නාවික හමුදාවේ බණ්ඩාරගෙන් MASට ප්‍රහාරයක්

464

93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලියේ තෙවන දිනය ඊයේ (22) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී සාර්ථකව නිමාවට පත්විය. එහි දී කාන්තා සහ පිරිමි අංශවල අවසන් පූර්ව තරග පැවැත්වුණු අතර ඉතාමත් තියුණු ආකාරයෙන් ක්‍රීඩා කරන ලද තරග දැකගත හැකි විය. තරගාවලිය ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කර තිබුණි.

ඊයේ දිනයේ දී සියලු ප්‍රේක්ෂකයින්ට විශාල උත්තේජනයක් ලබා දීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජී. අයි. බණ්ඩාර සමත් විය. ඒ ඔහු නියෝජනය කළ පිරිමි, කි. ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය යටතේ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී ජයග්‍රහණය කරමිනි. බණ්ඩාර පළමු වට ද්විත්වයේම තම ප්‍රතිවාදියා වූ MAS Slimline ක්‍රීඩා සමාජයේ සී. අයි. පෙරේරා විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ දැඩි අපහසුතාවයකට පත්ව සිටියත් අවසාන වටයේ දී ක්‍රියාත්මක වූ බණ්ඩාර එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර පෙරේරාව අඩපණ කිරීමට සමත් විය. ඒ අනුව විනිසුරුවරයා විසින් තෙවන වටයේ දී තරගය නවත්වා බණ්ඩාර හට ජයග්‍රහණය පිරිනැමීය.

හිටපු බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රීඩාවේ උන්නතියට සහාය

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන 93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලියේ..

  • කාන්තා, කි. ග්‍රෑ. 51 ෆ්ලයි වෙයිට් බර පන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අයි. ටී. පෙරේරා සහ MAS Unichela ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඒ. කේ. නිල්මිණි අතර පැවති තරගයේ දෙවන වටයේ දී විනිසුරුවරයා විසින් තරගය නතර කර නිල්මිණි හට ජයග්‍රහණය පිරිනැමීය. ඒ අනුව කාන්තා, කි. ග්‍රෑ. 51 ෆ්ලයි වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නිල්මිණි සමත් විය.

  • කාන්තා, කි. ග්‍රෑ. 54 බැන්ටම් වෙයිට් බර පන්තිය

පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එස්. පී. රත්නායක සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ පී. එස්. කුරේ අතර පැවති තරගයේ තෙවන වටයේ දී විනිසුරුවරයා විසින් තරගය නවත්වා පී. එස්. කුරේ හට ජයග්‍රහණය පිරිනමන ලදි. එම ජයග්‍රහණයත් සමඟ පී. එස්. කුරේ විසින් කාන්තා, කි. ග්‍රෑ. 54 බැන්ටම් වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ වරම් හිමිකර ගන්නා ලදි.

  • කාන්තා, කි. ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බර පන්තිය

පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ කේ. එන්. සඳරුවනි සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ටී. එස්. ඉමන්දි අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගෙන ජයග්‍රහණය කිරීමට ඉමන්දි සමත් විය. ඒ අනුව කාන්තා, කි. ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයේ තරග වැදීමට ඉමන්දි හට අවස්ථාව හිමි විය.

  • කාන්තා, කි. ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බර පන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඒ. කේ. තිවංකා සහ MAS Unichela ක්‍රීඩා සමාජය නියෝජනය කළ එම්. පී. අතපත්තු අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් අතපත්තු හට ජයග්‍රහණය හිමි විය. ඒ අනුව එම්. පී. අතපත්තු ක්‍රීඩිකාව කාන්තා, කි. ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බර පන්තිය නියෝජනය කරමින් අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

පළමු දිනයේ දී ම නාවික හමුදාවෙන් දැඩි ප්‍රහාර

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන “93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය…

  • කාන්තා, කි. ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බර පන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ පී. කේ. සුමුදු සහ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එස්. එම්. බණ්ඩාර අතර පැවති තරගයෙන් සුමුදු හට ජයග්‍රහණය හිමි වූයේ ප්‍රතිවාදී පුහුණුකරු විසින් පළමු වටයේදීම තරගය නවත්වන ලෙස කරන ලද ඉල්ලීම හේතුවෙනි. එම නිසා පී. කේ. සුමුදු හට කාන්තා, කි. ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බර පන්තිය නියෝජනය කරමින් අවසන් මහා තරගයට සහභාගී වීමේ වරම් හිමි විය.

