු සිදුවනු ඇතැයි ක්‍රීඩාව අගය කරන මාධ්‍යයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට