”එදා මෙදා තුර ලොව බිහිවූ විශිෂ්ටතම ඔලිම්පික් ක්‍රීඩකයාට තවත් රන් පදක්කමක්” පසුගිය දින කිහිපය තුල ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත වාරයක් විවිධ භාෂා වලින් කියවුණු මේ වාක්‍යය තව බොහෝ කාලයක් යනතුරු නැවත අසන්නට නොලැබෙනු ඇති. ඒ එම විශිෂ්ටයා තම ක්‍රීඩා දිවියේ අවසානය සනිටුහන් කිරීම හේතුවෙනුයි.
පසුගිය ලිපි: රියෝ උණුසුම – වාර්තා රැසක් බිඳ වැටුණු දිනයක්
ඔව් ඇත්ත වශයෙන්ම තවත් රන් පදක්කමක් සමගින්

පසුපස ආර කොටසේදී ඇමරිකාව ඉදිරියෙන් පසුවුවත්, ලය ආර ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්ද බිහි කල ඇඩම් පීටි දෙවන ක්‍රීඩකයා ලෙස මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම ඉදිරියට ගෙන එන්නට සමත් විය. කෙසේ වෙතත් 3වන ක්‍රීඩකයා ලෙස තරගයට එක්වූ මයිකල් ෆෙල්ප්ස් තම ප්‍රියතම සමනල ආර ඉසව්වේ මීටර් 100 අවසන් කලේ ඇමරිකාව යලිත් පෙරමුණට ගෙන එමිනුයි.
අවසන් ක්‍රීඩකයා ලෙස නිදහස් ආර මීටර් 100 සඳහා තරග කල නේතන් එඩ්රියන් නව ඔලිම්පික් වාර්තාවක්ද සමග ඉසව්ව අවසන් කිරීමට සමත් විය. මේ අනුව මයිකල් ෆෙල්ප්ස් තම 23 වන රන් පදක්කමේ අයිතිය තහවුරු කර ගැනීමට සමත් විය.

මයිකල් ෆෙල්ප්ස් ඔලිම්පික් පළමු ඔලිම්පික් තරගයට එක්වූ දින සිට මේ වනතෙක් ඔහු තනිව ජයගත් රන් පදක්කම් සංඛ්‍යාවට වඩා රන් පදක්කම් සංඛ්‍යාවක් රටක් වශයෙන් හෝ දිනා ගැනීමට සමත් වී ඇත්තේ රටවල් 11ක් පමණයි.
වසර සිය ගණනක මුළු ඔලිම්පික් ඉතිහාසයේම රන් පදක්කම් එකතුව ගත් විට රටවල් 90කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින්නේ මයිකල් පෙල්ප්ස්ගේ පෞද්ගලික රන් පදක්කම් එකතුවට වඩා පසු පසිනි.
තරු ඉවතට විසිවූ ටෙනිස් පිටියේ බිහිවූ නව තාරකාව

මේ අතර ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච්ව පළමු වටයේදී පරාජය කල ආර්ජන්ටිනාවේ ජුආන් මාර්ටින් ඩෙල් පෝර්ටෝ අවසන් පූර්ව තරගයේදී අංක 3 ක්‍රීඩක ස්පාඥ්ඥයේ රෆායල් නඩාල්වද පරදවන්නට සමත් විය. මේ අනුව අංක 1 සහ 3 පරාජය කල ජගත් ටෙනිස් වර්ගීකරණයේ ඉතා පහල ස්ථානයක පසුවන ඩෙල් පෝර්ටෝ අවසන් මහා තරගයේදී ලොව අංක 2 ක්‍රීඩක මහා බ්‍රිතාන්‍යයේ අැන්ඩි මරේ සමගින් තරග වදිනු ඇති.
වැටුනත් නැගිටිමු – මෝ ෆාරා ඔලිම්පික් ඉතිහාසය අලුත් කරයි

ඔහුගේ තරගය එතනින් අවසන් ද?
නැත. මෝ ෆාරා බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඔලිම්පික් රන් පදක්කම් 3ක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්විය. යලි නැගී සිටි ෆාරා නැවතත් තරගයට අවතීරණය වූ අතර අවසන් වටයේ දී ප්‍රතිවාදියෙක් පෙරට පැමිණි අවස්ථාවේ මීටර් 200 තරගයක් සිහිගන්වන ධාවනයක යෙදෙමින් රන් පදක්කම හිමි කර ගන්නට ඔහු සමත්වුනේ ඔහුගේ සුප්‍රකට MOBOT සංඥාවද පෙන්වමිනුයි.
ෆාරාගේ තරග නිමි කාලය මිනිත්තු 27යි තත්පර 05.17 ලෙස සටහන් විය. මෙම ඉසව්වේ රිදී පදක්කම කෙන්යානු ක්‍රීඩකයකුටත්, ලෝකඩ පදක්කම ඉතියෝපියානු ක්‍රීඩකයකුටත් හිමි විය.
ෂෙලී පරදියි – නමුත් රන් පදක්කම ජැමෙයිකාවට

තරග නිමි කාලය
- එලීන් තොම්සන් – තත්ත්පර – 71
- ටෝරි බෝවි – 83
- ෂෙලී ඈන් ෆ්‍රෙසර් ප්‍රයිස් -86
හෙට දිනයේත් තවත් රියෝ උණුසුම රැගත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට ක්‍රීඩාශීලි දවසක්!
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට
– අද දිනය නිමා වන විට පදක්කම් සටහන –
























