චීනයේ වුහාන් නුවරදී පසුගියදා අවසන් වූ ආසියානු පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 4ක් හා එක් ලෝකඩ පදක්කමක් වශයෙන් පදක්කම් 10ක් දිනා ගන්නට සමත් වී තිබිණි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ බාලිකා හා බාලක යන කණ්ඩායම් දෙකටම දෙවැනි ස්ථාන හිමිවිය යුතු අතර එම වරද නැවැරැදි කොට නිල ප්‍රතිඵල වාර්තාවක් ඉදිරිපත් කිරීමට සංවිධායකයන් පියවර ගනු ඇතැයි හපුආරච්චි මහතා විශ්වාසය පළ කළේය.
මෙම තරගාවලියේ බාලක හා බාලිකා ශූරතා දෙකම චීනය දිනාගෙන ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කළ රයන් වික්‍රමරත්න (මාරිස්ටෙලා) මීටර් 400 බාලක තත්පර 49.03, උදිත චන්ද්‍රසේන (මාරිස්ටෙලා) මීටර් 300 කඩුලු මතින් දිවීම තත්පර 37.80, නිපුන් කල්දේරා (ලොයොලා) තුන්පිම්ම බාලක මීටර් 14.50, සුභාණි අබේරත්න (ශා. ජෝශප් බාලිකා) මීටර් 300 කඩුලු මතින් දීවීම බාලිකා තත්පර 44.80 හා පූර්ණිමා ගුණරත්න (පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල) බාලිකා උස පැනීම මීටර් 1.71 රන් පදක්කම් දිනා ගත්හ.
ඒ හැර දිනේෂිකා රණතුංග (අඹගමුව ම. ම. විදුහල) මීටර් 300 කඩුලු මතින් දිවීම තත්පර 45.47, තිරංගනා තන්තිරිමලේ (මලියදේව බාලිකා) උස පැනීම බාලිකා මීටර් 1.68, එල්. පී. ජී. ධනංජය (ජෝශප් වාස්) දුර පැනීම බාලක මීටර් 7.16 හා ඔමායා උදයංගනී (වැලිමඩ ම. ම. විදුහල) මීටර් 400 තත්පර 57.16 රිදී පදක්කම් දිනාගත් අතර ශ්‍රී ලංකාව දිනූ එකම ලෝකඩ පදක්කම හිමි කරගෙන තිබුණේ මාරිස්ටෙලා විදුහලේ රයන් වික්‍රමරත්න දුර පැනීම බාලක ඉසව්වේදී මීටර් 7.01ක දුරක් සටහන් කරමිනි.




















