සුගතදාසය දෙවනත් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මංගල දිනය

1464
97th Athletics Championship

97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය අද (16) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර තරගාවලිය ආරම්භයේ දී ම වසර 9ක වාර්තාවක් අලුත් කරන්නට මීටර 1500 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් නිමාලි ලියනාරච්චිට හැකි විය.

මේ පාර නැෂනල්ස් එන යන ක්‍රීඩකයෝ කවුද?

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩාවේ “ජාතිකාභිෂේකය” ලෙස සැලකෙන “ජාතික මලල ක්‍රීඩා ශූරතාව” මෙවර 97 වැනි වරටත් පැවැත්වීමට…..

මීටර 1500 කාන්තා තරගයේ දී නිමාලි ලියනාරච්චි විසින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර එහි දී  ඇය දැක්වූ දක්ෂතාව මිනිත්තු 04.15.86ක්. ජයග්‍රණයෙන් පසුව ThePapare.com වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ,

නිමාලි ලියනාරච්චි

“ඇත්තටම අවුරුදු නවයකට පස්සේ තමයි මම 1500 දිව්වේ, වාර්තාවක් තැබීම පිළිබඳව මගේ හිතේ අදහසක් තිබුණේ නෑ, මම අත්දැකීමක් ලබා ගන්න තමයි අද දිව්වේ. දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ලංකාවට පදක්කමක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා”

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ තුන්පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළ විදූෂා ලක්ෂානි මීටර 6.23ක දුරක් වාර්තා කරමින් දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මීටර 6.02ක දුරක් වාර්තා කළ අංජනී පුලවංස දෙවන ස්ථානය දිනා ගනිද්දී, තෙවැනි ස්ථානය හර්ෂනී ජයකාන්ත විසින් දිනා ගත්තේ මීටර 6.00 දක්ෂතාවයක් වාර්තා කරමින්.

මීටර 3000 බාධක දිවීමේ ඉසව්වට සහභාගි වූ නිලානි රත්නායක ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ මිනිත්තු 09.50.76ක දක්ෂතාවක් වාර්තා කරමින්. ජයග්‍රහණයෙන් පසු ඇය ThePapare.com වෙත පවසා සිටියේ ඇය මෙම තරගාවලිය සඳහා සහභාගී වූයේ අසනීප තත්වයක් ද සමඟින් බවය.

නිලානි රත්නායක

“මම හොඳට පුහුණුවීම් කරල තිබුණේ, නමුත් මම අසනීප තත්වයෙන් තමයි අද තරගයට සහභාගී වුනේ, ඒ නිසා මම හිතපු කාලය වාර්තා කරන්න පුළුවන් වුනේ නෑ “

මෙම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට ඩබ්. එම්. කුමාරිට හැකි වූ අතර ඇය වාර්තා කළ කාලය වන්නේ මිනිත්තු 11.00.12ක්. එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ඊ. ආර්. දුලක්ෂිට හැකි වූ අතර ඇය වාර්තා කළ කාලය මිනිත්තු 11.02.97ක්.

ජෝන් ටාබට් බස්නාහිර/ දකුණු පළමු අදියර නිමා වෙයි

2019 සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ බස්නාහිර හා දකුණු පළාත් තරග පසුගිය දා නිමාවට පත්විය.

මින් පෙර පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයන්ගේ කාන්තා උස පැනීමේ ඉසව්ව ඉතාමත් ප්‍රවේගකාරී ඉසව්වක් විය. නමුත් මෙවර එම තරග ඉසව්වේ එතරම් සටන්කාමි බවක් දක්නට නොලැබුණු අතර ශ්‍රී ලංකාවේ කාන්තා උස පැනීමේ ඉසව්වේ නිතරම අසන්නට ලැබෙන නමක් වන දුලංජලී රණසිංහ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ඇය එම ඉසව්වේ වාර්තා කළ උස ප්‍රමාණය මීටර 1.75ක්. 

