පළමු දිනයේ දී ම නාවික හමුදාවෙන් දැඩි ප්‍රහාර

295

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන “93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය” ඊයේ (20) දිනයේ දී ආරම්භ විය. ඊයේ දිනයේ දී පිරිමි අංශයේ තරග පමණක් පැවැත්වුණු අතර එහි දී වැඩි ජයග්‍රහණ සමඟ පෙරමුණ ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සමත් විය. තරගාවලිය ලබන 23 වැනිදා දක්වා කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ.

ප්‍රවීණයන්ගේ දඩබිම – 93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන “93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය” හෙට (20) ප. ව. 3.00ට කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්…

පිරිමි, කි. ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ජී. අයි. බණ්ඩාර සහ Hela Clothing ක්‍රීඩා සමාජයේ ටී. එස්. රණසිංහ අතර පැවති තරගය 3-2ක් ලෙස ජූරි බහුතරය සමඟ ජයග්‍රහණය කිරීමට බණ්ඩාර සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ එම්. එන්. ජීවන්කුමාර සහ පේරාදෙණිය බොක්සිං සමාජය නියෝජනය කළ එච්. එන්. ජිනදාස අතර පැවති තරගය නිමා වූයේ 4-1ක් ලෙස ජූරි බහුතරයෙන් ජිනදාසට ජයග්‍රහණය හිමිකර දෙමිනි.

පිරිමි, කි. ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බර පන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. එස්. කුමාර සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඩී. එම්. ලක්ෂිත අතර පැවති තරගයේ දෙවන වටයේ දී විනිසුරුවරයා විසින් තරගය නවතා කුමාර හට ජයග්‍රහණය පිරිනැමීය.

Hela Clothing ක්‍රීඩා සමාජය නියෝජනය කළ ආර්. අයි. වර්ණසූරිය සහ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඒ. ආර්. ප්‍රසන්න අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් ප්‍රසන්නට ජයග්‍රහණය හිමි විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. එස්. පතිරත්න සහ MAS Slimline ක්‍රීඩා සමාජයේ එන්. කේ. අමරවංශ අතර පැවති තරගය 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගෙන ජයග්‍රහණය කිරීමට අමරවංශ සමත් විය.

අනූෂා තවත් දඩයමකට සැරසෙයි

ජාත්‍යන්තර බොක්සිං සංගමය සංවිධානය කරන ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලියේ තරග කිරීමට ශ්‍රී ලංකා කාන්තා බොක්සිං ශූරිය වන අනූෂා කොඩිතුවක්කු පසුගිය 13 වැනිදා…

පිරිමි, කි. ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කළ එච්. ඩී. හෙට්ටිආරච්චි සහ Hela Clothing ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඒ. කේ. මදුරංග අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් මදුරංගට ජයග්‍රහණය හිමි විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ඩී. දනුෂ්ක සහ පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. එන්. කුමාර අතර පැවති තරගය 4-1ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගෙන ජයග්‍රහණය කිරීමට දනුෂ්ක සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ කේ. ආර්. දේවප්‍රිය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජේ. ඩබ්. කුමාර අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් කුමාරට ජයග්‍රහණය හිමි විය.

පිරිමි, කි. ග්‍රෑ. 64 ලයිට්වෙල්ටර් වෙයිට් බරපන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ එන්. එච්. තිලකරත්න සහ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩී. ඩී. වීරසිංහ අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට 3-2ක ජූරි බහුතරය හිමිකර ගත් වීරසිංහ සමත් විය.

පේරාදෙණිය බොක්සිං සමාජයේ වයි. කිරිදරන් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. සී. උදයකුමාර අතර පැවති තරගයෙන් උදයකුමාරට ජයග්‍රහණය හිමි වූයේ ප්‍රතිවාදී පුහුණුකරු විසින් තරගය නවත්වන ලෙස කරන ලද ඉල්ලීම හේතුවෙනි.

මේවෙදර් ගහගන්න වගේම පොරකන්නත් සූදානම්

අපරාජිත වෘත්තීය බොක්සිං ශූර ෆ්ලොයිඩ් මේවෙදර් පසුගිය වසරේ පැවති මේවෙදර් – මැක්ග්‍රෙගර් බොක්සිං සටනෙන් පසුව තමන් බොක්සිං වළල්ලෙන් සමුගන්නා බව පවසා සිටියත්, මේ වන විට…

පිරිමි, කි. ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජී. එස්. කුමාරසිංහ සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ වයි. එම්. දිල්ෂාන් අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් කුමාරසිංහ සමත් විය.

පිරිමි, කි. ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ වී. නිකලස් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. ආර්. කුමාර අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමට 4-1ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් කුමාර සමත් විය.

පිරිමි, කි. ග්‍රෑ. 91 හෙවි වෙයිට් බරපන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ එන්. එස්. සම්පත් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩබ්. එල්. සඳුන් අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජූරි බහුතරය හිමිකර ගත් සඳුන්ට ජයග්‍රහණය හිමි විය.

තරගාවලියේ දෙවන දිනය වන අද (21) දිනයේ දී පිරිමි හා කාන්තා අංශවල තරග පැවැත්වීමට නියමිත අතර එහි සියලුම තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<