ගෙවුනු දවස: නොවැම්බර් 10 – සිංහයෝ වැඩ පෙන්වයි

254
CRICKET-ZIM-SRI-TESTවේල්ස් කුමරMunchee National Volleyball Championship 2016 Super League Day 1

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 වොලිබෝල් – 

සුපර් ලීග් තරග වටයේ ප්‍රථම දිනය

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා සිලෝන් බිස්කට් සමාගම එක්ව 11 වන වරටත් සංවිධානය කරන “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සුපර් ලීග් අංශයේ තරග ඊයේ (10) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය. ප්‍රථම දිනයේ අවසානය සනිටුහන් වන විට පිරිමි අංශයේ මූලික තරඟවලින් ජයග්‍රහණ ලබා ගැනීමට යුධ හමුදා, ගුවන් හමුදා, වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩල යන ක්‍රීඩා සමාජ කණ්ඩායම් සමත් විය.

සුපර් ලීග් සහ ආධුනික, වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරඟාවලිය පැවැත්වෙන අතර කාන්තා සහ පිරිමි යන අංශ දෙකෙන්ම, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් කණ්ඩායම් 100ක් ආධුනික කාණ්ඩයෙන්ද, දිවයිනේ ප්‍රමුඛ වොලිබෝල් කණ්ඩායම් 16ක් සුපර් ලීග් කාණ්ඩයෙන්ද, තරඟාවලියේ ශූරතාවයන් සඳහා තරග කරනු ලබයි.

සම්පූර්ණ ලිපිය: නාවික හමුදාවට විදුලි බල මණ්ඩලයෙන් අභියෝගයක්


 ක්‍රිකට් – 

ගාල්ලේ මහින්දයට මොරටුවෙන් අභියෝගයක්

මේ දින වල අවසන් වෙමින් පවතින සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ, තවත් එක් තරඟයක් තර්ස්ටන් විද්‍යාලයට ජයග්‍රහණය හිමිකර දෙමින් අවසන් වූ අතර, තවත් තරඟයක් මහින්ද විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය අතර අද (10) ආරම්භ විය.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – 262/06 dec (63.5): නිමේෂ් ලක්ෂාන් 85, සවන ප්‍රභාශ් 76, චරණ නානායක්කාර 51*, මිතිල ගීත් 3/47

ද මැසොනොඩ් විද්‍යාලය දෙවන ඉණිම – 103/10 (35.3): ශසීන් දිනෙත් 49, අවිශ්ක ඉන්ද්‍රජිත් 25, නවීන් ගුණවර්ධන 6/43, සවන ප්‍රභාශ් 2/12.

ද මැසොනොඩ් විද්‍යාලය පළමු ඉණිම – 100/10 (35.5): සංගීත් දේශාන් 28, ඉරෝෂ් ද සිල්වා 26, ඉමේෂ් දුල්ෂාන් 4/07, නවීන් ගුණවර්ධන 4/26.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – 367/8 dec (59): විශ්ව චතුරංග 146, තිලාන් නිමේෂ් 61, දිලංක මදුරංග 48, අශේන් කණඩම්බි  2/33

මහින්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දින අවසන් වන විට) – 54/3 (36): සංජුල ශෙහාන් 25*

සම්පූර්ණ ලිපිය: තර්ස්ටන් ජයගනිද්දී මහින්දයට අභියෝගයක්


දෙවැනි ටෙස්ට් ජයත් ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයද ලකුණු 257කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස විශිෂ්ට අයුරින් නිමා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 504 (පන්දුවාර 144.4)‍: ධනංජය සිල්වා 127, අසේල ගුණරත්න 116, ඩොනල්ඩ් තිරිපානෝ 3/91, ග්‍රැහැම් ක්‍රීමර් 3/136.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 82.1): බ්‍රයන් චාරි 80, ක්‍රේග් අර්වයින් 64, රංගන හේරත් 5/89, දිල්රුවන් පෙරේරා 3/51.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 81.4): දිමුත් කරුණාරත්න 88, කුසල් පෙරේරා 62, ග්‍රැහැම් ක්‍රීමර් 4/91, කාල් මුම්බා 3/67.

සිම්බාබ්වේ (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 58): ක්‍රේග් අර්වයින් 72, ශෝන් විලියම්ස් 45, රංගන හේරත් 8/63.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා පිළ නොකඩවා ලබා ගත් පස්වන ටෙස්ට් ජයග්‍රහණය සමරයි

දිනයක නිමාව