එම ඉසව්වේ දෙවන ස්ථානය එම්. එම්. මදුශානිට හිමි වූ අතර ඇය වාර්තා කළ උස ප්‍රමාණය මීටර 1.69ක්. ඊ. එන්. පල්ලේගම මීටර 1.65ක් දක්ෂතාවයක් සමඟින් තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

>> ප්‍රථම දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තුන්පිම්ම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ග්‍රේෂන් ධනංජයට අද එතරම් සුබ දවසක් නොවූයේ එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මාතර වැලිගම ප්‍රදේශයෙන් පැමිණි යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩක සෆ්රින් අහමඩ් සමත් වීම නිසාවෙනි. ඔහු වාර්තා කළ දක්ෂතාව මීටර 16.33ක්. එම ජයග්‍රණයෙන් පසුව ඔහු ThePapare.com අප වෙත මෙසේ අදහස් දක්වා සිටියා.

“මම අද තරගයට හොඳ සූදානමකින් හිටියේ. මම පුද්ගලික දක්ෂතාවයට එන්න තමයි අද හිතන් හිටියේ. මම ඒක අද කරා, මගේ ලොකු උවමනාවක් තිබුණා දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවට යන්න, මම හිතනවා ඒකට මම තේරිලා ඇති කියල. මම හැමදාම හිතන් ඉන්නේ මගේ රටට මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියල, ඒ වෙනුවෙන් තමයි මම ක්‍රීඩාවට ආවේ.”

මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය ග්‍රේෂන් ධනංජයට හිමි වූ අතර ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 16.10ක්. තෙවැනි ස්ථානය මීටර 15.76ක දුරක් වාර්තා කළ ඩබ්. කේ. හපුආරච්චිට හිමි විය.   

කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ විනෝදනී ලක්මාලි සමත් විය. ඇය වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 44.90ක්. එම්. පී. පෙරේරා ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත් (මීටර 42.00), තෙවැනි ස්ථානය දිනා පූර්ණිමා පෙරේරාට (මීටර 36.94) හිමි විය.  

ඌව පළාත් මලල ක්‍රීඩා ශූරතාව වැලිමඩට

2019 ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය දා බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී තරගාවලියේ සමස්ත….

පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික යුද ක්‍රීඩක ජී. යූ. ජයවර්ධන විසින් දිනා ගත්තේ මීටර 50.59ක් දුරක් වාර්තා කරමින්. දෙවන ස්ථානය මීටර 43.90ක දුරක් වාර්තා කළ පී. ජේ. බංදුලට හිමි වෙද්දී තෙවැනි ස්ථානය එම්. එස්. නිරෝෂණ (මීටර 43.68) විසින් දිනා ගන්නා ලදි.

මීටර 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වේ තත්පර 14.16ක කාලයක් වාර්තා කළ රොෂාන් දම්මික එහි ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී පී. එච්. නිර්මාල් (තත්පර 14.53) සහ ඩී. ඩී. ආරියරත්න (තත්පර 14.68) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගන්නා ලදි.

>> පළමු දිනයේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් සඳහා පිවිසෙන්න <<

ලක්ෂිකා සුගන්ධි

කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය ලක්ෂිකා සුගන්ධි විසින් ජයග්‍රහණය කළේ තත්පර 13.59 කාලයක් වාර්තා කරමින්. ඇය මෙම ජයග්‍රහණයත් සමඟ තම පුද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය. ඉසව්වේ දෙවන ස්ථානය අයි. එස්. රාජසිංහ (තත්පර 13.90) විසින් ද, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ඩබ්. කේ. හපුආරච්චි (තත්පර 14.84) තෙවැනි ස්ථානය ද දිනා ගන්නා ලදි.

තරගාවලියේ දෙවැනි දිනය හෙට (17) පැවැත්වීමට නියමිත අතර තරගාවලිය දින 3ක් පුරාවට සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙම තරගාවලිය ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වඩාත් වැදගත් වන්නේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා සඳහා සහභාගී වන සංචිතය සඳහා වන අවසන් තේරීම් තරගය මෙය වීම නිසාවෙනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<