  • කාන්තා, කි. ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බර පන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ආර්. එස්. දිලිනි සහ MAS Unichela ක්‍රීඩා සමාජය නියෝජනය කළ එස්. එස්. චන්ද්‍රසේකර අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් චන්ද්‍රසේකර හට ජයග්‍රහණය හිමි විය. ඒ අනුව කාන්තා, කි. ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බර පන්තිය නියෝජනය කරමින් අවසන් මහා තරගයට සහභාගී වීමේ වරම් හිමිකර ගැනීමට චන්ද්‍රසේකර සමත් විය.

  • පිරිමි, කි. ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය

MAS Slimline ක්‍රීඩා සමාජය නියෝජනය කළ සී. අයි. පෙරේරා සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජී. අයි. බණ්ඩාර අතර පැවති තියුණු තරගයේ තෙවන වටයේ දී තරගය නතර කර බණ්ඩාර හට ජයග්‍රහණය පිරිනැමීය. ඒ අනුව පිරිමි, කි. ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට සහභාගී වීමේ වරම් බණ්ඩාර හට හිමි විය.

පේරාදෙණිය බොක්සිං සමාජය නියෝජනය කළ එච්. එන්. ජිනදාස සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජී. එස්. නුවන් අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට 4-1ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් නුවන් සමත් විය. ඒ අනුව නුවන් හට  පිරිමි, කි. ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට සහභාගී වීමේ වරම් හිමි විය.

  • පිරිමි, කි. ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බර පන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ආර්. එස්. බණ්ඩාර සහ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ වී. එල්. එරන්ද අතර පැවති තරගයෙන් 3-2ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගෙන ජයග්‍රහණය කිරීමට බණ්ඩාර සමත් විය. ඒ අනුව බණ්ඩාර පිරිමි, කි. ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩී. ආර්. සංජීව සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජී. ඊ. මදුශාන් අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමට 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් මදුශාන් සමත් විය. ඒ අනුව පිරිමි, කි. ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට සහභාගී වීමේ වරම් මදුශාන්ට හිමි විය.

ප්‍රවීණයන්ගේ දඩබිම – 93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන “93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය..

  • පිරිමි, කි. ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බර පන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ආර්. ටී. වීරක්කොඩි සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ පී. එස්. කුමාර අතර පැවති තරගයෙන් 3-2ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් කුමාර හට ජයග්‍රහණය හිමිවිය. ඒ අනුව කුමාර පිරිමි, කි. ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඒ. ආර්. ප්‍රසන්න සහ MAS Slimline ක්‍රීඩා සමාජය නියෝජනය කළ එන්. කේ. අමරවංශ අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමට 4-1ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් අමරවංශ සමත් විය. ඒ අනුව පිරිමි, කි. ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට අමරවංශ හට වරම් හිමි විය.

  • පිරිමි, කි. ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බර පන්තිය

MAS Slimline ක්‍රීඩා සමාජය නියෝජනය කළ එස්. බී. ජයම්පති සහ Hela Clothing ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඒ. කේ. මදුරංග අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් ජයම්පති හට ජයග්‍රහණය හිමි විය. ඒ අනුව ජයම්පති හට පිරිමි, කි. ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට සහභාගී වීමට වරම් හිමි විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ එම්. ඩී. දනුෂ්ක සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජේ. ඩබ්. කුමාර අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමට 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් කුමාර සමත් විය. ඒ අනුව පිරිමි, කි. ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බර පන්තිය යටතේ අවසන් මහා තරගයට සහභාගී වීමේ වරම් කුමාර හට හිමිවිය.

ජාතික බොක්සිං ශූරතා තරගාවලියේ අවසාන මහා තරග අද දිනයේ දී පැවැත්වීමට නියමිත අතර එහි පුවත් ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානමින් සිටී.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<